( තිළිණි ද සිල්වා )

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(16) ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණියේය.

2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි සැළකෙන වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව එම කැඳවීම සිදු කෙරිණි .

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් ලබා ගැනීම සම්බන්ධ පැමිණිල්ලට අදාළ සාක්ෂි විමසීම සඳහා අගමැතිවරයා  කැඳවිණි.සාක්කි ලබා ගැනීම තවදුරටත් සිදුකෙරේ.

 

ඡායාරූප : චතුර එස්.කොඩිකාර