(අජන්ත කුමාර අගලකඩ)
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි අග්රාමාත්ය කාර්යාලය ආරංචි මාර්ග කියයි.
ඊට අදාල ලිපිය මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවා ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.
අග්රාමාත්යවරයාගේ ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩයම අහෝසි වෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදෙ මේ වෙනුවෙන් කොළඹ ඇවිත් ගුටිකාපු සෙට් එක...
ලොකු දෙයක්...!!!
බල තණ්හාව අන්තිම මොහොතේත් ජරා වැඩක් කරලා දේශපාලන කුණුකූඩෙට විසිවුණු නායකයෙක්..
මෙච්චර දෙයක් වෙනකම් ඉඳලා යනකොට අහන්න තියෙන්නේ දැන් සැපද? කියලා...
ඇයි මේ ලේ වැගිරීමක් වෙලා තිබුණු ගරුත්වයත් කෙළෙසගෙන යන්න හිතුවේ? වයසට යනකොට මොලේ කචල් වෙලාද?
අඳුරු යුගයක ආරම්භය..! තවත් 30 අවුරුදු යුද්ධයක ආරම්භයක්...!
අවසානයේ නික්ම යයි. එනමුත් කළදේට දඬුවම් ලැබිය යුතුයි...
ජනාධිපති නන්දසේනත් මේ එක්කම ඉල්ලලා අස්වෙන්න. ඒක තමයි සියලුම රටේ මහජනතාව ඉල්ලා සිටින්නේ...
අනේ සර්.. කරුණාකර දැන්වත් ගෙදරට වෙලා ඉන්න. රට ගැන ඔයා එච්චර හිතන්න එපා.. කරපු තරම හොඳටම ඇති..
මෙයාට නිකන් යන්න දෙන්න බැහැ. ජීවිතාන්තය දක්වාම හිරේ යවන්න ඕනෑ.
ගෝඨා ඔයත් යන්න..
හෙනහුරා කපොතියි..
එදා ඥානසාර අලුත්ගමෙන් පටන් ගත්තා. අද මහින්ද අරලියගහමන්දිරෙන් පටන් ගත්තා ..
රටම ගිනි අවුලවලා කාලා යන්නේ. පරම්පරාවටම මේවට වන්දි ගෙවන්න වෙයි...!
යන්න කලින් කොරහත් බිඳගෙනම නේද යන්නේ...? හරිම ලැජ්ජයි. තමන්ගේ නමින් දේවාල හදාගන්න තරම් වීරත්වයක් උරුමව සිටි කෙනෙක් තමන්ගේ සහ තම පවුලේ සියලුම දෙනාගේ අමන, තකතීරු නොසණ්ඩාල ක්රියා පටිපාටිය නිසා අද "මයිනා" කියන අන්වර්ථ නාමය පටබැඳ ගන්නා තැනට පල්ලම් බැහැලා. කාටවත් දොස් පවරලා වැඩක් නැහැ. මේවා නැවත නිවැරදි කරගත නොහැකි තමන්ගේම වැරදි. "ගෝඨා ගෝ ගමේ" වැගිරුණු අහිංසකයින්ගේ ලේවලට ජනාධිපති, අගමැති, ආරක්ෂක ඇමති, පොලිස්පති, ත්රිවිධ හමුදාපති වරුන් ඇතුළු ආරක්ෂාව බාර සියලුම දෙනා වගකියන්න ඕනෑ. නම්බුකාර පාලකයින් ඉන්නා රටක නම් මෙලහකටත් මේ සියලුම දෙනා ජනතාවගෙන් සමාව ඉල්ලා තනතුරුවලින් ඉල්ලා අස්වෙලා. මේක මෙතැනින් අහවරයි කියලා ඔය මැර කණ්ඩායම් මෙහෙයවපු සහ ඔවුන්ට උල්පන්දන් දුන්නු කවුරු හරි හිතනවා නම් ඒ තරම් මෝල් සිතුවිල්ලක් තවත් නැහැ.
හොරාකාපු සල්ලි දීලා යන්න.
සිව් හෙලේ ගිනි අවුලා....
උද්ඝෝෂණයට පහර දුන්නු නිසා මුලුරටේම මිනිස්සු ප්රකෝප වී ඇත. මෙයා උදේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීලා ගෙදර ගියා නම් මේ මොකවත් නැත. බයියෝ බේරෙ වැවේ නාන්නෙත් නැහැ.
අයථා ලෙස හම්බකල මුදල් ජනසතු කරනතුරු රාජපක්ෂ නඩය අතුලු දේශපාලුවන්ට විදෙස්ගතවීම තහනම් කරනු...
සුබ පැතීමට ආ පිරිස ගෝල් ෆේස් නොයවා නැවත තම ගම්බිම් කරා පිටත් කර ඔබතුමා ඉල්ලා අස්වූවා නම් වඩාත් අගෙයි. විසඳුම් ඉදිරිපත් නොකර විරෝධතා පැවැත්වීම නිසාම ජනතාවට එපාවෙමින් තිබූ ගෝල්ෆේස් හමුදාවට කිසියම් ඔක්සිජන් සැපයීමක් පමණි... එමගින් සිදු වූයේ.
විරෝධතා කරුවන්ගෙන් දැන් සැපද කියලා අහන දවස වැඩි ඈතක නෙවෙයි.
රටම විනාශ කළා... දැන් ඉල්ලා අස්වෙලා ...
පාන් භාගයක් විතරයි.., තාම පරිප්පු ඉදිරියට...
රටම ගිනි තිබ්බ අන්තිම මොහොතේ.