මහින්දගේ අකුරැස්සේ රැලියේ සිදුවූ සිදුවීම ගැන දැන් තවත් අර්ථකථනයක් ලැබී ඇත. කවුදෝ මිනිහකු වෙන කාගේදෝ අත යටින් අත දමා මහින්දගේ අත ඇල්ලුවාලු. ඒ සමගම තෙරපීමක් ආවාලු.
මහින්ද වැටෙන්න ගියේ ඒ තෙරපීම නිසාලු. නමුත් රූපරාමු හා එම කථා අතර හාමුවීමක් නැතිලු.
පොලිසියයි බුද්ධි අංශයි දැන් ඒ වීඩියෝ බල බලා ඒවායේ සිටින මිනිසුන් සොයා යනවාලු. ඒ වගේ හැඩරුව ඇති අයටත් ඒ පැත්තේ දැන් හරි ප්‍රශ්නලු. ඒ වීඩියෝවල රජයේ සේවකයනුත් ඉන්නවාලු. එවැනි අය නිදහසට කියන කතාත් හරි පුදුමලු. මහින්ද බලාගන්න ඕන නිසා ආ බව බොහෝ දෙනෙක් කියා තිබෙනවාලු. දොස්තර විභාගේ පාස් නොකළ බොහෝ දෙනකු දැන් කියන්නේ ඒ මිනිහා බීලා හිටි බවලු. මහින්දගේ ආරක්ෂාවට සිටි පොලිස් ආරක්ෂකයන් කවුරුවත් ඔහු දොස්තර කෙනකුට ඉදිරිපත් කළ බවක් තවමත් දැනගන්න නැතිලු.
මහින්දගේ මුදුවලින් ඇල්ලූ නිසා ඔහුගේ ඇඟිලි තුවාලවන තරමට රිදුණු බවයි මහින්ද කියන්නේ.
නොයෙක් දෙනා තමන්ට දේශපාලන වාසිවන විදියට මේ ගැන අර්ථකථන කරනවාලු.
මේ කථාවටයි මිරිහානේ සුදුවෑන් කථාවටයි නොයෙක් දෙනා නොයෙකුත් දේශපාලන පක්ෂ නායකයන් ගෝලයන් හා වෙනත් අය දෙන අර්ථකථන අහලා පිස්සු හැදෙන බවත් මේවා අගමුල සොයාගැනීමට නොහැකි නූල් බෝල දෙකක් බව පරීක්ෂණ පවත්වන අයද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! ඔබතුමා ගෙදර හිටියා නම් නරකද? (නි)
එතුමාගේ ඇඟිල්ලේ විතරනේ ඔහොම එල්ලෙන්නේ (නි)
මිරිහානේ පරීක්ෂණය පවත්වන්නේත් ලැබී තිබෙන සාක්ෂි වලට අනුව නොව එක එක්කෙනාගේ අර්ථකථන අනුවද? (බ)
මට නම් මේ ගැන තියෙන්නේ ලොකු සැකයක් (නි)
මොකෙක් හරි මුද්දට වැඩක් දෙන්න හැදුව බව නම් තේරෙනවා (බ)
ඔන්න ඒකට කවුරුවත් රනිල්ගේ ඇඟිලි අල්ලන්න යන්නේ නැහැ. (ස)
නන්දලාල්-ප්‍රංශය,ලංකා, මේක කියන්න ඕනෑ අර මිනිහෙක් බීපු නොබිපු බව දැනගන්න දොස්තර විභාගය පාස්වෙන්න ඕනෑ කියලා කියන කෙනාටනේ (නි)
මිහිහෙක් බිලද කියල දැනගන්න දොස්තර විභාගය පාස් වෙන්නම ඕනෙද කියල (බ)
බිල හිටියා කියල කියන එකත් අහන්න දෙයක්ද? මහින්ද ලොක්කා හැමදාම ඡන්දෙදි බෝතලේ දීලනේ සෙනග ගෙන්න ගත්තේ. බෝතලේ දුන්න අත හපා කැවද මන්ද!! (බ)
මට නම් හිතෙන්නේ එයාගේ අතේ තිබුණු වශී බෝලේ උදුරාගත්තා කියලයි (ම)
මෙතන මොකක්හරි පටළැවිල්ලක් වෙන්න ඇති (නි)
ලංකා,අයියෝ! එය අල්ලලා, මුහුණට ළං වූණා නම්, බීලද නැද්ද කියලා ඉක්මනට දැනගන්න පුළුවන් (නි)
[මහින්ද බලාගන්න ඕනෑ නිසා ආ බව ..... ] දැක්කද ඉතින් එයාව? ඔච්චර තෙරපෙමින් එයා බලන්න යනවට වඩා හොඳ නැද්ද තමන්ගේ වැඩක් බලාගත්තා නම් ගෙදරට වෙලා (නි)
අල්ලුවා නම් යහපලානේ අගමැතිගේ ඇඟිල්ලේ (නදී)
මුද්දට වැඩක් දෙන්න හැදුව නිසා තමයි අත මිටමොලවලා පුරෝලා දෙන්න ගියේ.(අ)
මිහිහෙක් බිලද කියල දැනගන්නේ කොහොමද (බ)