සිංගප්පූරුවේ ලබන 18, 19 දෙදින පැවැත්වෙන දකුණු ආසියානු ඩයස්පෝරා සංසදයේ තුන්වන සැසිවාරයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට සංචාරය කිරීමට නියමිතව ඇත.
අග්‍රාමාත්‍යවරයා විසින් එහි ප්‍රධාන දේශනය සිදු කිරීමට ද නියමිතය.විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ද සැසිවාරය ඇමතීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කර සිටී.
කලාපිය වෙළඳාම, ආර්ථිකය සහ ප්‍රතිපත්ති පිළිබඳවත් අනාගත අභියෝග පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සැසිවාරය සඳහා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඇතුළු කලාපයේ දේශපාලන, ව්‍යාපාරික, අධ්‍යාපන සහ සිවිල් සංවිධාන නායකයින් සහභාගී වන බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල් - නිව්යෝර්ක්, ඩයස්පෝරාවේ එකම ජාතිකයන් මිලියන ගණන් ඉන්න ජාතිය කවුරුන්ද? අපේ රටේ වැඩවලට අතපොවන ඩයස්පෝරාව කවුද? ඔබ ඇතුළු සිංහලයින් ඩයස්පෝරාවේ වුණාට සිංහල ඔබලාට එකතු වී කරන්න පුළුවන් දෙය මොකක්ද? කළ දෙය මොකක්ද? (නි)
"ඩයස්පෝරා" කියන්නේ වෙන රටක ජීවත්වෙන රටක් නැති මිනිසුන්. මේ සන්තෝෂ කරන්න යන්නේ කව්ද? කාට ආදරේටද? සාමාන්‍ය ජනතාවගේ අපේක්ෂා ඉෂ්ට නොකර මේ සිද්ධවෙන දේවල් නම් අනුමත කළනොහැකිය (නි)
සමහරු 'ඩයස්පෝරා' කියන නම ඇහුනු ගමන් බයවෙනවා. නමුත් ඩයස්පෝරාව කියන්නේ රටකින් පිටව ජීවත්වන එරටේ සියලු දෙනා. ලංකාවෙන් පිටව සිටින මම ඇතුළු සිංහල, දමිල, මුස්ලිම් සියල්ලෝම ඩයස්පෝරා සාමාජිකයින්. (නි)
එකපාරක් සිංගප්පුරුවෙන් යාලුවෙක් ගෙනාවා නේද? අායෙත් එහෙන් කෙනෙක් ගේන්න නම් එපා. (නි)
ඔබට සුබ ගමන්! (නි)
දැන්ඉතින් ලොව වටා රවුම් ගහමු නේද? (නි)
ලංකාවේ ඉන්න අපි ගැන බලන්න කවුරුත් නැහැ. (ර)
නියමයි. ගිහින් ඉක්මණට එන්න (නි)
දැන් හොඳටම ඇති අගමැතිතුමනි. මහජන විරෝධතා එනවා පේනවා නේද? (නි)
ගියාට නම් වරදක් නැහැ. එ්ත් අායෙත් අර වගේ කෙනෙක් වනම් ලැහැස්ති කරගෙන එන්න එපා (නි)
දැන් සමහරුන්ට බොහොම හිතට අමාරු ඇති (නි)
එයා කවදත් කළ විදිහට තමයි මෙදාත් කරන්නේ (නි)
මොකටද සුදේශ් සුබ පතන්නේ? හැම එකටම සුබ පතනවා. (නි)
අපි ඔබට මුලු හිතින්ම සුබ පතනවා! (නි)
සිංගප්පුරුවේ අගමැතිට මේකේ කතාවක් පවත්වන්න වෙලාවක් නැතුව ඇති. අපේ අයට නම් එහෙම නොවෙයිනේ. (නි)
ඔබ දෙපළට සුබ ගමන්! (නි)