
(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් මධ්‍යම හා ඌව පළාත්වල ජනතාවගේ සමාජ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා වන ගිවිසුමකට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ දකුණු කොරියානු සහයෝගීතා ඒජන්සියේ ප්‍රධානීහු (KOICA) එම අමාත්‍යංශයෙදී පසුගියදා අත්සන් තැබූහ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයෙන් ලබාගත් අනුමැතියක් අනුව එම ගිවිසුමට මෙලෙස අත්සන් තැබූවේය.
පානීය ජල පහසුකම් වැඩිදියුණු කිරිම, සනීපාරක්ෂක පහසුකම් නංවාලීම , පුද්ගලික ස්වස්ථතාව වැඩිදියුණු කිරීම, ප්‍රාථමික සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම, පසු අස්වනු හානි අවම කිරිම මෙන්ම ආහාර සුරක්ෂිතතාව සහ ගෘහ ආදායම් ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමා කියන ආයතන සංග්‍රහය නීතියක් නොවෙයි කියලා ලිපියක් තිබුණා.. එය රාජ්‍ය සේවය අපකීර්තියට පත්කිරීමට අමතරව රාජ්‍ය සේවය විනාශ වීමක් එයින් ඇතිවෙනවා. කොහොමද කිව්වොත් කෙනෙක් රාජ්‍ය සේවයේ පත්වීම් ගන්නේ ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි හා ඉන්පසුව නිකුත් කරන චක්‍රලේඛ අනුගමනය කිරීමට පොරොන්දු වෙලා කැමැත්ත දීලා. එනිසා රාජ්‍ය සේවයේ යහපැවැත්ම අවශ්‍ය නම් ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි ආදිය කඩකිරීම් සම්බන්ධව පවතින නීති සදහා රැකවරණයක් සැලසීමට කටයුතු කරන්න..!