(යොහාන් භාසුර)

පාතාල නායක මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා’ නීතිවිරෝධීව ඉන්දියාවට පැනගොස් සිටියදී හෘදයාබාධයකින් මියගිය බව ඩීඑන්ඒ පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

‘අංගොඩ ලොක්කා’ පසුගිය වසරේ (2020) ජුලි 3 වැනි දින බාලාජිනගර්හිදී මියගිය අතර ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොයිම්බතූර් වෛද්‍ය විද්‍යාලයේදී පැවැත්විණි.