මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දකුණේ ඡන්ද රැස්වීම් අමතමින් අඟහරුවාදා අකුරැස්ස නගරයට ගියේය. එහි පරණ බස් නැවතුම්පළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්‍රචාරක රැලියකි. සවස 4ට පමණ එය ඇරැඹිණි. මහින්ද එහි ආවේ සවස 5.30ට පමණය. වෙඩි නොවදින බෙන්ස් රියෙන් බැස සෙනග අතරින් යද්දී පුද්ගලයෙක් රැස්වීම බැලීමට පැමිණ සිටි පුද්ගලයකු ඔහුගේ අතින් අල්ලන්ට ආවේය.
එවිට කුමක් හෝ පැටලිල්ලක් සිදුවී මහින්ද රාජපක්ෂ මහතාගේ මුහුණේ ඉරියව් වෙනස් විය. ඔහු දෙතොල විකාගෙන මිට මොලවාගත් අත ඔසවා ප්‍රහාරයකට මෙන් සැරසුණේය. ඔහුගේ ආරක්ෂකයෝ තිදෙනෙක් එම ප්‍රහාරය වැලැක්වීම සඳහා රාජපක්ෂ මහතා පසෙකට තල්ලු කළේය. ඔහු වැටෙන්නට ගියේය.
පිටුපසින් සිටි ආරක්ෂකයෝ ඔහු අල්ලා ගත්හ. ඉන්පසු අකුරැස්සේ සන්ධාන අපේක්ෂක මනෝජ් සිරිසේන මහතා මහින්ද වේදිකාවට කැඳවාගෙන ගියේය. මිනිත්තු 25ක් පමණ මහින්ද කථා කළ නමුත් එම සිදුවීම ගැන කිසිත් කීවේ නැත.
හිටපු ජනපති මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට කියනුයේ බීමත්ව එහි සිටි පුද්ගලයකුගේ ග්‍රහණයෙන් මිදීමට මහින්ද රාජපක්ෂ මහතා උත්සාහ කළ බවයි. රාජපක්ෂ මහතාට ප්‍රමාණවත් ආරක්ෂාවක් රජයෙන් සලසා නැතැයිද ඔහුට හිරිහැර කිරීම සඳහා සන්ධානයේ රැලිවලට බීමත් පුද්ගලයින් එවන බවද වැලිවිට කීවේය.
‘අකුරැස්ස රැලියේදී බීමත් පුද්ගලයකු රාජපක්ෂ මහතා බදාගන්න හැදුවා. ඔහු අත්දෙකම අල්ලාගත් පසු රාජපක්ෂ මහතා ඔහුගෙන් අත් දෙක මුදා ගත්තා. හිටපු ජනාධිපතිට ආරක්ෂකයන් දී ඇතත් ජංගම දුරකථන හා වාහන වැනි පහසුකම් සලසා දී නැහැ. ප්‍රමාණවත් ආරක්ෂාවක් සලසන්නේ නම් මෙවැනි දේ සිදුවන්නේ නැහැ‘
(වීඩියෝ අනුග්‍රහය - ප්‍රියන්ත දසනායක සහ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාධිමත් කලක සිට පවතින හොස්ස ලඟින් මැස්ස යන්න බැරිකම ආරක්ෂාව ගැන කියලා වත් වහන්නකෝ. (ම)
හරි හරි දැන් යහපාලන මහත්තුරු කියන්නේ මේ සිදුවීම හින්ද මහින්ද මහත්තයට ඡන්දෙ නොදී පෝලිමේ ගිහින් අලියට කතිරේ ගහන්න කියලනේ. හරි හරි ගහන්නම්. කතිරේ නෙමෙයි .. (ර)
ඔබේ කතාවට සිරස්තලය දාන්න තිබුණේ ආරක්ෂකයන් පිරිවරාගත් මෝරෙක් නිරායුධ හාල්මැස්සකුට ගහයි යනුවෙන් නොවේදැයි සිතා බලන්න (බ)
අපි ජන්දේ දුන්නේ අනෙක් අපේක්ෂකයාට කියලා දන්නවා නම් අපේ ඇඩ්‍රස් නැති වෙන්න ඉඩ තිබුන බව දැන් සක් සුදක් සේ පැහැදිලියි. (ම)
අප්පච්චියේ හොඳ වෙලාවට මෙතන අර නිතර වෙනදා කරක් ගහපු පන්සලක් එහෙම නෙවෙයි. නැති නම් මේවා දකින දායකයන් වික්ෂිප්ත වී ඒ පන්සලේ ඇත්තන්ට හෙට ඉඳල දානේ ලැබෙන එක විශ්වාස නැහැ. (බ)
දේශපාලනයට එන අයගේ පවුල් පසුබිම කොච්චර ඉහලින් පුම්බා ඒ මිනිසුන් ජනතාව ඉදිරියේ තියනවාද ? එ්ත් ඒ සැඟවුන දේවල් වතුර යට හංගපු රබර් බෝලයක් වගේ උඩට එනවා. (බ)
හොදට බලන්න අතේ ඇගිලි අත ගගා යන හැටි.කවුරු හරි අතෙන් මුද්දක් ගලවන්න ට්‍රයි කරලා වගේ (ම)
අත තමන්ගේ වගේ නෙමේ විදියට ඉන්න තිබුනේ... (ර)
අද තීරණයක් ගත්තා - මගේ ඡන්දය මහින්ද රාජපක්ෂට දෙන්නේ නැහැ . සහතිකය (බ)
ආරක්ෂාව පිලිබදව සැලකිලිමත් වෙන්න මහින්ද මහත්තයෝ. (ර)