තෙදින නිල සංචාරයක් සඳහා චීනයට ගිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බදාදා (07) රාත්‍රී බෙයිජිං නුවරට පැමිණියේය.
චීන විදේශ අමාත්‍යංශයේ සහකාර අමාත්‍ය කොං ෂුආන් යූ සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහත්වරු බෙයිජිං නුවර කැපිටල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පර්යන්තයේ දී අගමැති වික්‍රමසිංහ මහතා, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පිළිගත්හ.
ගුවන් තොටුපොළේ සිට විශේෂ රථ පෙරහරකින් අගමැති ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඔවුන් නවා තැන් ගන්නා හෝටලය වෙත කැඳවාගෙන යනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලංකාව අභිමානය ගැන චීනය දැනුවත් කරන්න යන ගමනක්. (හේ)
ලංකාව චීන කොලනියක් කරන්න වගේ හදන්නේ! අනේද කියන්නේ (ම)
ඡන්ද කාලෙදි දුරදිග කල්පනා කරලා කතා කලා නම්, මෙහෙම සමාව ඉල්ලන්න යන්න ඕන්නෑ. චීනෙ මතක් වුණේ යාළුවො කියලා හිතන් හිටපු බටහිර රටවල් ටික නිකන් වචන වලට විතරක් සීමා වුණ පිරිසක් කියලා තේරුණාට පස්සේ. (ම)
කෝ අර මහින්ද ණය ගන්නකොට කෑහගාපු අය (බ)
යසට වැඩ කෙරුණු රට කාල දමල දැන් යනවා හිගමනේ (ම)
සහකාර ඇමති කෙනෙක් තමය් අපේ රටේ අගමැති පිළිගන්න ඇවිත් තියෙන්නේ. එකෙන්ම කියන්න පුළුවන් අපේ රටට තියෙන පිළිගැනීම.(ම)
ලජ්ජා නැතිකම මහා මුදලි කමටත් වඩා ලොකුයි නේ (ම)
පව් අපිට උන වියෝය මාළුවා නහිනෙත් කට නිසානේ (රේ)
ඦන්දෙ කාලේ චිනට බැනල බැනල දැන් යනවා ලජ්ජා නැතිව. කාට කියන්නද මේවා. අන්තිමට මෙයාටත් සිද්ද උන චිනගේ පස්සෙන් යන්න. කමක් නෑ සර් චිනාට වැඳලා, කියන දෙයක් කරලා, සල්ලි ටිකක් හිගාකාගෙන එන්න.\nරට වෙනුවෙන්නේ! (රේ)
අනේ මන්ද ඒ කාලේ නම් කිව්වේ චීනෙ බලගෙන වතුරවත් බොන්නේ නැ කියලා.අපි දැන ගත්තා ඇමරිකන් කාරයන්ගේ ලනු කනකොට.(රේ)
මොනවද මේ කරන්න යන්නේ ? විමල් කියපුව ඔක්කොම ඇත්ත (බ)
චීන්නු ගාවට යන්නේ සුද්දෝ උදව් කරන්නේ නැද්ද ? (බ)
සද්දේ ඇහෙනවා ඇති බෙයිජිං වලට. (බ)
නළුවෙක් නොවෙයි මොළයක් කියලා කිවුවේ නිකන් නෙමෙයිනේ. මෙතුමා දක්ෂයෙක් (නි)