අග්නිදිග සරසවියේ ගැටුම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුහු පනස් තුන් දෙනෙක් සමන්තුරේ වැඩබලන මහේස්ත්‍රාත් ඒ එම් නසීල් මහතා විසින් ලබන අට වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
මේ පිරිස අතර ශිෂ්‍යාවෝ සිව් දෙනෙක්ද වෙති.
අග්නිදිග සරසවියේ ගැටුම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුහු පනස් තුන් දෙනෙක් සමන්තුරේ වැඩබලන මහේස්ත්‍රාත් ඒ එම් නසීල් මහතා විසින් ලබන අට වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
මේ පිරිස අතර ශිෂ්‍යාවෝ සිව් දෙනෙක්ද වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළමයිනේ අනාගතය කොහොම වෙයිද? (දී)
විශ්ව විද්‍යාලෙට යන්නේ මේකටද? (දී)
ඇත්තටම මේ සිද්දිය ගොඩක් අය වැරදියට තේරුම් අරගෙන. මෙතන තියන්නේ, මුස්ලිම් සිංහල ප්‍රශ්නයක් නෙමෙයි. ව්‍යවහාරික විද්‍යා පීටයේ නේවාසිකාගාර ගැටලුවක් දුර දිග යාමෙන් ඇතිවුන සිද්දියක්. දෙවන වසර හා තෙවන වසර සිසුන් අතර (ව්‍යවහාරික විද්‍යා පීටයේ) ඇතිවුන සුළු අරව්ල විසදෙමින් පවතින අවස්ථාවක , කළමනාකරණ පිටයේ සිසුන් 80 ක් පමණ පොලු, බය්සිකල් චේන්, මුගුරු, රැගෙන විත්, සියලුදෙනා ඉදිරියේ,( පොලිසිය, ව්‍යවහාරික විද්‍යා පීටයේ ඩීන් , ආචාර්ය වරු , මාෂල් ) ව්‍යවහාරික විද්‍යා පීටයේ දෙවන වසර සිසුන්ට පහර දී ඇත. මේ පහර කෑමට ලක්වුයේ, ආපන ශාලාව තුල දිවා ආහාරය ගනිමින් සිටි සිසු සිසුවියන්ය. අවාසනාවන්ත සිද්දිය වුයේ සිසුවියන්ද පහර කෑමය.(දී)
ඇත්තටම මේ සිද්දිය ගොඩක් අය වැරදියට තේරුම් අරගෙන. මෙතන තියන්නේ, මුස්ලිම් සිංහල ප්‍රශ්නයක් නෙමෙයි. ව්‍යවහාරික විද්‍යා පීටයේ නේවාසිකාගාර ගැටලුවක් දුර දිග යාමෙන් ඇතිවුන සිද්දියක්. දෙවන වසර හා තෙවන වසර සිසුන් අතර (ව්‍යවහාරික විද්‍යා පීටයේ) ඇතිවුන සුළු ආරව්ල විසදෙමින් පවතින අවස්ථාවක , කළමනාකරණ පිටයේ සිසුන් 80 ක් පමණ පොලු, බයිසිකල් චේන්, මුගුරු, රැගෙන විත්, සියලුදෙනා ඉදිරියේ,( පොලිසිය, ව්‍යවහාරික විද්‍යා පීටයේ ඩීන් , ආචාර්ය වරු , මාෂල් ) වයවහාරික විද්‍යා පීටයේ දෙවන වසර සිසුන්ට පහර දී ඇත. මේ පහර කෑමට ලක්වුයේ, ආපන ශාලාව තුල දිවා ආහාරය ගනිමින් සිටි සිසු සිසුවියන්ය. අවාසනාවන්ත සිද්දිය වුයේ සිසුවියන්ද පහර කෑමය. (දී)
කවුරු කලත් තරාතිරම නොබලාම දඬුවම් කරමු අඩු තරමේ ඊළගට එන අය හරි හෙදෙයිනේ !
ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ මොනමයම් හෝ ගැටළුවක් ඇති උනොත් ඒක ගොඩක් පිරිස කියන්න උත්සහ කරන්නේ ජාතිවාදී අරගලයක් විදියට.හරියට සිද්දිය මොකක්ද කියල දන්නේ නැතුව නොයෙකුත් කට කතා පතුරවන්න බලන් ඉන්න පිරිසක් මේ හැම සිද්දියක් පිටිපස්සෙම ඉන්න බව පේනවා.අපේ විශ්වවිද්‍යාලයට මොන දේශපාලන අතපෙවීම් කරන්න ආවත් අපි එකට ඉඩ තියන්නේ නැහැ කිසිම විදියකින්වත්.විශ්වවිද්‍යාලයේ පරිපාලනය සිසුන්ගේ ගැටලුවලට විසඳුම් දෙන්නේ හැමවිටම අසාධාරණ විදියට.ඒ නිසා තමයි මේවගේ ප්‍රශ්න ඇතිවෙන්න හේතුව.මෙහෙම වෙලා හරි ඉහල ඉන්න නිලදාරී මේවා දැනගනීවිනේ.එහෙම හරි මේ ගැටළු විසඳෙන ඒක හොදයි (දී)
ලංකාවේ පාලනයේත් නීතියේත් හිස්බව ඔප්පු වු තවත් අවස්ථාවක්. (නි)
මේ අය කවුද? මොන පක්ෂයේද? වැරැද්ද මොකක්ද? (නි)
දැන් ඉතින් බැනපල්ලා අහිංසක සංජීවට. (නි)
කාන්තාවන් ඉදිරියට පැමිණීම යහපත්ය. මෙතෙක් සරසවි සිසු අරගල පුරුෂාධිපත්‍යයට යටවී තිබුණි. ඒ තත්වය මෙලෙස ටිකෙන් ටික හෝ වෙනස්වීම යහපත්ය. මේ සිසු සිසුවියන් බොහෝ විට දෙමල හෝ මුස්ලිම් විය හැක. අරගල කිරීමට සිංහල සිසුන්ට ඇති අයිතිය ඔවුන්ටද ඇත. මේ නංගිලා සිවුදෙනා උපාධි ලබන කාලේ වෙද්දී පළාතම හොල්ලන අක්කලා සිවුදෙනෙක් වේවා යයි පතමි. (නි)
මම අග්නි දිග විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ දෙවෙනි වසර සිසුවෙක්. අප පීඨයේ ඇති වූ සිසු ගැටුම හුදෙක් දේශපාලන අත පෙවීමක් නිසා සිදුවූ ගැටුමක් බව විවිධ අන්තවාදීන් ප්‍රකාශ කර සිටි. නමුත් එය සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයකි. එම ගැටුම ඇතිවුයේ ශිෂ්‍ය සංගම් නිලවරණයේදී පරාජයට පත්වූ කණ්ඩායම දෙවෙනි වසර සිසුන්ට නේවාසිකගාර ප්‍රශ්නයක් මුල් කරගෙන සිදු කල ගැටුමක්ය. ඉන්පසු ඔවුන් අප සරසවියෙම කළමනාකරණ පීඨයේ ඔවුන්ට හිතවත් තෙවන වසර සිසුන් ගෙන්වා අප පීඨයේ පීඨාධිපති,ආචාර්යවරු සහ උසස් පොලිස් නිලධාරීන් ඉදීරිපිට ඉතා අමානුෂික ලෙස (චෙන්,බෙල්ට්,පොලු,ගල් මුගුරුවලින්,යකඩ පුටුවලින්) පහර දුන්හ. මෙම ගැටුමට මුල්වූ ප්‍රධාන හේතුව මෙයයි.(නදී)
වරෙන්තු පිට ප්‍රසිද්ධියේ ඉන්න අය අල්ලන්න බැරි වුණත් පොලිසිය ළමයි ටික නම් අල්ලලා. (නි)
කාර් රේස් යන්න කෝටි ගණන් සල්ලි තියනවා. අධ්‍යාපනයට සල්ලි නැහැ (නි)
ඒ පැත්ත ඔවුන්ට දෙන්න වෙයි වගේ මෙහෙම යනකොට. (නි)
මේ සිදුවීම අපිත් වරදවා වටහා ගත්තා.මේ ගහගෙන තියෙන්නේ අපේ සිංහල සිසුන්ම තමයි. 2 වසර හා 3 වසර අතර ඇති වූ ආරවුලක්.මෙතන වෙනත් වාර්ගික ප්‍රශ්නයක් නැහැ. (නි)