(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රටේ ආර්ථිකය ගොඩනැංවීමට එකතු වන්නැයි තමා තරුණ තරුණියන්ට ආරාධනයක් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.
කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කිරීම සඳහා රජය ඇප කැපවී සිටින බව පැවසු අගමැතිවරයා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රජය නිසි වෙලාවට නිසි ආකාරයට තීන්දු ගත් බව සියලු දෙනාට මතක් කර සිටින්නේ යැයිද ප්‍රකාශ කළේය.
අගමැතිවරයා මෙසේ පැවසුවේ ජනාධිපති, අගමැති කාර්යාලය ඇතුළු ආයතන 25ක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභාවේ අවස්ථාවේ විවාදයේ පළමු කතාව පවත්වමිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරගෙන යන බවත් එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පැවැසීය.
ඒ සම්බන්ධයෙන් රහසිගතව කිසිම කටයුත්තක් නොකරන බවද ඔහු කීවේය.
කොවිඩ් වසංගතය නිසා රටේ ව්‍යාපාර රැසක් කඩා වැටී ඇති බවත් රජයේ මේ අවස්ථාවේදී ආර්ථිකය ගොඩ නැගීමට උපරිම උත්සහ දරන බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.
මුදල් අමැතිවරයා කෙටිකාලීන සහ දිගුකාලීන ක්‍රමෝපායන් සහිත අයවැයක් ඉදිරිපත් කළේ මේ අර්බුද ජය ගැනීමට බවද ඔහු කීවේය.
මේ රජය 2019 වර්ෂයේදී බාරගත්තේ කඩා වැටුණු ආර්ථිකයක් බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා එම කඩා වැටුණු ආර්ථිකය ඔසවා තැබීමට අවශ්‍ය කෙරෙන ශක්තිය මේ අයවැය යෝජනාවේ තිබෙන බවද සඳහන් කළේය.
විරුද්ධ පක්ෂයේ සාධනීය අදහස්වලට සවන් දීමට රජය සූදානම් බවත් රටේ අනාගතය වෙනුවෙන් සියලු දෙනා සාමූහිකව තීන්දු ගත යුතු බවත් ඔහු පැවසුවේය
ඒ වගකීම ඉටුකිරීමට මේ උත්තරීතර සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ට හැකියාව තිබෙන බවද අගමැතිවරයා පැවසීය.
විපක්ෂයේ සමහර විවේචන අසාධාරණ බව පැවසූ රාජපක්ෂ මහතා සාධාරණ විවේචන බාර ගැන වැරදි අඩුපාඩු නිවැරදි කර ගැනීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම අහසේ සිට රටේ ඉහලම ඇමතිකම් සහ බලතල වලට පාත් වුන ටික ඉවත් කර ගන්න,...එවිට තරුණ සමාජය ඒ ගැන සොයා බලයි...
ඔය ආරාධනාව කරන්න වෙන්නේ පාස්පෝර්ට් කන්තෝරුව ඉස්සරහට ගිහින් තමයි.මොකද රටේ තරුණ පරපුර අද ඉන්නේ එතන.අනිත් එක දැන් වත් ඔය බොරු බයිලා නවත්වන්න.රටේ ආර්ථිකය කඩා වැටිලා තිබුනේ නැහැ ,කඩා වට්ටුවා .සීයට දහයේ මොළ හතෙන් .කරන්න පුළුවන් උපරිම මට්ටමට රටේ මුදල් මංකොල්ල කාලා දැන් සුරංගනා කතා කියන්න එපා.යන තැනකට කර ගන්න හදන දේවලුත් අවලංගු මුසාවාදා වේරමනී සික්කා පදය කඩන එකෙන්
තරුණ තරුණියෝ ටික පාස්පෝර්ට් පෝලිමේ
රට අගාදයට ගියේ ඔය 225 ම ඉන්න එවුන් හොරා කාපු නිසා .බැඳුම් කරේ රාජසන්තක කළා වගේම .පැන්ඩෝරා පේපර්ස් ,සුනාමි සල්ලි ,සීනි සල්ලි ,ඉඩම් මංකොල්ල කාපුවාත් රාජසන්තක කරලා මහා භාණ්ඩාගාරයට භාර කරන්නකෝ . තව අර 225 වරප්‍රසාද අවලංගු කරන්නකෝ .තෙල් ,ටෙලිපෝන් ,පාර්ලිමෙන්ථ්වුඑ කෑම බීම ,වාහාන පර්මිට් ,අන්න එතකොට ඔබ තුමාට තරුණ තරුණියන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න වෙන එකක් නෑ
මුළු රටේම ඉන්න තරුණ තරුණියන් එකතු වෙලා ගොඩ නගාගන්න හදන ආර්ථිකය විනාශ කරන්න ඔය තුන් හතර දෙනෙක් ඉන්නේ .ඔය තුන් හතරදෙනයි උන්ගේ හෙන්චයියලා ටිකයි එකතු උනාම ලෝකෙම විනාශ කරයි
කන්න නැති දුප්පත් ගොවියන්ට ගෙනාපු නැනෝ නයිට්‍රජන් වලින් රාජපක්ෂ රාජ්‍ය ඇමති කෝටි ගණන් ගසා කාලා.රාජපක්ෂ පවුලේ හොරකමවත් නවත්වන්න බලන්නකෝ
කට ඇරියොත් පට්ටපල් බොරු. කෝවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කිරීම සඳහා රජය ඇප කැපවී සිටිනවලු, සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රජය නිසි වෙලාවට නිසි ආකාරයට තීන්දු ගත්තලු. සෞඛ්‍ය අංශය ඇතුළු බලධාරීන් කිහිප අවස්ථාවලදී ජනාධිපතිට යෝජනා කළත්, ඒ ඉල්ලීම් සේරම ප්‍රතික්ෂේප කළා. අවසානයේ මහානායක ස්වාමීන්වහන්සේලාගේ දැඩි ඉල්ලීම නිසා රට වහන්න වුණා මිස ආණ්ඩුව නිසි වෙලාවට ගත්තු තීරණයක් නැහැ. කියන්නේ බොරු...
ඔය ගොන් කතා අහන අය මෙහෙ නෑනේ.. ඒ අය ඉන්නේ චීනේ...
පැන්ෂන් යන වයස 65ට දාලා මේ මොනවද දොඩවන්නේ...?
මොනවා ගොඩනගන්නද? මිනිස්සුන්ට කන්නවත් නැහැ. ඒ වුණාට කිසිදාක රැකියාවක් නොකළ රෝහිත, දහම් මාලිගාවල ජීවත්වෙනවා.
ඇයි ඔහෙලගේ පවුලට තව ටිකක් හම්බකරලා දෙන්නද කියන්නේ...? මෙහේ ඉඳලා උන්වත් කාලකන්නි කරන්නද ඕනේ...?
රටේ ආර්ථිකය ඉහළ නංවන්න දායකත්වය දෙන්න ඕන රටේ තරුණ පරපුර නෙවෙයි. ඔහේ ළඟම ඉන්න දූෂිතයන් ගෙදර යවන්න. ඒක තමයි හොඳම දායකත්වය...
ඔහේලගේ පුත්‍තුන්ට, ලේලිලාට මුනුපුරාලාට කඹුරන්ඩද තරුණ තරුණියන් හොයන්නේ...?
හොර පෙරකදෝරුවාගේ නිල් බලකායට මොකද වුනේ..? අරලිය ගහ මන්දිරයේ දන්සැල් පාටි දාලා කලාකාරයින් ඇන්දුවා වගේ අලුත් වැඩක් කරන්න වගේ යන්නේ... තාරුණ්‍යයට හෙටක්. පුතාට මගක්...