
(***සුජිත් හේවාජුලිගේ සහ ***නාලක සංජීව දහනායක)
පාතාල කල්ලි නායක ලසන්ත චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තාගේ ප්රධාන වෙඩික්කරු බව පැවැසෙන අසිත හේමතිලක නොහොත් සොල්ටා නැමැත්තා මුල්ලේරියාව වැලිවිට ප්රදේශයේදී ඊයේ (11) රාත්රී පොලිස් නිලධාරීන් පිරිසක් කළ වෙඩි තැබීමකින් මරුමුවට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී මොහු පොලිස් නිලධාරීන්ට අත් බෝම්බයක් දමා ගැසීමට උත්සාහ දරා ඇතැයි කියති. ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමකින් ඔහු මියගිය බව පොලිසියේ ප්රකාශකයෙක් පැවැසීය.
මියගිය පුද්ගලයා ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයකු බවට පොලිස් පරීක්ෂණවලදී තොරතුරු හෙළිවී ඇත. මේ සිද්ධියෙන් පසුව පොලිසිය විසින් ප්රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් අරඹන ලදී.
පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කා නමැත්තාද මීට සති කිහිපයකට ඉහතදී ඉන්දියාවේදී අභිරහස් අන්දමින් මියගොස් තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පුවතක්... ස්තුතියි ජනපතිතුමනි...
කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හරිවැඩේ කරනවා.
රටට ශාපයක් වී ඇති කප්පම් කල්ලි, මැරයින්, කුඩු කාරයින් රටින් අතුගා දැමිය යුතුයි. පොලිසියට මේ සඳහා සියලු ශක්තිය ලැබේවා යයි ප්රාර්ථනා කරමි.
ඉතාම හොඳයි. පසුගිය රජය, හොරුන්, තක්කඩින්, කප්පන්කාරයින්ව ආරක්ෂා කළා පමණක් නොවේ... මහපාරේ රිලා නැටුම් නටපු රිලවුන් ඉදිරියේත් දණ ගහගෙනයි සිටියේ....
පාතාලය මේ අයුරින් නවත්වන්නයි, අපි ගෝඨාභය මහත්තයාව ජනාධිපති කළේ. 2/3ක් ඡන්දෙ දුන්නෙත්....
පහුගිය කාලේ කුඩු කාරයින්ට මරණ දඬුවම නියම කරනවිට ඒකට විරුද්ධ වුණා. දැන් පොලිසිය නඩු අහන්නේ නැතිව මරණ දඬුවම දෙනවා. ඕක දිගටම ගිහින් පුද්ගලික තරහ කාරයොත් ආයුධ පෙන්නන්න ගිහින් මරලා දමාවි. එහෙම දේවල් අතීතයේ වුණා. මේක නරක පූර්වාදර්ශයක්. පොලිසියෙ නොහැකියාව... හිතන්න මේ මරණයත් සමග වැලලී යන රහස් නිසා අපරාධ කීයක් වැලලී යයිද?