අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ගොස් එහි විශේෂ නිරීක්ෂණයක යෙදුණේය.
කොටුව අධිකරණයේ පවතින අඩුපාඩු පිළිබඳ සොයා බැලීමත් ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමත් මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.
රටේ ප‍්‍රධාන ආර්ථික මර්මස්ථාන රැසකට අයත් බල ප‍්‍රදේශයට පිහිටි කොටුව අධිකරණයේ භෞතික අඩුපාඩු රැසක් පවතින බව තමන් හොඳින්ම දන්නා බවත්, ඒවාට ඉතා ඉක්මනින් විසඳුම් ලබාදීමට තමන් පොරොන්දු වන බවත් නීතියේ පිහිට පතා පැමිණෙන ජනතාවට අවශ්‍ය සියලූ පහසුකම් නව තාක්ෂණය සමගින් මෙම අධිකරණයටත් ලබාදීමට තමන් කැප වන බවත් අගවිනිසුරුවරයා මෙහිදී කීහ.
කොටුව මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතාගේ ආරාධනය පරිදි අධිකරණ සේවා කොමිසමේ ලේකම් සිසිර රත්නායක, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සත්‍යා හෙට්ටිගේ, මහාධිකරණ විනිසුරු කුමුදුනී වික‍්‍රමසිංහ, කොළඹ අලූත්කඬේ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය ඇතුළු විනිසුරුවන්ද නීතිඥවරු රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයතන ප්‍රධානියෙක් තමන්ගේ ප්‍රාදේශීය කාර්යාල වලට යෑම සාමාන්‍යයෙන් කළ යුතු දෙයක්. (නි)
නඩු ගොඩ ගැසෙමින්, දීර්ඝ කාලයක් තිස්සේ පාර්ශ්වකරුවන් වෙහෙසට පත්කරමින්, ඔවුන්ගේ සේසතම නැතිවනතෙක් නඩු කීමට සළස්වන වර්තමාන ක්‍රියා පටිපාටිය වෙනස් කරන්න අග විනිසුරුතුමා ලොකු උත්සාහයක් ගන්න බව දකින්නත් ඉතාම සතුටුයි. දික්කසාද හා භාරකාරත්ව නඩු ඉක්මන් කිරීමට දැනටමත් පියවර රැගෙන තිබෙන බව අපි දැක්කා. පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙමින් යන ඉඩම් නඩු එක පරම්පරාවකින්වත් අවසන් කරදෙන්න ඔබතුමාට හැකිවේවා! ඒ වගේම සාක්කිකාරයෝ මැරෙනතුරු ඇදෙමින් යන අපරාධ නඩුත් අවුරුදු දෙකක්වත් ඇතුළත අවසානයක් කරන්න හැකිනම් ඒකම ප්‍රමාණවත් වෙයි නීතිය ගැන මහජන විශ්වාසය තහවුරු වෙන්න. ඔබතුමාගේ උත්සාහයන් සියල්ලම සාර්ථක වේවා! (නි)
ඔබතුමාගෙන් ඉතා කාරුණිකව අයැද සිටින්නේ හැකිනම් වයස අවු. 70 ඉක්මවූවන්ගේ සිවිල් නඩු පමණක්වත් ඉක්මනින් අසා අවසන් කිරීම පිණිස ක්‍රමවේදයක් අප රටට හඳුන්වා දෙන ලෙසයි. මක්නිසාද යත්, එසේ නොවුණහොත් ඔවුන්ට මෙම ජීවිත කාලය තුලදී සාධාරණයක් ඉටු කරවා ගැනීමට නොහැකි වන බැවිනි. (නි)
ඔබතුමා ඇවිත් ගියාට පස්සේ වැදගත් නඩු ෆයිල් ගිනි ගනීද දන්නේ නැහැ. (ස)
වැඩ ටික හොදට කරනවද බලන්න වෙන්න ඇති (නි)