‘මහින්ද රාජපක්ෂ මහතා අගමැති වනවාද නැද්ද යන්න තීරණය කිරීමට ඉඩ දිය යුත්තේ ජනතා පරමාධිපත්‍යයටයි‘ යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා අද (13) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යැවූ ලිපිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් මැදගොඩ අභයතිස්ස හිමියෝ අද සවස කොළඹ මහජන පුස්තකාලයේ පැවැති සංවාදයකදී පැවසූහ.
‘ජනතා ඡන්දයෙන් බලයට පත්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ක්‍රියා කළ යුත්තේ ජනතා අපේක්ෂාවන්ට අනුකූලව බවත් නොඑසේනම් අනාගතයේදී රට යළිත් ලේ විලක් බවට පත්විය හැකි බවත් ඒ හිමියෝ කීහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් හාමුදුරුවනේ අපි කියන්නම් 17 වෙනිදට.. 18 බලාගන්නකෝ.. යුද්දය නිම කරා කියලා කවදහරි මහින්ද මහත්තයාගේ මල මිනියටත් ඡන්දෙ දෙන්න කියයිද මන්දා. (අ)
එහෙනං මහින්ද පැරදුන නිසා ගෙදරට වෙලා ඉන්නෝන. 62 ලක්ෂයක් ජනතාව එපා කියපු කෙනා ඇයි අාපහු එන්නේ. (බ)
ලැබුන මුදල් කුට්ටියට හරියන්න කුලියට කරන මෙම චීවර ධාරීන්ට කළ යුතුදේ සර් ජෝන් නම් 56 දී කිව්වා (බ)
කතාව නම් හරිම ආශාවෙන් අහගෙන හිටියා හාමුදුරුවනේ (නි)
ජනතා තීරණය මොකක්ද කියලා අපි බලමුකෝ (නි)
අපේ හාමුදුරුවනේ, ලංකා දේශපාලනයේ පසුගිය අගමැතිලා තේරුවේ ජනතාවද? (නි)
ජනපති ධුර කාලය වැඩිකරන තීරණයත් ජනතාවටම දුන්නා නම් මේකත් දෙන්න තිබුණා. (නි)
මේ හාමුදුරුවන්ට බනින අය සෝභිත හමුදුරුවන්ටයි රතන හමුදුරුවන්ටයි මුකුත් කියන්නේ නැහැ,(ම)
මහින්ද එක දිස්ත්තික්කයක අපෙකෂකයෙක් පමණි ඒක මුළු රටේම ජනතාවගේ කැමත්ත කියා කියන්නේ කොහොමද ජනතාව ඡන්දය දෙන්නේ තමතමන්ගේ ආසනයේ තරංග කරන අපේක්ෂකයින් පාර්ලිමේන්තුවට යවන්න
බුද්ධාගම රැකගන්න ඔබ වහන්සේලා ජනතාවට ඉඩ දී තමන්ගේ යුතුකම් ඉටුකරන්න හාමුදුරුවනේ. (නි)
අපේ හාමුදුරුවනේ, දේශපාලනය පසෙක තබා ඔබවහන්සේලා ආගම ධර්මයට සිදුවෙන විනාශයට එකමුතුව පෙළගැසෙන්න. (නි)
සෝභිත හමුදුරුවන් හා රතන හමුදුරුවන් මේ වගේ කතා කියන්නේ නැහැ. (නදී)
දැන් ලේ විල් ගැන ආයෙත් කතා මොකටද හාමුදුරුවනේ? (නි)
අගමැති කව්දැයි තීරණය කළ යුතු වන්නේ පක්ෂයයි. ජනතාව නෙමෙයි (නදී)
සහතික ඇත්ත අවසර! රටේ ජනතාවගේ මුදල් මංකොල්ලකාලා තමන්ගේ දරුවන්ට සැප දෙන අය නොවෙයි. (නි)
සංඝායනාවක් කළ යුතුයි (නදී)
ප්‍රේමදාස, අගමැති පත්කළේ කොහොමද? චන්ද්‍රිකා අගමැති පත්කළේ කොහොමද? මහින්ද අගමැති පත්කළේ කොහොමද? ඒ විදියට තමයි ඊළඟ අගමැති පත්කරන්නෙත්. දේශපාලකයින්ට කඩේ යන්න එපා අපේ හාමුදුරුවනේ. (නි)
එතකොට රටේ අගමැති තොරන්ද ඡන්දය දෙන්ඩ වෙන්නේ කුරුණෑගල අයට විතරද (අ)
මේ න්‍යාය වත්මන් අගමැතිතුමාටත් වලංගුද? (නි)
මම නම් මේවට මොකුත්ම කියන්නෙ නැහැ (නි)
එතකොට මීටකලින් අගමැති පත්කළේ ජනතාවද? (නි)
ජනාධිපතිටයි බලය තියෙන්නේ අගමැති පත්කරන්න. එහෙම නේද? (නි)
පරාජිත ජනපති දැන් ගෙදර යන්න ඕන. අලුත් නායකයෙක් ඉදිරියට එන්න ඕන. ජනපති සහ අගමැති තනතුරු දෙකම බදාගන්න එක ගැන මොකද හිතන්නේ හාමුදුරුවනේ? (ම)
ඒක අපිට බාරදෙන්නකෝ (නි)
අපේ හාමුදුරුවනේ, ලංකා දේශපාලනයේ පසුගිය අගමැතිලා තේරුවේ ජනතාවද? (නි)
හාමුදුරුවරු තමන් වහන්සේලාට අයත් වගකීම් ඉටුකළා නම් හොඳයි කියා සිතනවා, නොදන්නා දේශපාලනයට නොගොස් (නි)
බය වෙන්න දෙයක් නැහැ .රනිල් දින්නාම ඔය ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ (ම)
අවසර ස්වාමීනි මම නම් හිතන්නේ දේශපාලනය චීවර ධාරීන්ට අකැපයි කියලා. ගොඩක් භික්ෂුන් දේශපාලනයට ළඟකදී ඉඳන් අවතීර්ණ වෙනවා වැඩියි. මේකෙන් සාසනයට වෙන්නේ හානියක්. ගොඩක් ආගම් පැතිරෙන්නේ ආගමික නායකයන් නිසා. එ්ත් බුද්ධාගමේ සේරම බික්ෂුන් දේශපාලනයට අවතීර්ණ වෙලා.(නදී)
අපි ජනතා පරමාධිපත්‍යයේ බලය පෙන්වමු (නි)
මම නම් කියන්නේ මේ සඳහා බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණයි (නි)
අනේ මන්දා හාමුදුරුවනේ මේවා! (නි)
හාමුදුරුවනේ, අපි ඔබවහන්සේ සමඟයි (නි)
සංඝයා වහන්සේලා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදනය සහ ක්‍රියාත්මක කිරීම බාරගත්තේ කවදාද කියලා දැනගන්න කැමතියි. (නි)
ඔබ වහන්සේලා බුදුන් වදාළ, පුජ්‍ය පක්ෂයට අයත් භූමිකාව මතක්කර ගත්තොත් හොඳයි නේද? අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා නම් ජනාධිපතිතුමාව හමුවී ඒ කාර්යය කරන්න. තමන්ගේ පුද්ගලික කැමැත්ත රටේ නායකයාව හසුරුවන්න යොදාගන්න පුළුවන් කියලා හිතන්න එපා. (නි)
ඔබ වහන්සේ කියන්නේ සහතික ඇත්ත (නි)
මේ රට නැවත ලේ විලක් වනු දකින්නට අපි කිසිදා කැමති නොවෙමු (නි)
හාමුදුරුවනේ ඔබවහන්සේට මම ගරු කරනවා හැමදාම ඔබවහන්සේලාගේ වගකීම මිනිසුන් යහමගට ගැනිම. රජ කාලෙත් එහෙමයි. සමහරු නිවන් දකිනවා සමහරු රට රැකගන්නවා තවත් සමහරු ධර්මය ප්‍රචාරය කරනවා තවත් සමහරු බෙහෙත් කරනවා එ් නිසා මිනිසුන් ඕනදෙයක් කියපුදෙන් මෙරට රැකගැනීම අපේ වගකීම (බ)
දේශපාලනයෙන් ඈත්වෙන්න අපේ හාමුදුරුවනේ (නි)
අනේ හාමුදුරුවනේ,ඔබවහන්සේලා දේශපාලනයෙන් ඈත්වෙන්න (නි)
ඒත් ඔබ වහන්සේලා පසුගිය අගමැතිවරු පත්කරන වෙලාවල ඔය කියන කිසිම දෙයක් අපිට ඇහුනේ නැහැනේ? (නි)
මගේ කියා කිසිම දෙයක් නැත මට කිසිදාක, කබරගොයත් තලගොයෙකුයි කන්න ඕනෑ දාට, මනුස්සකම තුට්ටු දෙකට බැස පණගිය සේක, අපිට හොරෙන් අපි විකිණෙන අමුතු රටක් මේක. (නි)
අගමැති පත්කරන පිළිවෙල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව තිබෙනවා. ඒක කියවා තේරුම්ගන්න මේ රටේ ජනතාවට සාක්ෂරතාවත් තිබෙනවා. (නි)
පුජ්‍ය පක්ෂයට අයත් ඔබවහන්සේලා අගමැති පත්කිරීම ගැන කලබල වෙන්න ඕනෑ නැහැ (නි)
ඉස්සර හාමුදුරුවරුන්ට අපේ ලොකු ගෞරවයක් තිබුනා. දැන්නම් එහෙම නැහැ. දේශපාලනයට කඩේ යන එක ගැන අපේ ප්‍රසාදයක් නැහැ (නි)
ඔබගේ මේ උත්සාහය හා සමානවම, රටේ පුරවැසියන් සියලු දෙනාම එකම නීතියක් යටතේ ජීවත්වියයුතු රටක් බිහිකිරීමට,සිංහලයාගේ අනාගතය සුරක්ෂිත කෙරෙන රටක් බිහිකිරීමට උත්සාහකරන අගමැතිවරයෙකු බිහිකිරීමට උත්සාහ කරමු (නි)
මම සන්ධානයට ඡන්දය දෙන්නේ මහින්ද අගමැති නොකරන බවට ජනපතිතුමා දෙන සහතිකය නිසා. බැරිවෙලාවත් ඔහුට අගමැතිකමක් දුන්නොත් එය නිදහස් පාක්ෂිකයා රැවටීමක් ලෙසයි මම දකින්නේ. (නි)
කොහොමත් මේ රට ලේ විලක් කරනතුරු නින්ද නොයන පිරිසකුත් ඉන්නවනේ (නි)
මෙම ඡන්දය ඉතා උණුසුම් එකක්.
හාමුදුරුවනේ, මේ සිංහල බෞද්ධ යැයි කියාගන්නා රටේ දවසකට මිනීමැරුම් කීයක් වෙනවද? ස්ත්‍රී දුෂණ කීයක් වෙනවද? හොරකම් වංචා දුෂණ කීයක් වෙනවද? කුඩු අරක්කු කසිප්පු මෙකී නොකී දේවල් කොච්චරද? මේවා බුදුදහමට අදාළද? කවුද හොඳ නරක මිනිසුන්ට කියාදෙන්නේ? අපිද? දේශපාලකයෝ දේශපාලනය කරනවා. හාමුදුරුවරුත් දේශපාලනය කරනවා. ශ්‍රී ලංකාවාසීන්ට දෙවියන්ගේම පිහිටයි. (නි)
රටේ සැබෑ වෙනසක් තිබෙනවා. ඒක වෙනස් නොවිය යුතුයි. ජනතාවට තීරණය කරන්න පුළුවන්. ජනවාරිත් තීරණය කළේ ජනතාව. (නි)
අප ඔබවහන්සේ සමඟයි හාමුදුරුවනේ (නි)
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ චීවරය දාගෙන සසුන්ගත වුණේ ගිහි ජීවිතයේ බැඳීම් වැඩි හින්දා, ආර්යඅෂ්ඨාංගික මාර්ගයට ප්‍රවේශ වෙලා අකුසල් සිත් ප්‍රහීන කරගෙන නිවනට ළංවෙන්න නේද? ඔබ වහන්සේගේ අරමුණට යන්නේ නැතුව සතර අගති වලින් එකක් වන ඡන්දයෙන් අගතියට ගිහින් හිත දුෂණය කරගෙන.ඔබ වහන්සේලාට මිනිස්සු දන් දෙන්නේ, වඳින්නේ අගමැති පත්කරන හැටි අහන්න නොවෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද අකුසල් සිත් ප්‍රහීන කරන සද්ධර්මය අහන්න.මට පෙනෙන්නේ ඔබ වහන්සේලාට දැන් ගිහියන්ගෙන් බණ අහගන්න වෙලා වගෙයි. (නි)
අපි මෙවන් හැසිරීම් ස්වාමින් වහන්සේලාගෙන් බලාපොරොත්තු නොවෙමු (නි)
අප ඔබවහන්සේ සමඟයි හාමුදුරුවනේ (නි)
ආ ඇත්තද අමායා? අප්පච්චියේ! මේ රටේ බවලතුන්ට ගිය කලක්! (නි)
ජනතා තීන්දුව කවදත් නිවැරදියි (නි)
බුද්ධිමත් ජනතා තීරණයට ඉඩදෙමු (නි)
මහින්ද දිනනවා (නි)
මට පෙනෙන හැටියට මේ ගිහි අපිට තමයි ඉස්සරහට සුත්‍ර විනය පිටක කටපාඩම් කරගෙන බුදුදහම පවත්වාගෙන යන්න වෙලා තියෙන්නේ. අයි ඉතින් පුජ්‍ය පක්ෂයට දේශපාලන පොර පිටියට යන්න ආසාව පහළ වෙලානේ. (නි)
ඔබවහන්සේ කියන එක අපේ හාමුදුරුවනේ හරියටම හරි.මේ ටික සමහරුන්ට නොතේරෙන එක තම අවාසනාව (නි)
කුමන දේශපාලනයක් කිරීමටත් රටක් ඉතිරිවිය යුතු නිසා පුද්ගලයා වැදගත් නොවේ (නි)
හාමුදුරුවරුන්ගේ දේශපාලනය අපිට නම් කැතයි. (නි)
හාමුදුරුවනේ, ආගම කියා දීලා සමාජය යහමඟට ගන්න උදවු වෙන්න.අපිට ඕනෑ හොරුන් තක්කඩින් අරාකෂා නොකරන, මිනිස් නිදහස් අගය කරන උතුම් මිනිහෙක් අගමැතිකමට පත්කරගන්න. (නි)
හාමුදුරුවෝ ඉස්සර නම් අපිට කිවුවේ නිවන් දකින්න බණ (නි)
ව්‍යවස්ථාව හොඳින් හදාරන්න අපේ හාමුදුරුවනේ.කොහොමත් ඔය වගේ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ (නි)
ඔබ වහන්සේ යන මාවත නිවැරදියි (නි)
හාමුදුරුවනේ ඔබ වන්සේලා බුද්ධාගම රැකගන්න. අනිත් ආගම වල ආගමික නායකවරු ඔයවිදිහට ආගම හැල්ලු කරමින් දේශපාලනයට අවතීරණ වී නැහැ නේද? (අ)
මමත් සන්ධානයට ඡන්දය දෙන්නේ මහින්ද අගමැති නොකරන බවට ජනපතිතුමා දෙන සහතිකය නිසා. (නි)
එහෙනම් අපි තීරණය කරන්නම් (නි)
අගමැති පත්කරන්නේ ජනතාවද? (නි)
ජනතාව කාව තීරණය කරයිද දන්නෙ නැහැ නේද? (නි)
අපේ හාමුදුරුවනේ, අපි ඔබවහන්සේලාගෙන් බලාපොරොත්තුවෙන්නේ අගමැති පත්කරන හැටි අහගන්න එක නෙමෙයි (නි)
මොකද මේ සමහරු කලබලවෙලා? (නි)
මිනිස්සු සූදානම් සත්‍යය දකින්නට (නි)
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලා අනුන්ට බණ කියනවා මිස ඇහුම්කන් දෙන්න දන්නවා නම් ඔහොම කියන්නේ නැතිවේවි (නි)
ජනතාවනේ ජනාධිපතිතුමාව පත්කළේ ලක්ෂ 68ක් ඡන්දෙ දීලා. එතුමා ජනතාව නියෝජනය කරනවා. ඉතින් එතුමාට ඒ බව කියන්න පුළුවන්. (නි)
හාමුදුරුවනේ, දේශපාලනයට ඔබවහන්සේලා ගියාම පන්සලේ ආගමික කටයුතු වලට වෙන්නේ මොකක්ද? (නි)
මමත් හිතන්නේ මේ කතාව නිවැරදියි (නි)
ඒයාට අගමැති නෙවේ ඔබ තුමාගෙන් බණ ටිකක් අහල යන තැනකට වැඩ ටිකක් කර ගත්තොත් නරකද. (බ)