අම්බලන්ගොඩ , කෙරමිණිය අංක 345 / 1 හි පදිංචි ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ (සීඊසීබී) සේවය කරමින් සිටියදී හදිසියේ රෝගාතුර වූ ජී.එච්.නිහාල් ධර්මසිරි (අවුරුදු 55) මහතාට කඩිනමින් අක්මා බද්ධ කිරීමේ සැත්කමක් කළයුතු බවට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය සුජීව කුමාරසේන මහතා නිර්දේශ කර ඇත.
ඉන්දියාවේ චෙන්නායි නුවර ‘ග්ලෝබල් හොස්පිටල්‘ හි සිදුකිරීමට නියමිත මෙම සැත්කම සඳහා රුපියල් ලක්ෂ 120 ක මුදලක් වැයවන අතර ඒ සඳහා වත්කමක් තමන්ට නොමැති හෙයින් පරිත්‍යාගශීලීන් වෙතොත් මෙම මුදල් සපයා ගැනීම ආධාර උපකාර ලබා දෙන්නැයි ධර්මසිරි මහතාගේ පවූලේ ඥාතීහු ඉල්ලා සිටිති.මුදල් ආධාර කිරීමට කැමති පිරිස් වෙතොත් 071/8202870 යන දුරකථන අංකයට හෝ කේ.සී.ද.ඒ විජේසිංහ මහත්මිය (බිරිඳ) නමින් යුතු ලංකා බැංකුවේ අම්බලන්ගොඩ ශාඛාවේ අංක 78897061 දරණ ගිණුමට බැර කරන මෙන් ඔවූහු ආයාචනය කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මෙමහතාට යම් උපකාරයක් කරන්න. හැකි හැම අවස්ථාවකදීම පිනක් කිරීම අධික පොලියක් ලැබෙන බැංකුවක මුදල් ආයෝජනය කරනවාටත් වඩා සසරේ ලෞකික ලාභ ගෙන දෙනවා. (අ)
ජීවිතයක් බේරාගන්න උදව් කිරීම ලොකු පිනක් (නි)
මේ මහතා මම පුද්ගලිකව අඳුරනවා මෙතුමා බොන කෙනෙක් නෙමෙයි. ජීවිතයක් බේරා ගන්න උදව් කරන්න පුළුවන්නම් ඒක එලොවටත් මෙලොවටත් ලොකු පිනක් (බ)
සරත්, කෙසේ හෝ දැන් කඩිනම් අවශ්‍යතාව මේ පුද්ගලයා සුවකර ගැනීමයි. රෝගයට හේතුව සොය සොයා මේ පුද්ගලයාට දෙස් දෙවොල් තබමින් කාලය මැරීමට මේ සුදුසු මොහොත නෙමෙයි. මමද පුද්ගලිකව මේ පුද්ගලයා නමින් සඳහන් කර ඇති බැංකු ගිණුමට මට හැකි අයුරින් දැරිය හැකි මුදල් පරිත්‍යාග කළා. එසේම සෙසු අයද තම තමන්ට හැකි අයුරින් පරිත්‍යාගශීලී වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. (නි)
බොන අය හීන් බෝවිටියා බොන්න (බ)
බණ්ඩාරවෙල පෙරහෙට්ටි කියල සිංහල කරන වෙද මහත්තයෙක් ඉන්නවා . එතනට යන්න අනිවාර්යෙන් හොද කරනවා . අත්දැකීමෙන් කියන්නේ . බටහිර වෙදකමෙන් හොද කරන්න බෑ කියූ අක්මා රෝගියෙක් සුව කලේය .(කෞ)