පස් දින නිල සංචාරයක් සඳහා ජපානයට පැමිණ සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෝකියෝ නුවර ඉම්පීරියල්හි දී ජපානයේ පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවිය.
‘සාම්ප්‍රදායික සටන් පාඨ දේශපාලනයේ හිරකරුවන් සිටි යුගය අවසන් කර වසර දෙකක කාලයකට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුවී රට හදන යුගය දැන් උදා කර තිබෙනවා. දශක හයකට පසුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුවූ විරල අවස්ථාවෙන් සම්පූර්ණ ප්‍රයෝජනය ගැනීම සෑම කෙනකුගේම අපේක්ෂාව විය යුතුයි‘ යනුවෙන් වික්‍රමසිංහ මහතා එහි සිටි ලාංකිකයන් අමතමින් පැවසීය.
මෙම අවස්ථාවට ජපානයේ ප්‍රධාන සංඝ නායක බානගල උපතිස්ස, මැලේසියාවේ ප්‍රධාන සංඝ නායක අලූබෝමුල්ලේ රතනසිරි, ඇමරිකා එක්සත් ජනපදයේ ග්‍රේඩ් - ලේක් බෞද්ධ මධ්‍යස්ථානාධිපති බ්‍රාහ්මණගම මුදිත යන නාහිමිවරු ඇතුලු මහා සංඝරත්නය ද, මුදල් අමාත්‍ය රවී කරුණානායක, විද්‍යා තාක්ෂණ සහ තාක්‍ෂණ පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, ජපානයේ නව ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක යන මහත්වරු ද, ජපානයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ද සහභාගි වූහ.
(ඡායාරූප - ප්‍රදීප් පතිරණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ එකමුතුව අවුරුදු 5ක් තව දික් කරමු, රට ගොඩ ගනිමු.(ම)
රූපවති, මේ කීපදෙනාගේ නම් කියවලා කලන්තේ හැදුනා නම් ඉස්සර අය ගෙනියන නඩේ දැකලා සිහිය නැතිවෙන්න එපායැ. (නි)
ශාමලී ගේ අදහසට මමත් අනුමත කරනවා මමත් ඉන්නේ ජපානේ. (ර)
රූපවතී,නිකන් බොරු කතා කියවන්න එපා (නි)
හේමන්ත, ඔයාගේ අදහස නම් නියමයි (නි)
රුපවතී, මාළුවා නහින්නේ කට නිසාලු..(බ)
කලන්තේ හැදිලා වැටෙන්න දෙයක් මෙතැන වෙලා නැහැනේ.රුපවතී හොඳ දෝස්තර කෙනෙකුට පෙන්නලා බලන්න. (බ)
රනිල් මැතිතුමා හොඳ නායකයෙක්.කලන්තේ හැදිලා වැටෙන කට්ටියට ඒක තේරෙන්නේ නැහැ.කලකට ඉස්සර නම් මොන තරම් පිරිවරක් මෙවන් ගමන් වලට ගියාද? (අ)
නම් ලිස්ට් එක කියවල කලන්තේ හැදිලා වැටුනා..? (ස)
ව්‍යාපාර කරන අය එන රජයට උදව් කරනවා. එයාලගේ වාසියට රට ගැන හිතන අය නම් පේන්න නෑ. ඇති තරම් ගිය ආණ්ඩුවෙන් වැඩ අරගෙන තක්කඩි වැඩ කරලා දැන් මේ ආණ්ඩුවට හේත්තුවෙලා. නියම යූඇන්පී අය මෙතන ඉන්නේ ටික දෙනයි. මම ජපන් ඉන්න නිසා හොඳට මෙයාල ගැන දන්නවා (බ)