
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සිය අගමැති කාර්යාලයේ විවිධ වියදම් කපා හැරීමෙන් රුපියල් තිස් දෙකෝටි නවලක්ෂයක පමණක් මුදලක් රජයට ඉතිරි කරදී ඇතැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවසීය.
අගමැතිවරියගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට 65 දෙනකු බඳවා ගත හැකි වුවත් ඇය සත්‍ය වශයෙන්ම යොදාගෙන ඇත්තේ හත් දෙනකු පමණක් බවත් මාධ්‍ය අංශයට හතළිස් හත් දෙනෙකු අනුමත වුවත් ඇය යොදාගෙන ඇත්තේ දස දෙනකු පමණක් බවත් ඔහු කීවේය.
නානායක්කාර මහතා මෙසේ පැවසුවේ ජනාධිපති, අගමැති, උපරිමාධිකරණ වල විනිශ්චකාරවරුන් පාර්ලිමේන්තුව ඇතුළු ආයතන සහ පුද්ගලයන් සම්බන්ධ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් එයා ඒ කාළේ කොටුවේ ස්ටේෂන් එකේ උද්ඝෝෂණය කරලා ඉල්ලපු අධ්‍යාපනයට 6% අයවැයෙන් දුන්නේ නැත්තේ මොකෝ? තඹුත්තේගම ස්ටේෂන් එකට නම් මිලියන් 100 ඔක්කොම බොරුකාරයෝ.
කොපමණ ඉතිරි කලා යයි කීවත් මහජන අපේක්‍ෂාවන් භංගත්වයට පත්වෙමින් තිබෙන්නේ. බොහොම කණගාටුදායකයි.
මේ අයවැයෙන් තමයි වැඩිම මුදලක් අධ්‍යාපනයට ලංකා ඉතිහාසයේ වෙන්කරපු අයවැය ලේඛනය හොඳට කියවාගන්න බලන්න. දේශපාලන පක්‍ෂයකට කඩේ යන්න ඉස්සර හොඳ ශ්‍රී ලාංකිකයෙකු වන්නට බලන්න...!
හිටපු දූෂිත නායකයින්ගේ වන්චා, දූෂණ, නාස්තිය ගැන නම් කියලා වැඩක් නැහැ. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා, ලන්කාව බන්කොලොත් කරපු එකයි කෙරුවේ...
එක් පුද්ගලයෙකුට රුපියල් 16 යි...
මේ ඇමතියෝ ආණ්ඩුව සුද්ද කරන්න උත්සාහ දරනවා විනා වැඩක් කරනවා කියල පේන්න නැහැ, එකත් හොඳයි, මුන් වැඩ බැරි නිසා වැඩක් කරන්න ගිහින් අනාගන්නවට වැඩිය ඔහොම ඉන්න එකත් හොඳයි. නැත්නම් මේ තව පච වුනොත් ආපහු පෝලිම්වල තපින්න තමයි වෙන්නේ.
කරෝලිස්, රට කාපු එවුන්ගේ කටු දන්කුඩ කකා ජීවත්වන එකෙක්.
සෞඛ්‍යට බිලියන 604, අධ්‍යාපනයට බිලියන 619. (විශ්වවිද්‍යාල අධ්‍යාපනයට බිලියන 135, පාසල් අධ්‍යාපනයට 456) 6.9% ලංකාවේ අඩු අධ්‍යාපනය ලබපු අයට අනුව 6>6.9%