( තිළිණි ද සිල්වා )
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි අංගනයක වී ගබඩා කිරීමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියන පැමිණිල්ලට අදාළව සාක්කි දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (23) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිත බව එම කොමිසම සඳහන් කරයි.
ඒ අනුව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (23) පෙරවරු 10.30ට කොමිසම හමුවේ පෙනී සිටින බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි අංගනයක වී ගබඩා කිරීමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් ගොනු කර ඇති පැමිණිල්ලට අදාළව සාක්කි ලබා ගැනීම සඳහා ඉකුත් 18 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් කොමිසම අග්‍රාමාත්‍යවරයාට නිකුත් කළ අතර එදින් තමාට පෙනී සිටිය නොහැකි බැවින් ලබන නොවැම්බර් 16 පසු දිනයක් තමන්ට ලබා දෙන ලෙස අගමැතිවරයා මීට පෙර අගමැති ලේකම් මඟින් කොමිසමට දැනුම් දී තිබිණි.
නමුත් තමන්ට කොමිසම හමුවේ පෙනී සිටිය හැකි බව අග්‍රමාත්‍යවරයා යළිත් කොමිසමට දැනුම් දී ඇති අතර ඒ අනුව හෙතෙම කොමිසම හමුවේ පෙනී සිටිනු ඇත.
අග්‍රාමාත්‍යවරයා මෙම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 24 .6 ක මාසික කුලියට බත්තරමුල්ල පිහිටි ඞී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් ගොනු වී තිබූ පැමිණිල්ලකට අදාළව අග්‍රමාත්‍යවරයා ඉකුත් සැප්තැම්බර් 16 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටිමින් සාක්කි ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක කැබිනට් එකේ තීරනයක්...පාඩුවක් අලාභයක් වෙලා තියෙනව නම් සිදුසු පියවරක් ගන්න ඕනෙ....නමුත් මම දැනුවත්ව නම් එහෙම දෙයක් වෙලා නැහැ...අතිරික්ත වී ටික ගබඩා කරන්න තැනක් හොයන එක අපේ මූලික පරමාර්ථය වෙලා තිබුනෙ.....හික්....
තෝරු මෝරු ඔය දැල් වලට අහුවෙයිද ?
මත්තල ගුවන්යානා නොමැති ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි අංගනයක වී ගබඩා කිරීමට ඉඩදී තිබෙන්නේ කව්ද කියා සොයා බැලිය යුතුය. එවකට එහි සේවයේ සිටියේ රාජපක්ෂ පවුල් පාලනය විසින් පත් කල නිලදහ්රින්ය . මත්තල ගුවන්යානා නොමැතිව කිසිම අදායමක් නොමැති ජාත්‍යන්තර ගුවන්තොටුපල නඩත්තුව සදහා රජයට සිදුවන පාඩුව දිනකට කොපමණද.
මේකටනම් කොමිටියක් දාන්නම වෙනවා.
කෘෂිකර්ම බිල්ඩිමනම් දැන් දේශප්‍රේමී උනානෙ.ඒ නිසා ඒක දැන් දේශප්‍රේමී ගෙවීමක්.
මේවා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් නොවේද.
ඔය මොන විවේචන කලත් රටේ අගමැතිවරයා කොමිසමක් ඉස්සරහට ගෙන්නන තත්වයට ගෙනාපු එකට සතුටු වෙන්න ඕනේ. ඉස්සර හිටිය සමහර අගමැතිවරු කොමිසමට එන්න කිව්වනම් සුමානයක් විතර ආවේස වෙලා පාර්ලිමේන්තුවේ කෑ ගහල බෙරිහන් දේවි. එතනින් ඉවරයි. මතකනේ යටිගිරියෙයි ගම්පොලයි වැඩ. මේ විවේචන කරන අයවලුන් අතීතය ස්මරණය කරන්න බැරි වෙන්න පුළුවන්. නැතිනම් දන්නේ නැති වෙන්න පුළුවන්.
ඉස්සර විවෘත කිරීමකට ආවම බොත්තමක් ඔබන කොට පිටිපස්සෙන් කෙනෙක් නූලක් ඇදල විවෘත කරනවා. හරි සතුටුයි. ලඟදි නෙලුම් කුලුන විවෘත කරපු විදියත් දැක්කනේ. අර අන්දපු මෑන් සජිත්ට කිට්ටුවෙලා ඇති.
මොන සංදර්ෂනද හෙයා මේව කරලා තෙම්පරාදු වෙලා ඉවරයි.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි අංගනයක..අංගනයක යනු බාහාලුම් (කාගෝ) අංගනයේ මිස මගී පර්යන්තයේ නොවෙයි. නමුත් මහජන මතයක් ඇති කරලා තියෙන්නේ හරියට මගී පර්යන්තයේ වී ගෝණි ගොඩගහලා තිබුනා වගෙයි. ඒ කාලයේ ගුවන් ගමන් නැති නිසා ඔය බහාලුම් අංගනය වහලා දාලයි තිබුනේ.