නාවලපිටිය කැටඹුලාව වතුයායේ බංගලාවේ සවිකර තිබෙන වසර 100 කට වඩා ඉපැරණි පුරාවිද්‍යා වටිනාකමකින් යුත් අකුණු සන්නායක දෙකක් විවිධ බලපෑම් කරමින් ගලවා ගැනීමට උත්සාහ කරන පිරිසකගෙන් තම ජීවිතයට හා වතුයායට තර්ජනයක්වී ඇති බව වතු අධිකාරී ලසන්ත එදිරිවීර මහතා පවසයි.
වේ වන විටත් ආරක්ෂක ආරක්ෂක අංශ නිළධාරීන් යැයි සැක කරන කණ්ඩායමක් සහ හිමිනමක් ද තමන් මුණගැසී මේ සන්නායක මිලට ගැනීමට බලපෑම් කරතියි ඔහු කියයි.
මේ ගැන නාවලපිටිය පොලිසියට පැමිණිලි කර ඇත. වතු සේවකයන්ට සන්නායක රැක ගැනීමට ආරක්ෂාව අවශ්‍ය බව ඔහු කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්වා තිබෙන සමහර අදහස් දැක්කහම දුක හිතෙනවා. අකුණු සන්නායක වල කොහොමද විදුලි ශක්තිය ගබඩාවෙන්නේ? රසායන විද්‍යාව දන්න ඕනෑම කෙනෙක් දන්නවා ඕක. වටිනවා කිව්වට, ගන්නවා කිව්වට කවුද මේවා ගත්තේ? අනික ඕක ඔයතරම් මිලකට ගන්නවා නම්, විකුණලා දාලා අලුත් එකක් ගන්නකෝ. වත්තට හොඳ ආදායමක් ගන්නත් පුලුවන්. (නි)
කලට වෙලාවට හිඟ නැතිව මුදල වැටුනානම් ඔහොම විපත්තියක් සිද්ද වෙන්නේ නැහැනේ.(හේ)
ඔය තරම් පරණ ඒවා තවම වැඩ කරනවද (දී)
අනේ කාලේ වනේ වාසේ (දී)
තමන්ගේ දෙමාපියන් පවා විකුණාගෙන කන රටේ, අපේ අයියලාට අකුණු සන්නායක ගැන මොන කතාද? (නි)
දැන් සිදුවෙලා තියෙන්නේ අකුණුවලින් අපිට ආරක්ෂාවෙන්න නෙමෙයි, අපිට අකුණු සන්නායක ආරක්ෂා කරන්නයි. (නි)
රාජුන්, කකුළුවාගේ කියමන හොඳටම ගැළපෙනවා. (නි)
වසර 100කටත් වැඩිය පැරණි අකුණු සන්නායක ඉංග්‍රීසින් විසින් ලංකාවේ ගොඩනැගිලි සහ ඒ ආශ්‍රිතව නිර්මාණය කළේ සහ සවිකළේ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා බව පැහැදිලියි. වසර 100ක් පමණ ඒ සන්නායක වලට වැදුණු අකුණු වල ඇති සහ නිෂ්පාදනය වූ වෝල්ටීයතාවය සවිකරන ලද සන්නායකයේ යටින් ඇති කහඩුවේ තැන්පත් වෙනවා. එම වෝල්ටීයතාවයන් ඇත්තටම මිල කළ නොහැකියි. හේතුව ඇමරිකාවේ නාසා ආයතනය සහ ඉන්දියාවේ නාසා ආයතනය මෙන් අභ්‍යවකාශ පර්යේෂණ සඳහා යොදාගන්න මෙම වෝල්ට් අගයන් මිලට ගන්නවා. එම නිසා යම් යම් උපක්‍රම හරහා මෙම උපකරණ ගලවා විකිණීම ලංකාව පුරාම සිදුවෙනවා. (නි)
පරණ අකුණු සන්නායකවල ඇති ආරෝපණ ශක්තිය නාසා ආයතනය මගින් අධික මුදලකට මිලදී ගන්නවා (නි)
කවුරුහරි දේශපාලුවෙකුට ඕනෑ වෙලා ඇති. (නි)
ළගදිම පොලිසියෙන් දාන්න වෙයි.(හේ)
සමහරුන්ට පුරාවිද්‍යාත්මක වටිනාකම් තිබෙන බඩු පෙන්නන්න බැහැ. (නි)
සමහරුන්ට පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන බඩු පෙන්න බැහැ.(දිල්)
අකුණු සන්නායකය නෙමෙයි මොවුන් සොයන්නේ.එය පොළොව යට සවිකර ඇති තහඩුවයි.නමුත් එය පොළොවෙන් උඩට ගැනීමේදී වෙනත් කිසිඳු ලෝහයක් සමග ස්පර්ශ නොවිය යුතුය.තනිකරම ලී උල් ආධාරයෙන් ගොඩගැනීම සිදුකළ යුතුයි. (නි)
මිලදී ගන්න බලපෑම් කරන උදවිය ගැන ඇහුවම කියන්න වෙන්නේ දෙයියෝ සාක්කි කියලා තමයි. (නි)
බ්‍රිතාන්‍ය පාලන සමයේ තේ වතු වල සවිකෙරුණු අකුණු සන්නායක වල ප්ලැටිනම් ලෝහය අඩංගුය. එය රත්තරන් වලට සමාන හෝ වැඩි වටිනාකමක් ඇති ලෝහයකි. එය සොයා විවිධ ආකාරයෙන් පුද්ගලයන් වතු පාලකයන් මුලාකොට ගළවාගෙන යාමේ ජාවාරමක් ක්‍රියාත්මක වේ. (නි)
අපේ ගෙදරත් තියෙනවා අකුණු සන්නායකයක්. කවුද ගන්නේ ? (නි)
මිනිස්සු පුදුම විදිහට සල්ලි වලට කෑදරවෙලා (නි)
තමන්ගේ ලාභ ප්‍රයෝජනයට අනිත් මිනිසුන්ට වදදෙන්න මේ මිනිසුන්ට තියෙන අයිතිය මොකක්ද?දැන් බලාගෙන යනකොට තමන්ට අයිති දෙයක්වත් නිදහසේ භුක්ති විඳින්න බැරි තත්වයක්නේ උදාවෙලා තියෙන්නේ.හැමතැනම හොර ජාවාරම්. (නි)
හිමිනමක් මේකට සම්බන්ධ වෙලා ඇත්තේ කොහොමද? පරමාර්ථය දැනගැනීමට බොදුනුවෙක් ලෙස විමසිලිමත් වීමි. පන්සලකට හෝ දාගැබකට නම් අලුත් ඒවා මිලදීගත හැකියිනේ (නි)!! චන්ද්‍ර
මෙම පැරණි අකුණු සන්නායක ආරක්ෂා කරගතයුතුයි (නි)
චානක කියන කතාව මාත් අහල තියෙනවා. අකුණු ගහන වැඩක්නේ කරන්න හදන්නේ. (නි)
අකුණු සංනායක තරංග ගන්න බයර් ඉන්නවා. වැඩක් තිබුණොත් පවසන්න...