IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අග්නි දිග සරසවියේ 53 ක් රිමාන්ඩ්

අග්නිදිග සරසවියේ ගැටුම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුහු පනස් තුන් දෙනෙක් සමන්තුරේ වැඩබලන මහේස්ත්‍රාත් ඒ එම් නසීල් මහතා විසින් ලබන අට වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.

මේ පිරිස අතර ශිෂ්‍යාවෝ සිව් දෙනෙක්ද වෙති.

 

 



අදහස් (0)

අග්නි දිග සරසවියේ 53 ක් රිමාන්ඩ්

රමණි Friday, 04 October 2013 09:36 PM

මේ ළමයිනේ අනාගතය කොහොම වෙයිද? (දී)

:       0       0

නිමල් Friday, 04 October 2013 09:36 PM

විශ්ව විද්‍යාලෙට යන්නේ මේකටද? (දී)

:       0       0

අග්නිදිග සරසවි සිසුවෙක්. Friday, 04 October 2013 09:36 PM

ඇත්තටම මේ සිද්දිය ගොඩක් අය වැරදියට තේරුම් අරගෙන. මෙතන තියන්නේ, මුස්ලිම් සිංහල ප්‍රශ්නයක් නෙමෙයි. ව්‍යවහාරික විද්‍යා පීටයේ නේවාසිකාගාර ගැටලුවක් දුර දිග යාමෙන් ඇතිවුන සිද්දියක්. දෙවන වසර හා තෙවන වසර සිසුන් අතර (ව්‍යවහාරික විද්‍යා පීටයේ) ඇතිවුන සුළු අරව්ල විසදෙමින් පවතින අවස්ථාවක , කළමනාකරණ පිටයේ සිසුන් 80 ක් පමණ පොලු, බය්සිකල් චේන්, මුගුරු, රැගෙන විත්, සියලුදෙනා ඉදිරියේ,( පොලිසිය, ව්‍යවහාරික විද්‍යා පීටයේ ඩීන් , ආචාර්ය වරු , මාෂල් ) ව්‍යවහාරික විද්‍යා පීටයේ දෙවන වසර සිසුන්ට පහර දී ඇත. මේ පහර කෑමට ලක්වුයේ, ආපන ශාලාව තුල දිවා ආහාරය ගනිමින් සිටි සිසු සිසුවියන්ය. අවාසනාවන්ත සිද්දිය වුයේ සිසුවියන්ද පහර කෑමය.(දී)

:       0       0

අග්නිදිග සරසවි සිසුවෙක්. Friday, 04 October 2013 09:36 PM

ඇත්තටම මේ සිද්දිය ගොඩක් අය වැරදියට තේරුම් අරගෙන. මෙතන තියන්නේ, මුස්ලිම් සිංහල ප්‍රශ්නයක් නෙමෙයි. ව්‍යවහාරික විද්‍යා පීටයේ නේවාසිකාගාර ගැටලුවක් දුර දිග යාමෙන් ඇතිවුන සිද්දියක්. දෙවන වසර හා තෙවන වසර සිසුන් අතර (ව්‍යවහාරික විද්‍යා පීටයේ) ඇතිවුන සුළු ආරව්ල විසදෙමින් පවතින අවස්ථාවක , කළමනාකරණ පිටයේ සිසුන් 80 ක් පමණ පොලු, බයිසිකල් චේන්, මුගුරු, රැගෙන විත්, සියලුදෙනා ඉදිරියේ,( පොලිසිය, ව්‍යවහාරික විද්‍යා පීටයේ ඩීන් , ආචාර්ය වරු , මාෂල් ) වයවහාරික විද්‍යා පීටයේ දෙවන වසර සිසුන්ට පහර දී ඇත. මේ පහර කෑමට ලක්වුයේ, ආපන ශාලාව තුල දිවා ආහාරය ගනිමින් සිටි සිසු සිසුවියන්ය. අවාසනාවන්ත සිද්දිය වුයේ සිසුවියන්ද පහර කෑමය. (දී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 05 October 2013 11:59 AM

කවුරු කලත් තරාතිරම නොබලාම දඬුවම් කරමු අඩු තරමේ ඊළගට එන අය හරි හෙදෙයිනේ !

:       0       0

අග්නිදිග සරසවි සිසුවෙක් 2013-10-04 Friday, 04 October 2013 10:07 PM

ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ මොනමයම් හෝ ගැටළුවක් ඇති උනොත් ඒක ගොඩක් පිරිස කියන්න උත්සහ කරන්නේ ජාතිවාදී අරගලයක් විදියට.හරියට සිද්දිය මොකක්ද කියල දන්නේ නැතුව නොයෙකුත් කට කතා පතුරවන්න බලන් ඉන්න පිරිසක් මේ හැම සිද්දියක් පිටිපස්සෙම ඉන්න බව පේනවා.අපේ විශ්වවිද්‍යාලයට මොන දේශපාලන අතපෙවීම් කරන්න ආවත් අපි එකට ඉඩ තියන්නේ නැහැ කිසිම විදියකින්වත්.විශ්වවිද්‍යාලයේ පරිපාලනය සිසුන්ගේ ගැටලුවලට විසඳුම් දෙන්නේ හැමවිටම අසාධාරණ විදියට.ඒ නිසා තමයි මේවගේ ප්‍රශ්න ඇතිවෙන්න හේතුව.මෙහෙම වෙලා හරි ඉහල ඉන්න නිලදාරී මේවා දැනගනීවිනේ.එහෙම හරි මේ ගැටළු විසඳෙන ඒක හොදයි (දී)

:       0       0

ලලිත් අපොන්සු Friday, 04 October 2013 11:20 PM

ලංකාවේ පාලනයේත් නීතියේත් හිස්බව ඔප්පු වු තවත් අවස්ථාවක්. (නි)

:       0       0

නාමල් Friday, 04 October 2013 03:37 PM

මේ අය කවුද? මොන පක්ෂයේද? වැරැද්ද මොකක්ද? (නි)

:       0       0

කුමාරිහාමි Friday, 04 October 2013 03:46 PM

දැන් ඉතින් බැනපල්ලා අහිංසක සංජීවට. (නි)

:       0       0

කුමාරිහාමි Friday, 04 October 2013 03:55 PM

කාන්තාවන් ඉදිරියට පැමිණීම යහපත්ය. මෙතෙක් සරසවි සිසු අරගල පුරුෂාධිපත්‍යයට යටවී තිබුණි. ඒ තත්වය මෙලෙස ටිකෙන් ටික හෝ වෙනස්වීම යහපත්ය. මේ සිසු සිසුවියන් බොහෝ විට දෙමල හෝ මුස්ලිම් විය හැක. අරගල කිරීමට සිංහල සිසුන්ට ඇති අයිතිය ඔවුන්ටද ඇත. මේ නංගිලා සිවුදෙනා උපාධි ලබන කාලේ වෙද්දී පළාතම හොල්ලන අක්කලා සිවුදෙනෙක් වේවා යයි පතමි. (නි)

:       0       0

රාමනායක Sunday, 06 October 2013 10:50 AM

මම අග්නි දිග විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ දෙවෙනි වසර සිසුවෙක්. අප පීඨයේ ඇති වූ සිසු ගැටුම හුදෙක් දේශපාලන අත පෙවීමක් නිසා සිදුවූ ගැටුමක් බව විවිධ අන්තවාදීන් ප්‍රකාශ කර සිටි. නමුත් එය සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයකි. එම ගැටුම ඇතිවුයේ ශිෂ්‍ය සංගම් නිලවරණයේදී පරාජයට පත්වූ කණ්ඩායම දෙවෙනි වසර සිසුන්ට නේවාසිකගාර ප්‍රශ්නයක් මුල් කරගෙන සිදු කල ගැටුමක්ය. ඉන්පසු ඔවුන් අප සරසවියෙම කළමනාකරණ පීඨයේ ඔවුන්ට හිතවත් තෙවන වසර සිසුන් ගෙන්වා අප පීඨයේ පීඨාධිපති,ආචාර්යවරු සහ උසස් පොලිස් නිලධාරීන් ඉදීරිපිට ඉතා අමානුෂික ලෙස (චෙන්,බෙල්ට්,පොලු,ගල් මුගුරුවලින්,යකඩ පුටුවලින්) පහර දුන්හ. මෙම ගැටුමට මුල්වූ ප්‍රධාන හේතුව මෙයයි.(නදී)

:       0       0

ලුම්බිණි Friday, 04 October 2013 04:13 PM

වරෙන්තු පිට ප්‍රසිද්ධියේ ඉන්න අය අල්ලන්න බැරි වුණත් පොලිසිය ළමයි ටික නම් අල්ලලා. (නි)

:       0       0

රංග Friday, 04 October 2013 04:43 PM

කාර් රේස් යන්න කෝටි ගණන් සල්ලි තියනවා. අධ්‍යාපනයට සල්ලි නැහැ (නි)

:       0       0

සෙහාන් Friday, 04 October 2013 05:28 PM

ඒ පැත්ත ඔවුන්ට දෙන්න වෙයි වගේ මෙහෙම යනකොට. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 04 October 2013 07:58 PM

මේ සිදුවීම අපිත් වරදවා වටහා ගත්තා.මේ ගහගෙන තියෙන්නේ අපේ සිංහල සිසුන්ම තමයි. 2 වසර හා 3 වසර අතර ඇති වූ ආරවුලක්.මෙතන වෙනත් වාර්ගික ප්‍රශ්නයක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site