IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


අකිලගේ 'භාව' ගී ප්‍රසංගය

2016-11-07-ent-104

ටෙලි නාට්‍ය හා සිනමා නළුවෙකු ලෙස ඔබගේ ආදරය දිනාගත් අකිල සඳකැළුම් මේ දිනවල ගී ප්‍රසංගයක් සංවිධානය කර තිබේ. ඒ රෝගාතුරව සිටින සිය පියාගේ හදිසි සැත්කමක් වෙනුවෙන් මුදල් සොයා ගැනීමේ අරමුණිනි. නොවැම්බර් 13 වැනිදා පැවැත්වෙන මෙම ගී ප්‍රසංගය හා සිය පියාගේ රෝගාතුර බව අකිල අපිට මෙසේ පැවසුවෙමු.

 

අකිල පුණ්‍ය කටයුත්තකට මුල පුරලා කියලා ආරංචිය?

2016-11-07-ent-103මගේ පියා මේ දිනවල රෝගාතුර වෙලා ඉන්නේ. හදිසි සැත්කමක් ඉතා ඉක්මනින් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 20කට වඩා වැඩි මුදලක් වැය වෙනවා. ඒ වෙනුවන් තමයි මාත් මගේ පවුලේ අයත් එකතු වෙලා මේ ප්‍රසංගයක් පවත්වන්න සූදානම් වුණේ.

 

ප්‍රසංගය ගැන කිව්වොත්?

ප්‍රසංගය තියෙන්නෙ නොවැම්බර් 13 වැනිදා මීගමුව ආවේමාරියා කන්‍යාරාම විද්‍යාලයීය රංග ශාලාවේ. සවස 7ට තමයි පැවැත්වීමට නියමිතව තියෙන්නේ. ප්‍රසංගය නම් කරලා තියෙන්නේ සොඳුරු මිනිසුන්ගේ ආලින්දය ‘භාව’ කියලා. නෙලු අධිකාරි හා භාචි සුසන් මෙහි ගීත ගායනයෙන් දායක වෙනවා. සංගීතය සපයන්න‘නාද’ සංගීත කණ්ඩායම එක්වෙන අතර, කථනයෙන් කැළුම් ශ්‍රීමාල් එක් වෙනවා.

 

මේ හරහා ඔබ බලාපොරොත්තු වෙන මුදල සොයා ගන්න පුළුවන් වේවිද?

ඇත්තටම, ප්‍රසංගයක් තියෙලා ලොකු මුදලක් සොයා ගැනීම අපහසු කාර්යයක්. නමුත්, මම ආරාධනා කරනවා මගේ ආදරණිය රසික, රසිකාවියන්ට මේ ගී ප්‍රසංගය නරඹන්නට එකතු වෙන්න කියලා. එහෙම එකතු වෙන්න බැරි අයට පුළුවන් විදිහට මේ සඳහා දායක වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මට ආදරය කරන රසික, රසිකාවියෝ ගොඩක් දුර බැහැර ඉන්නවා.

 

දුර බැහැර ඉන්න රසික, රසිකාවියන් මේ වෙනුවෙන් යමක් කරනවා නම්?

ඒ අයට මේ ගැන උනන්දුවක් අවශ්‍යතාවක් තියෙනවා උපකාර කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. මේ සැත්කම වෙනුවෙන් මුදල් අවශ්‍ය නිසා අපි සම්පත් බැංකුවේ මීගමුව ශාඛාවේ ගිණුමක් ආරම්භ කළා. ගිණුම් අංකය තමයි 102454969998. ඉතින් මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් පුළුවන් විදිහට ආධාර කරන්න කියලා මම කෘතවේදීව මගේ ආදරණිය රසික, රසිකාවියන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

වැඩි දුර තොරතුරු දැන ගන්න නම්?

මගේ දුරකථන අංකය තමයි 0771-852200. ඒ දුරකථන අංකයට කතාකරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්.

 

2016-11-07-ent-102



අදහස් (0)

අකිලගේ 'භාව' ගී ප්‍රසංගය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site