නවක වදය දීමේ සිද්ධියකට සම්බන්ධ බව කියන අග්නිදිග විශ්ව විද්‍යාලයයේ කලමනාකරණ පීඨයේ දෙවන වසරේ සිසු සිසුවියන් 331දෙනෙකුට විශ්ව විද්‍යාලයට ඇතුළුවීම දින නියමයක් නොමැතිව තහනම් කර තිබේ.
මෙලෙස විශ්ව විද්‍යාලය තහනම් කලාපයක් බවට පිරිස අතර සිසුවියෝ 220 දෙනෙක් සිටිති.
අග්නිදිග විශ්ව විද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ ලෙකම් තිලිණ විරාජ් සදහන් කළේ කලමනාකරණ පීඨයේ නවක සිසුන් සදහා දෙවන වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් නවක වදය ලබා දී නොමැති බවයි. මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු නොකර මෙලෙස විශ්ව විද්‍යාලය තහනම් කලාපයක් කිරීම පළිගැනීමක් සේ සලකන බව ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහණ, කියන දේ අහන්නෙත් නැත්නම්, මුරණඩු නම්, අකමැත්තෙන් හෝ සිද්ධවෙනවා මේ වගේ දරදඬු තීරණ ගන්න. මේ ක්‍රමයම අනිත් විශ්ව විද්‍යාල වලත් කරන්න ඕනෑ. (නි)
රෝහණ, රැගින් , කියන එක සුද්දගේ වචනයක්. පොඩ්ඩක් හොයල බලන්න. (බ)
නවක වදයට නැවතීමේ තිත තැබිය යුතුයි. ඒවාට ආසාව තිබෙන අය තට්ටු මාරු ක්‍රමයට නවක වදය තමන් කැමති විදියට හොඳ පිට්ටනියක් තොර ගෙන හෝ තමාගේ ගෙදර රැස්වී තම දෙමව්පියන්ගේ ආශීර්වාදය මැද කර ගත යුතුයි. (ම)
පාරට බහින්න. කරන්න දන්නා එකම දේ ඕකනේ. (නි)
හැම විශ්ව විද්‍යාලයේම මෙහෙම කරනවා නම් හොඳයි (නි)
ඉතා හොඳ තීරණයක්. මෙවැනි දඬුවම් නොදුන්නොත්, මේ සිසුන්ගේ පහත් මානසිකත්වය හදන්න බැහැ. ශිෂ්‍ය නායකයෝ හැමවිටම කියන්නේ බොරු. (නි)
එඩිතර තීරණ ගැනීමට බිය නැති අග්නිදිග විශ්ව විද්‍යාලයේ පාලක මණ්ඩලයට මගේ ප්‍රණාමය! (නි)
බෞද්ධ රටක් වෙලත් ඇයි මේ වනචාරී වදදීම් කරන්නේ? බටහිර රටවල විශ්ව විද්‍යාල වල මෙවැනි දේ අහන්නටවත් නැත (නි)
යන්තම් ඇති කාලෙකින් හොඳ ප්‍රවෘත්තියක් ඇහුවා (බ)
බටහිර රටවල කොල්ලෝ වැදගත් විදියට උද්ඝෝෂණය කරන්නේ. මොවුන්ට දැඩි දඬුවම් දියයුතුයි (නි)
හොඳ වැඩේ. හොඳම වැඩේ (නි)