ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ තිරුපති අසල සුප්‍රසිද්ධ වෙන්කතේස්වර කෝවිලට සිය පවුලේ සාමාජිකයන් හා නිලධරයින් සමඟ ගිය අගමැති දිමු ජයරත්න මහතා උණුසුම් ලෙස පිළිගැනිණි.
කෝවිලේ පුජකවරු දේව වස්ත්‍රයක් පොරවා අගමැතිට ගෞරව දැක්වුහ.
මිනිත්තු දහයක් තිස්සේ අගමැති වන්දනාමාන කළේය.
අගමැති නතරවී සිටි පද්මාවතී නිවහන වඩා ආරක්ෂාව තර කැර තිබිණි.
විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස සැලකෙන වෙන්කතේස්වර දෙවියන් වැඳපුදා ගැනීමට දිනකට පනස්දහසකටත් ලක්ෂයකටත් අධික පිරිසක් මෙම හින්දු දෙවොලට එති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දේවල් වෙනකොට දෙවියන්ගේ බැල්ම තියෙනවා කියලා හිතෙන අතර නරක දේවල් වෙනකොට,පෙර කළ පව් කියලා හිත හදාගන්නවා.අන්තිමට දිනන්නේ දෙවියෝ හා කපුවා. (නි)
ඔබතුමාට යහපතක්ම වේවා! (නි)
විශ්වාසය තමයි සියල්ලටම වඩා වැදගත් වෙන්නේ (නි)
මේවාත් කර කර සමහරු ඉන්දියාවට බනිනවා. (නි)
ඝණපති දෙවියනි මට ඇති අපල උපද්‍රව වලින් බේරා පවුල රැකදෙනු මැනවි (අ)
අනේ අපිට යන්න වාසනාවක් නැහැනේ! (නි)
කොහේ ගිහිල්ලා හරි කමක් නැහැ තව ටිකක් කාලය දික්කර ගන්න පුළුවන් නම්. (නදී)
භාර හාර නොවී කොහොමද ? ඉස්සරහට තියෙන්නේ සංගීත පුටු තරඟයක් නේද ? (නදී)
අපේ රට විවිධාකාර ව්‍යයසන වලින් මුදාගන්න ශක්තිය ලැබේවා කියලා පතන්න යන්න ඇති. (නි)
මම දන්නා තරමින් ලංකා අගමැති බෞද්ධ කෙනෙක්. ඉතින් වන්දනා මාන කලේ මොනවටද? අසිරිමත් බුද්ධගයාවටවත් අඩුම ගානේ ගියේ නැද්ද? (නදී)
අන්තිමට දෙවියන්ගේම පිහිට විතරක් බව දැනෙන්න ඇති. (නදී)
ලංකාවේ අගමැති කෙනෙක් ඉන්නවාද? (නදී)
අද ලෝකයේ සිදුවෙන දේවල් දැකලා කළකිරිලා,දෙවියන් තවම වැඩසිටිනවාද කියලාත් මට හිතෙනවා (නි)
දෙවි පිහිට අපේ ලංකාවට ලැබේවා! (නි)
ඒ කියන්නේ දැන් හැමෝටම දෙවියන් සිහි වෙනවා වගේ. (නදී)
පද්මාවතී නිවසේ ආරක්ෂාව තර කළා කිව්වා. අනේ දෙවියනේ පද්මාවතීව නම් කවුරු හරි උස්සන් යන්න පුළුවන් (නදී)
අගමැතිකම කියන්නේ රටක ලොකු තනතුරක්. අපේ රටේ එහෙම නැහැ වගේ (නදී)
අනේ ඔව්, ආරක්ෂා ඇතුව ආපසු පාර්ලිමේන්තුවට එවන්න. (නදී)
මේ අයනේ ඉතින් ලංකාවෙ බෙෳද්ධාගම රකිනවා කියලා ව්‍යවස්ථාවෙ අත තියලා දිවුරැම් දෙන්නේ. (නදී)
ලංකාවේ දෙව්විවරුන්ගේ පිහිට නැතිවෙලාවත්ද සේරම දැන් ඉන්දියාවේ දෙවිවරුන්ගේ පිහිට පතන්නේ. හැම මාසෙම 1 වෙනිදා මේ දේවාලයේ ප්‍රධාන දේව පුජාව පවත්වන අපේ රටේ තව කෙනෙක් බරට බරක් රත්තරන් පුජාකලා කියලත් පත්තරේ තිබුනේ. (නදී)
බලන්න දෙවියන්ටත් සමහරු කතාකරන හැටි? ඇයි හැමදේකම වැරදිම හොයන්නේ? (නි)
කටකැඩුණු කතා කියන අයට හොඳ පාඩමක් උගන්වන්න දෙවි හාමුදුරුවනේ. (නි)
මෙච්චර දුර ගෙවා මෙතනට ගිහින් වන්දනාවට ගිහින් තියෙන්නේ මේ තනතුරටත් පොදු අපේක්ෂකයෙක්වත් ඉදිරිපත් වෙන්න ඉන්නවා ද දන්නේ නැහැ. (නදී)
සමහරු ඉන්දියාවට හතර අතේ බැන බැන එහෙටමයි දෙවියන් සිහි කරගෙන දුවන්නෙත්. (නදී)
මෙතුමා හින්දුද? බෞද්ධද? අදහන්න ගිහින්ද? දැකගන්න ගිහින්ද? (බ)
දයාන්, ඔබ හරි. සමහරු මේ වගේ අදහස් පළකරන්නේ මොකද කියලා හිතාගන්නත් අමාරුයි. (නි)
දෙවියන් පිහිට වෙන්නේ බැතිමතුන් ලංකාවේ ජීවත් වුන විදිය දිහා බලා මිසක් ගෙනා පුජා වට්ටිය ගැන හිතල නෙවෙයි. ඔතනට ගිය පමණින් කාගේවත් පව් සේදෙන්නේ නැහැ. (බ)
දෙවියන් පිහිට වෙන්නේ බැතිමතුන් ලංකාවේ ජීවත් වුන විදිය දිහා බලා මිසක් ගෙනා පුජා වට්ටිය ගැන හිතලා නෙවෙයි. ඔතනට ගිය පමණින් කාගේවත් පවු සේදෙන්නේ නැහැ. නමුත් තමන් කර හොඳ දෙයක් සිහිපත් කර පිහිටක් ඉල්ලුවා නම් ලැබෙනවා. (හේ)
එයාගේ වයසත් හරිනේ.පිනක් කර ගන්න එපැයි දැන්.(හේ)
සමන්ති, හරි හරි මට ඇහුනා. (නි)
මම එක වෙලාවකට පුදුම වින්දනයක් ලබනවා තනියම මේ දාල තියෙන ප්‍රතිචාර බලලා. විවිද පැතිකඩ ඔස්සේ කෙනෙකුට දැනෙන සිතුවිලි මේ තුලින් මම දකින්නේ. (නදී)
මුන්ට කොහේ ගියත් කරපු ජරා වැඩ හෝද ගන්න බැ (බ)
දෙවියන්ගේ පිහිට ලබා ගන්නත් ක්‍රම තියෙනවා. හරියට සිල් ආරක්ෂා කෙරගෙන ගුණවත්ව ජීවත් උනොත් දෙවියෝ නොබලා ඉන්නේ නෑ. එහෙම ඉදගෙන දෙවියන්ට පූජා දුන්නට කමක් නෑ. එත් ලෝකෙම මුළා කරලා බොරුවෙන් වංචාවෙන් ඉන්න මිනිස්සු කොච්චර දෙවියෝ වැන්දත් දෙවියෝ එයාල දිහා හොරන් වත් බලන්නේ නෑ.(බ)
පින් කර ගන්න මහතෙක්.(හේ)
අගමැතිතුමාට ජය ශ්‍රී! (නි)
අපේ රටේ මිනිස්සු කතා කොලොත් ඉන්දියන් විරෝදී . නමුත් බහුතරයක් පිහිට ඉල්ලලා බෑගපත් වෙන්නෙත් ඉන්දියන් දෙවිවරුන්ගෙන්. ඔය දෙවිවරුන් ට පේන්නේ නැද්ද දන්නේ නැහැ අපේ අය එයාලට බනින හැටි. (නදී)
කෝවිලේ ගාන සුදු කුඩු නළලේ ගාගෙන නැහැනේ. (නදී)
ඔයිට වඩා හොඳ නැද්ද ජය ශ්‍රී මහා බෝදීය වඳින්න ගියානම් අගමැති තුමෝ (නදී)
මෙහෙ ඉදන්, ඔච්චර දුර ගිහිල්ලා විනාඩි 10 ද වන්දනාමාන කරේ.(හේ)
විශ්වාසය නිසානේ මේ හැමදේම මිනිසුන් විසින් කරන්නේ (නි)