රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා, අනුර යාපා ප්‍රියදර්ශන, සුසිල් ප්‍රේමජයන්ත් හා ගයන්ත කරුණාතිලක යන ඇමැතිවරුන් සමග සීතාවක ප්‍රාදේශීය සභා කාර්යාලයට අද (6) පැමිණ ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු පිරිස හමුවී කොස්ගම කඳවුරේ ආපදාවෙන් විපතට පත් අය ගැන ගතයුතු ක්‍රියාමාර්ග ගැන උපදෙස් දුන්නේය.
‘මේ වේලාවේ ඉදන් පැය 48 ත් 96 ත් අතර කාලයක් ඇතුළත මිනිසුන් යළි හිටි තැන්වලට ගෙන්වනවා. කිලෝමීටරයක සීමාව තවම අනාරක්ෂිතයි‘ ඉන් එහා ආරක්ෂිත බවත් යුද හමුදා මේජර් ජනරාල් චන්න ගුණතිලක මහතා පැවසීය.
වැඩබලන පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ මහතා ද එහි ගොස් සිටියි.
කොස්ගම හමුදා කඳවුරේ අවි ගබඩාවේ පිපිරිම හේතුවෙන් ඉරිදා (05) රාත්‍රීයේ අවට පවුල් 1763 ක් ඉවත් කළ බව ආපදා කළමනාකරණ ඇමැති අනුර යාපා කීවේය. කර්මාන්තශාලා, වාහන, නිවාස 75 ක් පමණ හානි වී ඇතැයි යුද හමුදා මේජර් චන්න ගුණතිලක මහතා සඳහන් කළේය. මෙයින් නිවාස 50 ක් සම්පුරණ හානි බව වාර්තා වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ සාකච්ජා කළ බව කීවේය.
‘නිවාස සාදන වැඩ ආරම්භ කරනවා. පුර්ණ හානි සිදු වු නිවාස කෙරෙහි දැඩි අවධානය යොමු කරනවා. නීතිය හා සාමය ආරක්ෂා කරන එකයි දැන් වැදගත් වෙන්නේ. දැනට අවශ්‍ය වතුර බෝතල් හා කෑම පාර්සල් ජනතාවට ලබාදෙන්න කටයුතු කරනවා. බවුසර් මගින් වතුර ලබාදෙනවා. හමුදාවට සල්ලි දීලා නිවාස හදන්න පුළුවන්ද කියලා හොයලා බලනවා. අනාරක්ෂිත ග්‍රාමසේවා වසම් නවයක් හැර ඉතිරි පාසල් අඟහරුවාදා (07) ආරම්භ කරනවා.’ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ඡායාරූප - අගමැති මාධ්‍ය අංශය
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
අගමැතිගෙන් ප්‍රා ලේකම්ට උපදෙස්
දසුන් Monday, 06 June 2016 09:11 AM
ඔබතුමා විශේෂ කතාවක් කරන්නේ නැද්ද? (නි)
චන්දා Monday, 06 June 2016 09:23 AM
සිංහලයෙක් වී ඉපදීම ගැන මම දැන් දුක්වෙමි (නි)
කල්ප Monday, 06 June 2016 09:45 AM
පව් අසරණ ජනතාව තමයි දුක් විදින්නේ... (ර)
සමන්ති Monday, 06 June 2016 02:16 PM
අර දියවන්නාවේ ඉන්න ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී තුමාගේ ගෙට හානියක් නම් ඉක්මනට හදලා වන්දි ගෙවන්න (බ)