රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකා කර්තෘ සංසදයට මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් කිහිප දෙනකු අවිචාරවත් ලෙස විවේචනයට ලක්කලැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් අප්‍රසාදය පළ කරයි. මාධ්‍ය ආයතන සම්බන්ධ යම් ගැටළුවක් ඇත්නම් ඊට ප්‍රතිකර්ම යොදා ගැනීමේ ක්‍රමයක් ඇතැයි ද අගමැති එයින් බැහැරවීම කණගාටුවට කරුණක් යැයි ද එම නිවේදනයේ දැක්වේ. හෝමාගම හා ඇඹිලිපිටි සිද්ධි මත මාධ්‍යවේදීන් නිර්දය විවේචනයට ලක්කිරීම අගමැතිවරයකුට තරම් නොවන බවත් පුවත්පත්වල කතුවැකි සඳහා තෝරාගත යුත්තේ කුමන මාතෘකා දැයි කිසිවකුටත් බලපෑම් කළ නොහැකි බව ද මෙම නිවේදනය කියයි. මේ අතර වලව මාධ්‍යවේදී සංවිධානය ද අගමැතිගේ ප්‍රකාශය අප්‍රසාදයට ලක්කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ සිහල විකෘති කරලා යහ පාලනයේ මග පෙන්වෙමද (කෞ)
අගමැතිගේ ප්‍රකාශය හෙලා දැකපු සියලු සංවිධානවලට ජනතාවගේ දැඩි අප්‍රසාදය.(කෞ)
අන්තිමේදී නිදහස් මාධ්‍යයටත් රනිල් එපා වෙයි..(බ)
අද උදේ නිව්ස් එකේ මහත්තයයි නෝනයි හවස් වෙනකොට නෝනා විතරයි (බ)
ඔය අගමැති විදියට, ජනාධිපති හෙම වුනානම්? (බ)
ඇත්ත කියන්න බිය විය යුතු නැත. තමන් අත වැරදි ඇති මිනිහා කපටි කමින් සියල්ලට හොඳ මූණ පෙන්වයි. තමන් නිවැරදි මිනිහා කෙලින් කතා කරයි. (ම)
හැම අතින්ම අපි සංවර්ධනය වෙලා සහ අනිත් සියලුම ප්‍රශ්න විසදගෙන ඉවරයි. ඔය පොඩි පොඩි දේවල් පාර්ලිමේන්තුවේ කතා කලාම මොකද වෙන්නේ. (හේ)
විවේචනය කරන්න පුළුවන්.(හේ)
අපගේ නම් සම්පුර්ණ අප්‍රසාදය මාධ්‍ය වෙතටයි. (හේ)
සුළු ජාතින් කියන වසංගතය ආරූඩ වුනාම ඕවා කියන එක පුදුමයක් නෙමේ! (බ)
දේදුනු විප්ලවයේ ප්‍රතිපල තමා මේ! (බ)
බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැහැලු (බ)
පුදුම වෙන්න එපා..ඒ කාලේ නිසි බලධාරියා මතකනේ,,රිචඩ් ද සොයිසා, යුනුස් , අමතකද? දෙගොල්ලොම එකයි! (බ)
අගමැතිතුමාගේ කතාව හරි එතුමා කිව්වේ ජාතිබේද උස්සන කතා කියන්න එපා කියල කෙසේ වෙතත් දෙරණ රුපවාහිනියේ උදේ පත්තරේ නෙවි එයාල කියවන්නේ එයාලට ඕන දේ සමහරවිට වෛරය වුනත් ඇති වෙනවා එයාලගේ කතාව අහලම බලන්න (බ)
දැන් සමහර මාධ්‍ය ආයතන හැසිරෙන්නේ කිසිම වගකීමක් නැතුව තමා, අගමැතිතුමාගේ කතාව මමත් ඇහුව එ්ක කියපු එක ගොඩක් හොඳයි මොකද ඉස්සර මාධ්‍යට මාධ්‍යවේදීන්ට හොද ගුණධර්ම තිබුන නමුත් දැන් රටේ නායකයන් සහ අනිකුත් වැදගත් අයව ඉතාම පහත් අන්දමට අපහාසයට උපහාසයට ලක්කරනවා ඒවා මාධ්‍යතුලින් ගෙනඑන්න හොද නැහැ එහෙම වුණාම රටේ බාල පරපුර නායකයන්ට දෙමපියන්ට ගරු කරන්නේ නැහැ එහෙම සමාජයක් අපට ඕනේ නැහැ. (බ)
මාද්‍යවේදීන් තමන්ගේ තරම, අයිතිවාසිකම් , සහ රාජකාරිය දැනගෙන කටයුතු කළ යුතුයි. (ම)