අග‍්‍රාමාත්‍යවරයා වර්තමානයේදී හිතුවක්කාරී ලෙස කටයුතු කළද මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ ආණ්ඩුව සෑම විටම ජනතාවට කන්දුන් බවත් ජනතාවට කන්දෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කරමින් පාලනය ගෙන ගිය බවත් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (16) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලවේ දී පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත "අභිරහස් ආයෝජන සහ මුදල් විශුද්ධිකරණය" කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී පැවැසීය.
සෝභිත හිමි, අමාත්‍ය පාඨලී චම්පික රණවක හා උදය ගම්මන්පිල මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් සීපා ගිවිසුමට අත්සන් නොකර පෙර ආණ්ඩුව ජනතාවට කන් දෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කළ බව ද ජී.එල්. පීරිස් මහතා පැවැසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා හැමදාමත් කිව්වේ මේ වගේ කතාමයි. කණගාටුයි. (නි)
මෙහි අදහස් දාන අය හුඟක් දන්නේ නැහැ ඒකාධිපති යන අරුත. මහින්ද තුන්වෙනි වරට බලයට එන්න හැදුවේ මහජන මතයෙන්. ඡන්දය තියලා. රනිල් ඡන්දෙ නැතුව මුලින් බලයට ඇවිල්ලා පසුව ඡන්දෙන් තේරිලා පළාත් පාලන ඡන්දය තියන්නේ නැතුව පාලනයක් ගෙනියනවා (නි)
සහතික ඇත්ත. (හේ)
සමහර නූගතුන් අතර බොහෝ බුද්ධිමත් අය සිටිති. එමෙන්ම බොහෝ උගත් අය අතර බුද්ධියෙන් හීනයෝ සිටිති. (නි)
අපිට ඕනෑ ශ්‍රී ලංකා රාජ්‍යයේ සෛවරීත්වයේ කොඳු නාරටිය බිඳ නොදමන සැබෑ පාලකයෙක්. එයට මහින්ද රාජපක්ෂම බලයට පත්වියයුතු නැහැ. (නි)
ඕවා අපිට කියන්න එන්න එපා (නි)
ඔබතුමා මේ කියන දේවල් ගැන වෙලාවකට අපිට පුදුමත් හිතෙනවා (නි)
එ්ක නේ මේ කතාව කියපු එක්කෙනාට ඒ දිනවල හැමෝම කිවුවේ මෙහෙම : "ගුණයක් නැති, අගුණයක් නැති මැස්සක හටගන්නා දිග එලෝළුවක් වගේ කියල." මම පොඩි කාලේදී නම් ඒ එලෝලුව කෑවේ බොහොම අප්පිරියාවෙන්. (බ)
මේ කතා එකම කමිසයේ දෙපැත්ත වගෙයි (නි)
කතාව නම් හරි කියලා හිතෙනවා.මොකද මහින්ද වෙලාවට කලාවට ඡන්දෙ තිබ්බා. කෝ දැන් ඒවා? කල් දම දමා ඉන්නවා .එ්කෙන්ම පෙනෙන්නේ නැද්ද කව්ද හිතුවක්කාර කියලා (නි)
රතුපස්වල, හලාවත, කටුනායක, සමෘද්ධි නිලාදාරියා ගස්බැඳීම, රූපවාහිනියට පහරදීම, පෝද්දල සිද්ධිය, ලසන්ත, ප්‍රගීත් ඝාතනයන්... මේවා සුපිරි ප්‍රජාතන්ත්‍රවාදීද? (නි)
ඔබතුමාලා නිසා උගත් මිනිස්සු ගැන තිබුණ විශ්වාසයත් මිනිසුන්ගෙන් ගිලිහිලා යනවා (නි)
මෙයයි වසරේ හොඳම සොයාගැනීම. හොඳම බුද්ධිමතා ඔබයි (නි)
ඔබට ස්තූතියි මහතාණෙනි. අපිට තවමත් මතකයි ඒ කාලේ පාලනය සිදුවුණ ආකාරය (නි)
නිකන් දොඩවන්න එපා මහත්තයෝ. මහින්ද මැතිතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය අපි හොඳට දන්නවා. එ්ක හින්දා තමා එතුමාට සහ පවුලට ගෙදර යන්න වුණේ. (නි)
අනේ හරී සෝක් කෙනා කියන්නෙ..මඩේ හිටවපු රිට මීට වඩා හොඳයි....(බ)
බුද්ධිමතා? ඒ කවුද? ඇත්තටම ඒ අපේ පීරිස් මහත්තයද? (නි)
හොඳ වෙලාවට ලංකාවේ ඉපදුනේ. ලිබියාවේ හිටියා නම් කියාවි ලිබියාවේ ඒකාධිපතියත් ජනතාවට කන්දෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කරමින් පාලනය ගෙන ගියා කියලා. (නි)
අනේ මන්දා මහත්තයෝ ඔයාලගේ කතා, ඔයාලා කියනවා. අපි අහගෙන ඉන්නවා (නි)
තමන්ගේම රටේ අසරණ මිනිස්සු බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු වෙලාවේදී පට පට ගාල වෙඩි තියල අසරණ මිනිසුන් කි දෙනෙක් මිය ගියාද?හලාවතදී බුමිතෙල් සහනාධාරය ඉල්ලපු කීදෙනෙක් මිය ගියාද?කටුනායකදී කි දෙනෙක් මිය ගියාද?විශ්ව විද්‍යාල වල තරුණයන් කි දෙනෙක් මිය ගියාද?ඒ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය නිසා වෙන්න ඇති?ලැජ්ජයි මහත්තයෝ. (බ)
මෙතුමා කොහොමද මන්දා කතා කරන්නේ? මෙයත් අවුරුදු ගානක් ඇමතිකම් කළානේ. අපිට ඒවා අමතක නැහැ. (නි)
"අභිරහස් මරණ සහ එක පවුලක් රටම සුද්ද කිරීම " කෘතිය එළිදැක් වෙන්නේ කවදද? (බ)
ජනතාවට 'කන්' දුන්නට මදි. 'කන්නත්' දෙන්න ඕනේ. මිනිස්සු හැම දේම කරන්නේ කාල ඇඳලා ජීවත් වෙන්න නේ. ඒක නැතුව ඔය මොනවා තිබ්බත් වැඩක්ද? (බ)
මෙයාගේ තත්වය මෙයාම කාගත්ත. (බ)
වසරේ හොඳම බයිලා ගායකයා (බ)
අනේ මන්ද? අපේ අයට බලේ තියෙද්දී මොළේ නැහැ. මොළේ තියෙද්දී බලේ නැහැ මුන්ට මේ දෙකම නැ (බ)
අන්වර්, මොරටුවෙන් බිහිවුන ලංකාවේ ඉන්න ලොකුම බුද්ධිමතා මෙයා තමයි. ( එයා හිතන්නේ එහෙමයි) (බ)
අනුන්ගේ බුද්ධිය ගැන හොයන්න කලින් තමන්ගේ බුද්ධියෙන් තීරණ ගන්න. දැන් යහපලානේ කියල කරන මගඩිය තේරුම් ගන්න පක්ෂ කණ්නාඩිය ගලව්වහම ඇති. (ම)
අපෝ ඒ ගැන නම් කියන්න එපා .ඔයාල හිතන්නේ අපි මීහරක් කියලද (බ)
ඔය ආචාර්ය පට්ටම කානුවකින් අහුලා ගත්ත එකක් වෙන්න පුළුවනි. එන්.එම්.පෙරේරා මහතාටත් අවනම්බුවක් මේ (බ)
අම්මෝ කට්ටිය ආයිමත් එකතුවෙලා. (බ)
නෙල්සන් මැන්ඩෙලා හිතුවක්කාරයි හිට්ලර් ප්‍රජාතන්ත්‍රවාදී ..(බ).
අනේ මන්ද? අපේ අයට බලේ තියෙද්දී මොළේ නැහැ. මොළේ තියෙද්දී බලේ නැහැ නේද? රටේ පාලකයින්ට වැළඳෙන මේ ලෙඩේ සුව වුන දාට මේ රටේ තියන ලෙඩ ඔක්කොම ඉබේටම සුව වෙයි. (බ)
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා වැනි බුද්ධිමතකු පවසන දේ බැහැර කළ නොහැකියි. මොකද ඔහු අග‍්‍රාමාත්‍යවරයා හා හිටපු ජනපතිවරයා යන දෙදෙනා යටතේම අත්දැකිම් ඇති අයේක්. (බ)
මේ සීය නහින දෙහින කාලෙ පිනක් දහමක් කරගෙන ඉන්නෙ නැතුව බලයට තන්හාවෙ (බ)
මේ සියලුම දේශපාලඥයින් මහජනතාව අන්දනවා. රටේ දියුණුවක් වේගෙන එනකොට එය කඩාකප්පල් කරනවා. අසල්වැසි ඉන්දියාව මේ පිටුපස ඉන්නවා. ඉන්දියානුවෝ අපට කවදාවත් ඔලුව උස්සන්න දෙන්නේ නැහැ. (නි)
සඳුන්, කෙනෙකුගේ බුද්ධිමත්කම තීරණය වෙන්නේ ලබාගත් උපාධි සංඛ්‍යාව අනුවද? ඒ බුද්ධිය පාවිච්චි කරන ආකාරය අනුව නෙමෙයිද? සමහරවිට කෙනෙක් කට නොඅරින තාක්කල් "බුද්ධිමත්කම" පෙන්වාගෙන ඉන්න පුළුවන්. ඉගිලෙන්න පටන්ගත් හැටියේම කණකොක් සුද පේනවා. (නි)
එයාවත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්න කැමති වුණා නම් අද කියන්න තිබුණේ මෙහෙම නෙමෙයි (නි)
ඇත්තටම එයා හරි. අගමැති හිතුවක්කාරයි (නි)
මහින්ද කොහමද මිනිසුන්ට ඇහුම්කන් දුන්නේ? මැති ඇමැතිවරුම කියනවා හැම ප්‍රශ්නයකම විසඳුමට බැසිල් ළඟට යන්න ඕනෑලු. දැන් කට්ටියට දුවන්න පාරත් මදි (නි)
“අයියා නිකම් කෙක්ක වගේ හොයන්නේ මගේ වැරදිමයි ඔහොම තරහ ගත්තෝතින් ඉක්මනට නාකිවෙයි“ (නි)
අගමැති කලින් බලයේ සිටියදී වධකාගාරයකුත් තිබුනා. මහින්ද ජනපති කාලයේ එහෙම වධකාගාර තිබුනාද? පාරවල් අයිනේ හිස නැති මළමිනී තිබුනාද? නැහැ නේද? ඒවා ඔක්කොම කාගේ කෙරුවාවල්ද? (නි)
නීතිය පිළිබඳව මහාචාර්යතුමාගේ දැනුම ගැන අප තුළ සැකයක් නැහැ. එහෙත් දේශපාලනඥයන් ගැන මෙතුමා මෙලෝහසරක් දන්නවාද කියා අපිට හිතෙනවා. (නි)
හිටපු ජනාධිපති තුමාට දෝෂාරෝපණය කරනා පුද්ගලයෝ රටේ ඉන්නා සිංහලයන්ට එරෙහිවය (බ)
වැරදි සිදුකර ඇතැයි චෝදනා ලබා ඇති මැති ඇමතීන් බේරාගැනීමේ කණ්ඩායමේනේ ඔබතුමාලත් ඉන්නේ. ඉතින් ඒ අය වෙනුවෙන් කෑගැහුවා කියලා මොකක්ද ඇති වැඩේ? දැන් කෑගහන අය ගැන සළකා බැලුවහම, ඔබ වැරදි කරලා නැත්නම් නිහඬව සිටීම හොඳයි නේද ? (නි)
මහින්ද, නෙල්සන් මැන්ඩෙලාත් මාධ්‍යවේදීන්ට මෙහෙම බැන්නද? (නි)
පිස්සුද මන්දා? පරණ අතීතයේම තමයි ඉන්නේ (නි)
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා වැනි බුද්ධිමතකු වුවද දැන් කියන්නේම රාජපක්ෂ ගැන ගීතිකා පමණයි. (නි)
ජනතා සේවයට බලය ඕනෑමයි කියලා දෙයක් නැහැ. පුළුවන් නම් කණ්ඩායමක් එකතු කරගෙන ගමක පාරක් කපලා දෙන්න. පන්සල් වත්තක් සුද්ද කරලා දෙන්න. වගාවක් කරලා පලදාව දුප්පත් ජනතාව අතරේ බෙදලා දෙන්න. එහෙමයි සැබෑ ජනතා සේවකයින්. (නි)
හිටපු ජනාධිපති ගැන මෙහෙම කතාකරන්නේ කටින්ද කියලා අපිට තේරෙන්නේ නැහැ (නි)
අනේ මහාචාර්යතුමනි, රටේ උගතුන්ට අවනම්බු නොකර ඉන්නවද? (නි)
මේ අයට යන එන මං නැතිවුණ නිසා, ලොකු ලොකු ඇමතිකම් නැතිවුණ නිසා, මුදල් උපයපු මාර්ග නැතිවුණ නිසා, ඒවාට ඉඩදුන් මාර්ග සළසාදුන් හිටපු ජනපති වෙනුවෙන් මෙසේ කීම පුදුමයක් නොවේ (නි)
ඔබතුමාට තියෙන්නේ තනිකරම ඊර්ෂ්‍යාව සහ කුහකකම. මහාචාර්යවරයෙකුට ඕක තරම් නැහැ මහත්තයෝ. මහින්ද මහත්තයා කොයිතරම් නම් ප්‍රජාතන්ත්‍රවාදීද කියලා මධ්‍යස්ථ මත දරන උදවිය හොඳටම දන්නවා. වැඩි ප්‍රතිශතයකින් එයාව ගෙදර යැව්වෙත්, එතුමාගේ ඒ ප්‍රජාතන්ත්‍රවාදීකම නිසාමයි. අනේ මගේ කට! ඔය ඇත්තෝ හිතාගෙන ඉන්නේ, කියන කියන හැම දෙයක්ම පිළිගන්න තරම් ජනතාව තාම මෝඩයි කියලද..? වැරදිලා මහත්තයෝ වැරදිලා. (නි)
සඳුන්, ජී. එල්. පීරිස් උගතෙකු බුද්ධිමතකු වුණත්, මෙතනදී එහෙම නැහැ. (නි)
මගේ ප්‍රාර්ථනය මෙහි අදහස් දාන අය ඔයතරම් මහින්ද මහත්තයට අකමැති නම්, ඔවුන් සියලුදෙනාම තව තවත් දරිද්‍රතාවයේ පතුලටම වැටුනාවේ. නමුත් මහින්ද මහතා නැවත බලයට නොපැමිණ දේශපාලනයෙන් සමුගත්තාවේ! මොවුන් කිසිදිනක පාඩම් ඉගෙන නොගනු ඇත. (නි)
උපදෙස් දෙන පණ්ඩිතයෝ රටට හොඳක් කළේත් නැහැනේ (නි)
මහින්ද ඔය අයට ඇහුන්කම් දිදී හිටියනම් අදටත් බෝම්බ පිපිරෙනවා නේද (බ)
ඇත්ත කතාව. මේ ආණ්ඩුව අපිව කන්න හදන්නේ (නි)
මෙයාට මහාචාර්ය වෙන්න කවුද දන්නේ නෑ විභාගය ලිව්වේ. පොඩි උන් කියන කතා කියන්නේ.(බ)
පීරිස් මහත්තයා හොඳ බුද්ධිමත් කෙනෙක්. එතුමා කියන දේ අපි පිළිගත යුතුයි (නි)
සමහරුන්ගේ මුහුණෙන්ම පේනවා එයාලගේ හිතේ තියෙන ක්‍රෝධය. අනේ මෙයාලගේ වැදි බණ. එයාලා ඇමැතිලා වෙලා හිටපු කාලේදී කළවැඩ ගැන අපි නොදන්නවැයි? (නි)
ඔබ තෝරාගත් මඟ ගැන යළි සිතන්න. එපමණයි මට කියන්න තියෙන්නේ (නි)
ඔබ කියන ප්‍රජාතන්ත්‍රවාදය පවුල ඇතුළේත් තිබුන බව සිදුවුණ දේවල් වලින් පේනවා (නි)
මහින්ද, රනිල් මහත්තයාව නෙල්සන් මැන්ඩෙලාට සමාන කරන්නේ කොහොමද? (නි)
මේ කතාව නම් සහතික ඇත්ත. ඒක අපි ප්‍රායෝගිකව අත්දුටුවා (නි)
අපිට අතීතය හොඳට මතකයි. අර කාර් රේස් තියනකොට මහා සංඝරත්නයේ ඉල්ලීමට කන්දුන්නද?? (නි)
මහින්ද ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන නිසා තමා ජනවාරි අටවෙනිදාම එ්ක අදාළ කෙනාට බාරදීලා ගියේ. (නි)
මට නම් මගේ හිනාව පාලනය කරගන්න බැහැ මේවා ඇහෙනකොට (නි)
මේ අමනොඥ වැඩ නිසා අතලොස්සක් හිටපු පාක්ෂිකයන්ටත් යන එන මං නැති වෙනවා. මම නම් 2500න් කාලා බීලා නාලා ඉන්න කෙනෙක්.(රුපියල් නෙවෙයි යුරෝ) (අ)
අනේ මේ මොනවද කියන්නේ, අපි දන්නවා බලේ ඉන්නකොට කොරපු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවල්. සෙසු ජනතාව තල පෙලා කෙබර ගහල මඩිය තරකර ගත්ත විතරයි. බන්දුල දන්නා මුදල් විසුද්ධිකරණය මොකද්ද. වටේ ඉන්නේ හොරු ටිකනේ. ඔහුටම පුළුවන් ඔක්කොම අල්ලලා එෆ්සීඅයිඩි එකට බාරදෙන්න.(අ)
දැන්නම් අපිට පෙනෙන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය පොඩ්ඩක්වත් නැහැ (නි)
උගත්කමයි බුද්ධිමත් කමයි යනු දෙකකි. ඒ වාගේම සෑම උගතෙකුම සර්ව සාධාරණ බවට උපකල්පනය කළ නොහැකියි. උගත්කම තම පුද්ගලික වාසියට යොදාගන්නො අපමණ වෙති. උගතෙක් විෂය කරුණක් ගැන කියු දෙයක් විස්වාස කළාට, ඔහුගේ පුද්ගලික මතිමතාන්තර විශ්වාස කරන්න බැහැ. (අ)
මේ වර්ගයේ එකම කෙනා මෙයා නම් එච්චර ප්‍රශ්නයක් නැහැ. ඒත් මෙයාගෙන් ඉගෙනගත් අයත් අපේ පාලකයො වෙන්න පුලුවන් කියලා හිතනකොට බයත් හිතෙනවා (නි)
මේ කවුද ?නිතිය පිලිබඳ මහාචාර්ය වරයෙක්ලු..?හැබැයි..ජිවිතයේ එකම එක වතාවක්වත් " නඩුවක් " කතාකරලා නැත.මාර බුද්ධිමතෙක්.(අ)
අරුණ, ඔබ හරි. (නි)
ඔබ තුමාගේ පීඑච්ඩී එකෙන් මේ රටට ගෙනාපු හොඳ පනතක් කියන්න. ලලිත් ඇතුලත්මුදලි ට පීඑච්ඩී නැතිව මහපොළ ගේනවා. අද ඒ මනුස්සය නැහැ නමුත් ජනතාව අතර ජීවත් වෙනවා (බ)
කෝනාර, ඔයා වගේ අදහස් තිබෙන අය මේ තීරුවේ ඉන්නවා දකින්නත් සතුටුයි. මේ කියමන මොනතරම් සාධාරණද? අපක්ෂපාතිද? අනෙක් අයත් මේ විදියට දකින්න පුරුදුවෙන්න. (නි)
තුන්වෙනි වරටත් ජනාධිපති වෙන්න හිතුවේ කවුද? එහෙම බලද්දි මෙහෙම කියන්න පුළුවන්ද? (නි)
මේකේ අදහස් දක්වලා තියන සමහරු මේ රට දැන් සුරපුරයක් වෙලා වගේනේ කතා කරන්නේ (බ)
අනේ මෙහෙමත් බොළඳ කතා! අපිට නම් හිනාත් යනවා (නි)