බලන්ගොඩ නගර සභා පුස්තකාලයාධිපතිනි ස්ටෙලා පුෂ්පා වික්‍රමරත්න (54) මහත්මියගේ පාදයක් විලුඹ ළඟින් කපා එම කොටස රැගෙන ගිය බව කියන පිය පුතු දෙදෙනා බලංගොඩ මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා විසින් ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.ඉඩම් ආරවුලක් මේ සිද්ධියට හේතු වී ඇතැයි පොලීසිය කියයි.
පුස්තකාලයාධිපතිනියගේ සොයුරකු වන ලක්ෂ්මන් රෝහණ වික්‍රමරත්න (43) ඔහු ගේ පුත් දිල්ෂාන් (19) එම දෙදෙනාය.පාදය කැපු මන්නය සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කරන්න තියෙන්නේ මල්ලිගේ පාදයෙන් එම කොටස ගෙන අක්කාට බද්ධ කරන එකයි.මේ අහන්න ලැබෙන දේවල් එක්ක එන්න හිතෙන්නෙත් නෑ රටට(දිල්)
අනේ මට මගේ මල්ලිව මතක් වුනා . සුපුරුදු පරිදි ලංකාවේ හදපු කෑම ගොඩක් එක්ක මගේ පවුලටම ඇඳුම් එවල තිබුනේ අද උදේ. රැකියාවක නිරත වෙලා හම්බ කරන දේවල් හිතේ සතුටින් පවුලේ අයට දෙන මගේ මල්ලි ට ආශිර්වාද කලේ මේ පුවතේ සඳහන් අක්කාගේ ඉරණම ගැන කනගාටු වෙමින්. (දිල්)
මගේ අක්කා කියන්නේ මගේ දෙවැනි අම්මා මේ වාගේ දේවල් අහන්න ලැබීමත් අපේ අවාසනාවක් (දිල්)
පිටිගල මිලානෝ මහතා, බොහොම කාලෙකින්... (ර)
වැදු මවටත් පියාණන්ටත් අහස කුස සේ නිගා ලංකර... සහෝදරියගේ පාදයත් ගෙන යන්න හිතුනද මොක් පුරය වෙත... තමන් මදිවට දරුවටත් නුබ කියා දුන්නා අපුරු පාඩම... මිනිස් කමටත් නිගාවක් දෙන නුබල තවමත් ඇයි මිනිස් ලොව? (ර)
තිරිසන් මිනිස්සු මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති එකේ ආදීනව තමයි අපි මේ ගෙවමින් ඉන්නේ (අ)
මගේ පියා අකාලයේ මියගිය පසු පිරිමියකුගේ පවුලේ බර කරට ගත්තේ මගේ එකම අක්කා. සරසවියට තේරිලාත් රැකියාවක් සොයාගෙන මටත් උගන්න ගෙන පවුල ගොඩ දාගත්තා. අද අම්මාත් නැති කල බිරිඳ දරුවන් එක්ක ගිහින් අම්ම සිහි කරගෙන අව්රුද්දට බුලත් දීල වඳින්නේ ඒ දේවතාවියටයි. මේ අක්කාගේ පුවත මට නම් සිතා ගන්න වත් බැහැ. (ර)
මට මගේ සුදී අක්කව මතක් වුනා අපෙත් සුදී අක්කයි අම්මයි තමයි අපිව ගොඩ දැම්මේ මේ මල්ලි කොහොම මේක කලාද දන්නේ නැහැ.(අ)
රටක නීති ක්‍රියාත්මක වීමත්, දඩුවම් අනුවත්, අපරාධ හා දුෂණ සිදුවේ. (ර)
මේ මිනිස්සු මෙපමණ පව් කරගන්නේ කොහේ යන්නද? දහම අවබෝදය ගෑවිලාවත් නැහැ. (දී)
රන්ජිත් පිටිගලයි සරත් පිටිගලයි දෙන්නම එකම වේදිකාවේ.... (දී)
අපේ පිටබැද්දර ජයාට මොකද වුනේ ? පසුගිය පුවතක දී බන්දුල බෙල්ලෙන් අල්ල ගත් පසු ඒ මනුස්සය ආගිය අතක් නැහැනේ. (දී)
ඉඩම් හින්දා සහෝදරයන් පවා රන්ඩු වෙනවනේ.(හේ)
අපේ රටේ උතුම් වූ සාර ධර්ම ගුණ ධර්ම වලට මොනවා වෙලාද, කොහේ ගිහින්ද ? කියතොත් මුදල්වලට තියෙන ආශාව නිසාම අගතියට පත් එම නිරායුධ කාන්තාවගේ නිදහසේ ජීවත්වීමේ අයිතිය අමු අමුවේ ප්‍රසිද්ධියේ උල්ලංගන වූ අයිතිවාසිකම උවමනාවෙන්ම අමතක කොට අපරාධකාරයාගේ අයිතිවාසිකමක් ගැන හේතු කියල ඔවුන්ව සුදනන් කිරීමට පිරිසක් ඉදිරිපත් වුණත් මම නම් පුදුම වෙන්නේ නැහැ, එහෙම ඉදිරිපත් වන්නන් තමන් ගැන ලජ්ජා විය යුතුයි. (අ)
කෝ අර අපේ සංවිධාන වලට බැරිද මේ වගේ කට්ටියට බණක් භාවනාවක් එහෙම කියලා දෙන්න? (නි)
මේ වගේ අය නිසයි රට විනාශ වෙන්නේ.(හේ)
අක්කේ මෙවන් මල්ලියෙක් ලැබෙන්න ඔයා මොනතරම් පවක් කර ඇතිද? ඉක්මන් සුව පතමි.(හේ)
නියම තාත්තයි පුතයි.(හේ)
ලංකාෙව් සාමය කඩවීම් හා අපරාධ වලට පාදක වන ප්‍රධාන හේතුව ඉඩම් අාරාවුල්. අාරාවුල් අැතිකර ගන්නේ නැතිව අධිකරණය මගින් ඉඩම් ගැටළු නිරාකරණය කර ගන්න කියලා මහජනයාට උපෙදස් දුන්නට උසාවිෙයන් ඉඩමක් බෙදාගන්න වර්ෂ 18ක් අවම වශෙයන් ගත වෙනවා. අධික වියදමක් යනවා. ඉතින් මිනිස්සු අපරාධ කරන්න පෙළඹෙනවා. මෙරට අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කළ යුතුයි. විසඳුම එයයි.(හේ)
පව් කාරයෙක්, මෙන්ම කාල කන්නියෙක්, කවදා හෝ විදවාවී.(හේ)
මොනවා කරන්නද? අනේ කාලේ වානේ වාසේ කිව්වලු. තමන්ගේ අම්ම වගේ ඉන්න අක්කව මරන්න හදපු මල්ලිට පොඩ්ඩක්වත් මතක්වුණේ නැද්ද දන්නෙ නෑ පොඩි කාලේ එයාව වඩාව නලවපු විදිය? (අ)
මේ වගේ දේවල් අහනකොට ඇඟ හිරි වැටෙනවා. තමන්ගේ සහෝදරියට තියා පිට කෙනෙක්ටවත් මෙහෙම තිරිසන් දෙයක් කරන්න පුළුවන්ද? අනේ මගේ මල්ලි මට මතක් වෙනවා. මගෙ මල්ලි මට හැමදේම ගෙනත් දෙනවා. තනියම කොහේවත් යවන් නෑ. තාත්තා කෙනෙක් වගේ පරිස්සම්ම කරනවා. මම දැන් විවාහ වෙලා ඉන්න කෙනෙක් වුනත් තාමත් ඉස්සර වගේමයි අපි අතර බැඳීම. මෙහෙම සහෝදරයෝ ගැන අහනකොටත් පුදුම හිතෙනව. පව්කාරයෝ තව තවත් සංසාර ගමන දික් කරගෙන අපාගත වෙනවා. (අ)
ඉඩකඩම් පිලිබඳව ගැටළු වලදී සහෝදරත්වය පමණක් නෙමෙයි මව් පිය දු දරු සබදතාවයනුත් ගිලිහි ගිහින් ම්නිසුන් නොමිනිසුන් වුනු සිද්ධීන් මේ ශ්‍රී ලන්කාද්විපයට අමුතු අලුත් දෙයක් නෙමෙයි. මට පුදුම මේ අපරාදයට තම පුතාව හවුල් කරගත් මේ තාත්තා ගැන මිසක් ඉඩම් අවුලට අක්කගේ කකුල කපපු මල්ලි ගැනනම් නෙමෙයි. (ර)
මේ වගේ සහෝදරයොත් ඉන්නවද? (ර)
භානු වගේ ,නෙලුම්ලාගේ සොහොයුරෝ වගේ පිරිමි , සැබෑ මනුෂ්ෂත්වය, පිරි මිනිසුන් අප රටට බිහිවේවා ..භානුගේ ලිපිය කියවද්දී ඇස්දෙක දොරේ ගලාගෙන ගියා.. සොහොයුරු සෙනේ හසේ බරට...!!! අපිත් සහෝදර සහෝදරියන් 5 දෙනෙකුගේ පව්ලක් ..අපේ දෙමාපියන් ගුරුවරුන්ට පින් අත්වේවා ..මිනිස්කම අපිට ඉගැන්නුවා ....! අපිත් අද හොද මිනිසුන්. මේවා අහන්න අපි පව් කරලා ...? (බ)
දේශපාලන ප්‍රායෝගික අභ්‍යාසයක යෙදුනාවද්ද? (නි)
ඉලේපෙරුම, ඔයා හර්. අපේ තාත්තාත් ඔය වගේ නඩුවක් දාලා අවරුදු 18කට වැඩිය බලාගෙන හිටියා. (නි)
අවුරුදු 11ක් බාල මල්ලි වඩාගෙන මේ අක්කණ්ඩි අම්මා බත් උයනතුරු කොයිතරම් ඉන්නට ඇද්ද? මේතරම් කුරිරු සිත් පහළ වුණේ කොහොමද? (නි)
තන්හාව තමයි හැමදේටම මුල (දිල්)
පොඩි අයගේ ඉදන් මේ සමාජය දූෂණය වෙලා ඉවරයි.මේවා කරන්නේ රටේ ඉදිරි අනාගතය බාරගන්න ඉන්න පරම්පරාව නේද?කවුද මේවට වග කියන්නේ?.(හේ)
ලංකාව කොහෙද මේ යන්නේ.(හේ)
අපේ රටේ සමහර අක්කලාගේ තියෙන්නේ උරුමයක් නෙමෙයි, කරුමයක්. අම්මලා මැදපෙරදිග ගියාම ගෙදර කුස්සි අම්මා සහ නංගිලා මල්ලිලාගේ ආයම්මා බවට පත්වෙනවා. සමහර වෙලාවට තමන්ගේ පාසැල් ගමන් නවත්වලා අම්මා කුලී වැඩට කුඹුරට යනකොට බාල උදවිය බලා ගන්නවා. අන්තිමේ තමන්ගේ කලවයස ගෙවුණාම දෙමාපියන් කියන්නේ 'ඔන්න ඔහේ මල්ලිගේ නංගිගේ ළමයි බලාගෙන ඉඳින් දුවේ " කියලා. අන්තිමට මුළු පවුලේම ආයම්මා වෙනවා. එහෙම නොවුණොත් සමහරවිට මේ පුවතේ විදියට අතපය ටිකත් මල්ලිලාටම දෙන්න වෙනවා. (නි)
මේ තරම් කුරිරුද මේ සමාජය (දී)
අජාසත්ත කුලයේ සහෝදරයෙක් මේ (දී)
ලංකාවේ මිනිස්සු ඔක්කම කරන්නේ බොරුව . ලෝකෙට පෙන්නනවා අපි තමා සුද්ද වන්තයෝ කියල . ඇතුලේ ජීවත්වෙන්නේ යක්කු . (දී)
පුත් දිල්ෂාන් අනාගතයේ කොහොම කෙනෙක් වෙයිද. හිතනකොටත් මහා කම්පාවක් දැනෙනවා. (දී)