අම්පාර ඔලූවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ගැටළුවක් සම්බන්ධයෙන් පසුගියදා පවත්වන ලද විරෝධතාවයේදි විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලට හානි කරන ලද සිසුන් 13 දෙනකු අක්කරපත්තු පොලිසිය අත් අඩංගුවට ගනු ලැබිණි.
මෙම විරෝධතා පැවැත්වෙන දිනයේ විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය සමග සිසුන් පිරිසක් සාකච්ඡා කරමින් සිටියදි තවත් සිසුන් පිරිසක් පැමිණ පාලන ගොඩනැගිල්ලේ ජනේල් කඩා හානි සිදුකළ බවට පාලන අධිකාරිය කළ පැමිණිල්ලක් අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අධිකරණයට ඉදිරිපත් කළ සිසුන් 20 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට අක්කරපත්තුව මහේස්ත‍්‍රාත් එච්.එම්.මොහමඩ් පසිල් මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැම්පස් ඵක තියෙන්නේ කොහෙද කියලවත් දන්නවද?කැම්පස් ඵකකට වැස්සකටවත් ගිහින් තියෙනව ද??දෙයක් දැන ගෙන කතා කරන්න (බ)
ඉගෙන ගත්තත් තවම සිටින්නේ ගෝත්‍රික මානසිකත්වයේ එකයි මහජන දේපලවලට අලාභ හානි කරන්නේ. (අ)