ශ්‍රී ලංකාවේ යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් ගැන ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
අගමැතිවරයාගේ මෙම විශේෂ ප්‍රකාශය පස්වරු 2 ට සිදුකරනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි කියයි. නව අමාත්‍යවරුන් දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුව මුල්වරට රැස්වන්නේ අදය. මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් පැතිර ඇති අසත්‍ය වාර්තා පැහැදිලි කිරීම සඳහා අද දිනයේ මෙසේ විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් බව සඳුදා (21) පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය වී ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් අද විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවද දේශපාලන ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළිකාවකට කරන ප්‍රතිකාර වේදනාකාරී නමුත් නොමැත වෙන විකල්පයක් (ම)
දකුණු ආසියාවේ සිටින බුද්ධිමත් රාජ්‍ය නායකයා වූ ඔබ ගැන අපේ අචල විස්වාසය .ඔබට තෙරුවන් සරණයි. (අ)
මොන කැපවීමක් හෝ කරලා අපේ රණවිරුවන් රට ත්‍රස්තවාදයෙන් බේරාගත්තේ අනාගත පරපුර වෙනුවෙන්. එම ප්‍රයත්නයේදී වැරදි ඇතිවීම වැළක්විය නොහැකියි. නමුත් ඔවුන්ව බේරාගැනීම මේ රටේ දැන් සහ මතුවට පත් වන නායකයිගේත් වගකීමයි. (ම)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටට වාසනාවක් එතුමා ඉදිරිය දකිමින් රට හරිමගට ගන්න හදන මේ මොතේ අපි ඉවසීමෙන් අවබෝදයෙන් වැඩකරමු. මේ පැටලිලා ඇති නුල් බොලේ ඉතා යහපත් ලෙස නිරා කරණය කරගන්න ශක්තිය ලැබේවා. (අ)