(ඩයනා උදයංගනී)
රජයේ රෝහල්වලට අවශ්‍ය අක්ෂිකාච ගෙන්වීම තවත් මාස හයක පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව වෛද්‍ය සැපයුම් අංශ ආරංචි මාර්ග කියයි.
ඉදිරිපත්වූ මිල ගණන් යටතේ අක්ෂිකාච ලබා දීමට නොහැකි බව සැපයුම්කරුවන් දැනුම් දීම නිසා මෙම තත්වය මතුව ඇතැයි පැවසේ.
අක්ෂිකාච මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මීට වසරකට පෙර ටෙන්ඩර කැඳවා තිබූ අතර, පසුගිය වසරේ ඉදිරිපත් කළ මිල ගණන්වලට මෙම වසරේ අක්ෂි කාච සැපයිය නොහැකි බැවින් මිල සංශෝධනයක් කරන ලෙස සැපයුම්කරුවන් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත.
මිල සංශෝධනයක් කරන්නේ නම් නම් ඒ සම්බන්ධව මහභාණ්ඩාගාරය වෙත දැනුම් දීමක් කළ යුතු අතර, එම ක්‍රියාවලියට කාලයක් ගතවන බව වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රකාශකයකු පැවසීය.
කඩිනමින් අක්ෂි කාච ලබාගැනීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් එහෙම වෙන්න එපායැ මොකද චන්දය අනිවාර්යයෙන් (2024 ) දෙදාස් විසිහතරෙ තියන්නම වෙනවා නොවැ ඉතින් එවිට මිනිසුන්ට පෙනීමක් තිබුනොත් හොද කලපනාවක් ඇතිවෙලා ඡන්ද පත්‍රිකාවේ නියම සුදුස්සා ඉදිරියේ කතිරය ගසාවිනේ එහෙම වුනොත් කියලා බයට කාච ගෙන්වීම පමා කරනවා කියලයි මගේ හිතනම් කියන්නෙ