අක්කරේපත්තුවේ දී බස් රියැදුරකුගෙන් රුපියල් දෙසිය පනහක අල්ලසක් ගත් බව කියන පෞද්ගලික බස් මෙහෙයුම් කළමනාකරුවකු අක්කරපත්තු මහේස්ත්‍රාත් විසින් වැරැදි ලෙසත් නීති විරෝධී ලෙසත් ඇප පිට මුදා හළ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතාට අද පැමිණිලි කෙළේය. මෙවැනි නඩු වලදී ඇප දීමේ බලය ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ට හා මහාධිකරණයට බව කොමිසම කියා සිටියේය. සැකකරු අක්කරපත්තු මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කෙළේ ඔහු රිමාන්ඩ් කර බන්ධනාගාරය මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටිමින් බව ද එහෙත් මහේස්ත්‍රාත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔහුට ඇප දුන් බව ද කොමිසම සඳහන් කෙළේය. කේ.ඒ. ජබිර් නම් මෙම සැකකරුගේ ඇප අවලංගු කළ ප්‍රධාන මහේස්ත්‍රාත් ඔහු ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කෙළේය
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අක්කරපත්තුව මහේස්ත්‍රාත් නියෝගය කොළඹින් අවලංගු කරයි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 31 May 2012 02:25 PM
කුමාරි කියන දේ ඇත්ත..
කිවී Wednesday, 30 May 2012 07:18 PM
සමහර නඩුකාර උත්තමයොත් නීතිය දන්නෑ වගෙයි...
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 31 May 2012 02:53 PM
කුමාරි සමහර විට නීතිය සැමදෙනාටම එක හා සමානව ක්‍රියාත්මක නොවීමේ ස්වභාවයකුත් මේ සිදුවීම තුලින් නිරීක්ෂණය වෙනවා නේද?
අමිල Wednesday, 30 May 2012 09:01 PM
හාල් මැස්සෝ පැටියෙක්නේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 30 May 2012 09:20 PM
අල්ලස දූෂණය හා අවනීතිය අද අපේ සමාජ දේහය වෙළා ඇති පිළිකාවක් බඳුය.
රජිත් මංජුල, Wednesday, 30 May 2012 10:55 PM
අක්කරේපත්තුවට අඵත් නීතියක් ඕනලුද?
කුමාරි Thursday, 31 May 2012 11:51 AM
නඩුකර මහත්තයත් නීතිය ටපල ගන්න කලේ නීතිඥ මහත්වරු කොහොම ටපල ගනීවිද