රත්තරන් බෝලයක්  මුව තුළ සඟවාගෙන,   රන් බිස්කට් දෙකක් යටි පතුලේ  අලවාගෙන චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලාංකික රෙදිපිළි ව්‍යපාරිකයෙක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු අකුරණ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගනු ලැබු රත්තරන් වල වටිනාකම රුපියල් දහ අට ලක්ෂ තිස්පන්දාස් නමසීයක් බව රේගුව කියයි.