රාවනා යුගයේ පටන් හෙළ යක්ෂ වංශිකයන්ගෙන් පැවත එන පැරණි සටන් කලාවක් වූ අංගම් සටන් කලාව එදා සිටි වීර මුතුන් මිත්තන්ගේ වීරත්වය මතු පරපුරට පෙන්වා ඔප් නැංවීමට යයි. දැනට ඉතිරිව ඇති අංගම් සටන් ශිල්පය වර්තමාන ජනතාවට දැනගැනීමටත් , දරුවන්ට ඉගැන්වීමටත් එහි ඇරඹුමක් ලෙස අංගම් මුහන්දිරම්. කොඩිය 2014-10-05 දින මහනුවර ශ‍්‍රී දළඳා සමිදුන් අභියස පිරිත් කර කුණ්ඩසාලේ නත්තරම්පත ගල්මඩුව රජමහා විහාරස්ථානයේදී විහාරාධිපති ගල්මුල්ලේ සුමංගල හිමියන් විසින් නැවත එසැවිණි.
කන්ද උඩරට රාජධානියේ අංගම් සටන් පරම්පරා දෙකක් තිබූ බවත්. රට, ජාතිය හා ආගම රැකීමට හා එදා රජවරුන්ගේ විශේෂ ආරක්ෂකයන් හැටියට සුදලිය හා මරු වල්ලිය යන අංගම් සටන් පරම්පරා දෙක සේවය කර ඇති බවත් 1818 ඔක්තෝබර් හයවැනි දින ජෝන් ඩොයිලිගේ විශේෂ ඉල්ලීමක් පිට රොබට් බවුන්රිග් ආණ්ඩුකාරතුමා විශේෂ නිවේදනයකින් අංගම් සටන් කලාවත් ඒවා පුරුදු පුහුණු කළ ඉලංගම් මඩුත් අංගම් සටන් පෙළපතුත් තහනම් බවට නිවේදනය කර තිබිණ. ඒ වගේම රජවරුන්ගේ සේනාංක බවට පත් වූ අස්පන්තියෙ මුහන්දිරම් අංගම් මුහන්දිරම්, පොරෝකාර මුහන්දිරම් යන ප්‍රධාන නිල තල අහෝසි කැරිණි. මෙම ශිල්පීන් රටෙන් පිටුවහල් කරන්නටත්, සිරබාරයට ගැනීමටත්, වස දී මැරීමටත් මේ සුදු ජාතිහු ක්‍රියා කළහ. වර්තමාන අංගම් පොර සටන් ශාස්ත‍්‍රයේ කොරතොට ආරච්චි සටන් පරම්පරාවේ මුහන්දිරම් වන අජන්ත මහන්තාරච්චි මහතා එම තොරතුරු පවසයි.
‘‘මේ අංගම් ශිල්පීන් උපක්‍රම සහිතව හා රහසිගතව නැටුම් ආකාරයෙන් මෙම සටන් කලාව රැක ගත්හ. එදා සිට මේ දක්වා වසර 196 ක් පමණ කාලයක් මේ තහනම ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ මතු පරපුරට මෙම සටන් කලාව එදා බ්‍රිතාන්‍යයන් තහනම් කළ පසු, එදා සුද්දන් විසින් ගිනි තැබුණු අංගම් මුහන්දිරම් කොඩිය පවා මේ දක්වා නැවත එසවීමක් හා තහනම ඉවත් කිරීමක් සිදු වී නැහැ“ මහන්තාරච්චි මහතා එසේද කියයි. එම තහනම ඉවත් කරන්නැයි ඔහු ජනපතිගෙන් ඉල්ලයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉගන ගන්න කැමැති ළමයෙකුට සහභාගි වෙන්න විස්තරත් ඇතුලත් කලා නම් වඩාත් හොඳයි. (ර)
මතු පරපුර මෙවැනි දෑ අගයකර ඉදිරියට රැගෙන යාවි. එය ජාතියකට අත්‍යාවශ්‍යයයි. මේ සත් ක්‍රියාවට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි. ගරුතර ස්වාමීන්වහන්සේටත් ඒ තරුණ දරුවන්ටත් යෝධ වීර්ය යෝධ ශක්තිය ප්‍රාර්ථනා කරනවා. (ර)
අජන්ත විරුවා, ඇතුළු සියලු කණ්ඩායමේ සියලු ශිල්පීන්ට මේ උතුම් කලාව තව දුරටත් දියුණු කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා.! (ර)
ගැහැණු දරුවන්ගේ ඉදිරිපත්වීම, නිපුණත්වය පිලිබඳ ආඩම්බරයි. අතීතයේ සිටි බිසෝවරුන්ගේ කතා ඇත්ත වෙන්න ඇති කියල හිතෙනවා. මේ දූලගේ දෙමව්පියන්ට ස්තූතියි. (ර)
තායිලන්තයට ආවේණික වූ ඔවුන්ගේ පෞරාණික සටන් කලාව නුතන බොක්ෂිං සටන් කලාව හා මිශ්‍ර කර මුළු ලොවටම එහි ඇති වැදගත්කම තායි මිනිසුන් විසින් පෙන්වා දුන්නා. අද එම සටන් කලාව ලොව ක්‍රීඩා වලින් නම් දරා ඇති රටවල් වල අය පවා එහි පැමිණ ඉගනගන්නවා. අද දින එම සටන් කලාව නැතුවම බැරි සටන් කලාවක් බවට ඔවුන් විසින් පත්කර ඇත. අපගේ මෙම අංගම් සටන් කලාවෙහි ඇති පෞරාණික බව රැකගනිමින් එය නවීකරණය කොට ලොවට ගෙන යායුතුය. අප එම සටන් කලාවේ ගුරු මුෂ්ටිය රැකගතහොත් වන්නේ එහි රහසිගතබව එහිම රැකගෙන මිහිදන්වීමය. (නි)
දැන්වත් අපේ ඉතිහාසය නිවැරදි කරගත්තොත් හොඳයි. (නි)
සීගිරිය නොදකින ලද, ශ්‍රීපාදය නොනැඟි, අධිරාජ්‍යවාදය සක්වල ගලේ ගහන්න කෑමොර දෙන අපේ කාලයේ වීරවරුන්ටවත් මතක් වුණේ නැද්ද සුද්දා තහනම් කළ මේ කලාවන් ඒ බැමි වලින් මුදාගන්න? (නි)
රජින්ද,ඔබේ රත්තරන් අදහස හරිම අගෙයි. (නි)
ඔබලා නියම වීරයෝ. ඔබ සැමට මගේ ප්‍රණාමය. (ර)
අපි සිංහයො කියල ලෝකෙටම පෙන්නන්න උඹලට ශක්තිය ධෛර්යය ලැබේවා.(අ)
මේ ශිල්පය හෙලයගේ. ඒත් අන්‍යජාතීන් අතරට යවන්න එපා. (නදී)
පුදුමාකර ආඩම්බරයක් උඹලා ගැන ඇති වුණේ. අපේ සිංහල කොල්ලන්ට කෙල්ලන් දළදා සමිඳු පිහිටයි. (නදී)
හරිම අභිමානයක් දැනුනා හිතට (නි)
උත්තරීතර සත් ක්‍රියාවක්.! මේ රටේ දැවැන්ත දේශපාලනික පෙරලියක් වෙන්න නම්, ඉතිහාසේ පැවති අදටත් අපේ ලේ වල සගවා ඇති සිංහලකම එලියට ගත යුතුයි. සුද්දන් විසින් දේශද්‍රෝහීන් යයි හදුන්වාදුන් සියලුම වීරවරයින් දේශප්‍රේමීන් ලෙස නිවේදනය කර පාසල් පෙළ පොතේ පටන් ඒවා වෙනස් කළ යුතුයි.(හේ)
ඇයි මේ තහනම ඉවත් කරන්න බැරිද? මෙවන් ශිල්පයක් යටපත්වීමට හැරීම මහා අපරාධයක් (නි)
ඔසවයි ප..