ඕස්ට්‍රේලියාව විසින් පැනවුණු සංක්‍රමණ නීතිවල වෙනසක් සිදුනොකරන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියා මහකොමසාරිස් රොබින් මූඩි පවසයි.
සංක්‍රමණ නීති සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ ටෝනි ඇබට් වෙනුවට ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ධුරයට මැල්කම් ටර්න්බුල් පසුගියදා පත්විය.
එහෙත් මුහුදු මාර්ගයෙන් සිදුකරන මිනිස් ජාවාරම්වලට එරෙහි නීතිවල වෙනසක් සිදුනොවන බව ඔස්ට්‍රේලියා මහකොමසාරිස් පෙන්වා දෙයි.
මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සමග ඒකාබද්ධව තවදුරටත් කටයුතු කරන බව ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම හිතනවද මෙහෙ ඉන්න අය ආයේ ඔහේ ඒවි කියලා? ඔයාට වැරදිලා. ඔහේ වෙන දේවල් එක්ක බැලුවහම ඉන්න මිනිස්සුත් බලාඉන්නේ කොයි වේලාවේද පැනගන්නේ කියලා (නි)
මෙහෙන් ගියේ ගිය ආණ්ඩුව කාලේ. දැන් යන්නේ නැහැ. දැන් එහෙන් මෙහෙට එන අය නතර කරන්න වැඩ පිළිවෙලක් හදන්න වේවි. (බ)
ජාතික පිළිවෙතක අගය (බ)
මෙහෙන් ගාල අැරිය වගේ එන්න දෙනවා දැන් ? (බ)
නීති විරෝධී ලෙස බෝට්ටු වල ආපු අය අපේ රට ගැන පුළුවන් තරම් බොරු තමයි ප්‍රචාරය කළේ (බ)
අපේ ලංකාවේ වාගේ , අගමැති වෙනස් වුනාට , ජනාධිපති වෙනස් වුනාට ආණ්ඩු වෙනස් වුනාට ක්‍රමයේ සහ නීති වල සෑම දෙයකම වෙනසක් නැහැ , ඔස්ට්‍රේලියාව අපේ ලංකාව අනුගමනය කරනවා ඇති (බ)