අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවකින් පසු වරාය සේවක වර්ජනය හා උපවාසය අද දහවල් අවසන් විය.
වාර්ෂික ප්‍රසාද දීමනා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබිණි.
මෙවර අවුරුදු ප්‍රසාද දීමනාවේදී කපා හරින ලෙස රුපියල් 5170 හෙට දින ලබාදීමටත්, ජයබහලු පර්යන්තයේ දිරි දීමනා ප්‍රශ්නයට මාස දෙකක් ඇතුළත විසඳුම් ලබා දීමටත් අගමැති පොරොන්දු වූ බව වරාය වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ප්‍රසන්න කළුතරගේ මහතා පැවසීය.
ජාතික සේවක සංගමය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමිති ද වර්ජනයට එක්ව සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුසේන්, විෂය බාර ඇමති අස්කරන්න කියලා උපවාස කරනකොට, මොන සාකච්ඡාද? (නි)
රනිල් වික්‍රමසිංහ කියන්නේ කියන දේ කරන, කරන වැඩේ හරියට කරන බුද්ධිමත් නායකයෙක්. (නි)
අපේ ඇමතිතුමාට මේ සේවක ප්‍රශ්න විතරද විසඳන්න තියෙන්නේ. තව කොච්චර ඉන්නවද? (නි)
අරගල කරනකන් ඉන්නවා ප්‍රශ්නවලට විසදුම් දෙන්න ඕක කලින් දීල ඉවරකරානම් වරායට පාඩුත් නැහැ රටට අලාබෙකුත් නැහැ පහුගිය ටිකේ මේක නිසා වරායට කොටි කීයක් පාඩුද?(හේ)
ජනතාවට මොළේ තියෙනවා දැන් දැන් වෙන දේවල් තේරුම් ගන්න (නි)
මෙයාලා වරායේ ඇතුළට ගියත් කරන වැඩක් නැහැ. එතනත් නිකන් කාලා බීලා ඔහේ නින්දක් දාලා හවසට වැඩ ඇරිලා යනවා වගේ ගෙදර යනවා. තව එතනින් නිකන් ලැබෙන බත් එකත් විකුණනවා. බොහොමයක් අය අත්සන ගහලා එළියට ගිහින්, වෙන වැඩ කරලා සල්ලි හොයනවා. ඉතින් මේ වගේ අයට මොන අවුරුදු බෝනස්ද? (නි)
මේ වගේ තැන් වල ප්‍රශ්න තියෙන්න නරකයි (නි)
රනිල් තමයි ඉතින් හැමදේටම ඉන්නේ (නි)
දැන් දැන් වෙනදේවල් මිනිස්සුන්ට තේරෙන්න ඕනෑ තමා. පේනවනේ කිසිම ආයතනයක වැඩක් කරන්න දෙන්නේ නැහැ, හැමදාම උද්ඝෝෂණ. මොකක්ද මේකෙ තේරුම? මහින්ද මහත්තයා කරපු දේ හරි, කාටවත් දඟලන්න දෙන්නෙ නැතුව. නිදහස ඕනෑවට වැඩිය වැඩිවුණාම මිනිස්සු අයුතු ප්‍රයෝජන ගන්නවා. (නි)
මේ රටේ ඔක්කොම ෆ්රස්න විසදන්න වෙලා තියෙන්නේ අගමැතිතුමටයි (අ)
එක පුන් සඳෙන් දුරු වේවි ලොව ගනදුරු (අ)
අගමැතිතුමා ඉන්න නිසා හොඳයි (නි)
ඒ කියන්නේ විෂය භාර ඇමතිවරයා කයිය ගහන දමියක්ද.?(අ)
ඇමති මණ්ඩලයට ගෙවන පඩි අපරාදේ. ඉන්නේ වාහන පර්මිට් ගන්න විතරයි. අගමැතිතුමාට සේරම දේවල් බලන්න පුලුවන්ද? (නි)
මේ අය වැඩකරන හැටි අපි නම් හොඳට දන්නවා (නි)
විෂය බාර ඇමතිවරුන්ට වැඩ රාජකාරි වැඩියිනේ හරියට (නි)