(සුජිත් හේවාජුලිගේ )
දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර එම තනතුර මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් ලබාදීමේ කිසියම් සැලසුමක් ක්‍රියාත්මක වන බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
ආණ්ඩු පක්ෂයේ මිත්‍රයින් ඒ සඳහා සහාය ඉල්ලා සිටි බවද ඔහු කීවේය.
ජයසුමන මහතා මෙසේද සඳහන් කළේය.
අගමැති ධූරය වෙනස් කරන්න වැඩපිළිවෙළක් යනවා කියලා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අපේ මිත්‍රයෝ කිව්වා. අපිටත් එහෙම යෝජනාවක් අරගෙන ආවා.
අපි හිතන්නේ නැහැ හිසේ අමාරුවට කොට්ටෙ මාරු කරලා හරියයි කියලා. ආණ්ඩුව ගෙදර යන එක තමයි මේ වෙලාවේ කරන්න ඕනේ. අගමැති ධුරය වෙනස් කරලා රටේ තියෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න බැහැ.
මේ උත්සාහයට අපි සහාය දෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් දේශපාලනයෙන් විශ්‍රාම ගිහින් විවේක සුවයෙන් ගෙදර ඉන්න ඕනේ. එතුමා රට වෙනුවෙන් කරපු යමක් තිබේ නම් ඒ කීර්ති නාමය ආරක්ෂා කරගන්න ඒක හේතුවක් වේවි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට කීර්ති නාමයක් තිබුණොත්නේ ඒක ආරක්ෂා කරන්න ඕනේ...
අප්පොච්චා මැරුණාට පස්සෙත් ඔය අගමැති පුටුවට එයි, එතරම් ඕනෑකමක් තියෙන්නේ...
මොකෝ පර්සිට කීර්ති කියලා නමකුත් තියෙනවද? එහෙනම් ඒකත් හොරෙන් ගත්තු එකක් වෙන්න ඇති...!
මේ සාපය කවදා ඉවර වෙයිද?
රටම විනාශ කරලා ජනතාව මහපාරට ඇදලාදාපු බලලෝභියා පෙන්වපු ආසියාවේ ආශ්චර්යය මදි වෙලාද..? නැත්නම් අමු කැවිලාද? හරි නම් ඉන්න ඕනේ හිරේ...
ඔයත් අනුරාධපුරයේ නේද? ඥාණා අක්කාගෙන් පේනයක්වත් බැලුවද?
අවංකවම කිව්වොත් මහින්දට ඇති කිර්ති නාමයක් නැහැ...!!! ඔහු වටා ඉන්න අම්බ්‍රෂ්ටයෝ නම් හිතන්නේ මහා ලොකුවට තමයි. මේ ඔහුට හිමි 'අපකිර්ති නාමයට' ඔහු උරුමකම් කීව ආකාරයයි... මුල්කිරිගල ඡන්දයකදී 3 දෙනෙක් මරාදැමීම... සුනාමි ආධාර මුදල් සොරකම් කිරීම. ලොකු පුත්‍රයාව පෙරකදෝරු විභාගයෙන් පාස් කිරීමට නීති විද්‍යාලයේ එවකට ප්‍රින්සිපල් සමග කුමන්ත්‍රණය කිරීම. අනාගතයේදී තමන්ට ප්‍රබල අභියෝගයක් විය හැකි නැගී එන තම පක්ෂයේම දේශපාලකයින්ව මරා දමා ඒ මිනීමැරුම් කොටි සංවිධානයට බැර කිරීම. ඥාති සංග්‍රහය, නූගතුන්ට බලය පැවරීම, ප්‍රභාකරන්ට රුපියල් මිලියන 600ක අල්ලසක් දී උතුරේ ඡන්දය නැවැත්වීම. 6. මාවිල් ආරු සොරොව්ව වැසීමෙන් පසු (මේ සොරොව්ව වැසුවේ කොටින්ද, හමුදාවද යන්න තවමත් ප්‍රශ්නයකි. නමුත් එය කලේ කවුද? යන්න මහින්ද හොඳින්ම දනී) සටන ඉදිරියට කරගෙන යාමට අකමැතිවීම. (ඒ වෙනකොට හමුදාව සිටියේ' පොයින්ට් ඔෆ් නෝරිටර්න් ' යන අවස්ථාවේ. එ නිසා මහින්ද තම ස්ථාවරය හමුදාවට දන්වන්න බියවුණා. හමුදාව ජිවිත පරිත්‍යාගයෙන් සටන කරගෙනගොස් අවසානයේදී ප්‍රභාකරන්ව මරා දැමුවා. යුද්ධයේදී සිදුවුනේ එයයි) මේ ඔහුට හිමි අපකිර්ති වලින් ටිකක් පමණයි.
මෙයත් මහින්දගේ ගෝලයෙක්. ඔය ඉස්සේලා මුට්ටිය දමලා බලනවා.
පිස්සුද රාජපක්ෂලාට කොහේ තිබෙන කීර්ති නාමයක්ද? කීර්තිනාමයක් තිබෙන මිනිස්සු අර ගෝඨා මහන්ද කළා වගේ පස්සා දොරොන් පැනලා යනවද? අරගලයෙන් පස්සේ දෙන්නම සිටියේ දූපත් දෙකක.
ඔන්න මිනිස්සුනේ රට බේරාගන්න තියන අවසාන අවස්ථාව. යුද්දේ දිනවපු අපේ සිංහල බෞද්ධ නායකයා.
රටට වැඩක් නැති ඕවට කියන්නේ පඩ ෂෝ කියලා.
මොන කාළකණ්නි ඩිස්ලයික් දැම්මත් විජිත් කියන අදහස් ඉතාමත් නිවැරදියි ඒගැන කිසිම විවාදයක් ඇත්තෙම නැහැ ඇත්තටම වලපයයි ගොඩපයයි තියෙන මේ උන්දැ නැවතත් බලයට ගේන්න යෝජනා කරන හැම එකාම ජීවිතාන්තය දක්වාම සිරගත කරන්න ඕන ඇත්තටම මේ මිනිහා රාජ්‍ය නායකයෙක් ලෙසට නොව සිරකරුවෙකු ලෙසට තොලොංචිවෙලා යනවා නම් තමයි හොද.
Do not reappoint Mahinda as PM. This is again open the path to Rajapakshas to be in power. They have stolen public money for their personal gains.
ඔබ ඇතුළු පාර්ලිමේන්තුවේ ඉන්න හොරු 150ක් පමණ ඒක කරන්න ඕනෑම වේලාවක රෙඩිපිට ඉන්නේ... නමුත් ප්‍රශ්නෙකට තියෙන්නේ... ඒකට අත උස්සලා ඔවුන්ට ගමට යාම කෙසේවෙතත්, මන්ත්‍රී නිල නිවසට හරි යන්න ජනතාව ඉඩදේවිද කියන එක...?