කර්ණිකා දෙකම දුර්වලවීම හේතුවෙන් හදවත් සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති සිය මවගේ සැත්කමට මුදල් උපයා ගැනීමට ගමින් ගම යමින් කවිබණ කියන අක්ක මලෝ දෙදෙනෙකුගේ පුවතක් සෝමාවතියෙන් වාර්තා වේ.
එම්.එල්. ඉඳුවරී සකුන්තලා ජයරත්න වන අක්කා මේ වසරේ විද්‍යා අංශයෙන් උසස් පෙළට පෙනී සිටීමට නියමිත අතර එම්.එල්. ඉඳුවර සකුන්ත ජයරත්න මල්ලී තවමත් සිටින්නේ 3 වැනි ශ්‍රේණියේ ය.
ඔවුන්ගේ මව බේරා ගැනීමට රුපියල් ලක්ෂ 10ක් පමණ අවශ්‍ය බව වෛද්‍යවරුන් පවසා ඇතැයි ඔවුන්ගේ පියා එම්.ඒ. තිලක් ගාමිණී මහතා සමඟ කියා ඇත. වැඩිවිස්තර ලබාගැනීමට හා උපකාර කිරීමට 072 5218070 දුරකතන අංකයෙන් ඔවුන් සම්බන්ධ කරගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහත දුරකතන අංකයට කතාකරලා විස්තර දැනගන්න පුලුවන්නේ (නි)
මෙයට ඔවුන්ගේ බැංකු ගිණුම් අංකයක් සහ ශාඛාව දැම්මනම් අපටත් හැකි පමණ ආධාරයක් කරන්න පුළුවන් (බ)
මේ දවස් වල අහන කියන දේවල් වල හැටියට මේ වගේ ඇහැට කනට පෙන්න ඉන්න ගැහැණු දරුවෙක් ඔය වගේ ගමනක් යන එක නම් එච්චර හොද දෙයක් නොවේ, පුළුවන් කෙනෙක් ඉන්නවනම් අහිංසකයන්ට උදව් කරන්න පින් සිද්ද වෙනවා, , සෝමාවතිය කියන්නේ පින් බිමක් නේ (බ)
ඇත්තටම ඇස් දෙකට කදුළු පිරෙනවා කවි ටික අහනකොට. මේ අයගේ ලිපිනය බැංකු ගිණුම් අංක පලකරන්න. අපිත් රුපියල් 100 ගානේ හරි එකතුකරලා යවන්නම්. මේවා ආත්ම ගානකට අරගෙන යන්න පුළුවන් විදියේ පින්කම්. (බ)
මේ මහත්මයාට මම දැන් කතා කළා. පුළුවන් හැම කෙනෙක්ම එයාගේ නමට සල්ලි දාන්න. (නි)
මගේ හදවතද නැවතුනි (බ)
පුතේ,දුවේ ඔයාල දෙන්නට ඉක්මනට අම්මව සුවපත් කර ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි ඔයාල හතර දෙනාටම (බ)
මට මේ ළමයින්ට උදව්වක් කරන්න පුළුවන් ක්‍රමයක් දන්වන්න. (බ)
දිරිය දරුවනේ!! නුඹලා වගේ දරුවන් ලැබීමත් දෙමවුපියන්ට මහත් වාසනාවක්, නුබලාගේ මවට තෙරුවන් සරණින් ඉක්මන් සුවය පතමි ! (බ)
පරිත්‍යාගයක් කිරීමට බැංකු විස්තර දමන්න. (බ)
මගෙ අම්මා මියගියෙ අප්‍රෙල් 3 වැනිදා ඒ වෙනුවෙන් මම රුපියල් 1000.00 අාධාරයක් දානවා ගිණුමට (බ)
කරුණාකරල මට මේ අයව සම්බන්ධ කරගන්න පුලුවන් ක්‍රමයක් කියල එවනවද? මම කැමතියි මෙයාලට උදව් කරන්න. (බ)
මේ වගේ දරුවෝ තමයි ලෝකය වෙනස් කරන්නේ අදහස සහ ක්‍රියාව වඩාත් අගය කරමි. මුදලින් අාධාරයක් කරන්න විදිහක් කියන්න. (බ)
කරුණාකර උපකාර කළ හැකි විදියක් කියන්න (බ)
මේ අාදර්ශමත් දරුවන්ට උදව් කිරීමට බැංකු අංකයක් ලබාදෙන්න (බ)
කරුණකරලා මෙයාලට ආධාරයක් කරන්න විදියක් කියන්න (බ)
අනේ දෙවියනේ, මේ ඇති නැති පරතරය නැතිවෙන්නේ කවදාද? ඇස් දෙකට කඳුළු ආවා (නි)
ආධාරයක් කිරීමට කැමතියි. කරුණාකර ඔබේ බැංකු විස්තර දන්වන්න (බ)
ඇත්තටම කවි ටික අහනකොටනම් ඇස්දෙකට කදුළු එනවා. මේ අයගේ ලිපිනය බැංකු ගිණුම් විස්තර පල කරන්න. අපිත් රුපියල් 100 ගානේ හරි එකතුකරලා යවන්නම්. මේවා ආත්ම ගානකට ගෙනියන්න පුළුවන් පින්කම්.(හේ)
කරුණාකර බැංකු විස්තර පලකරන්න.(හේ)
අපිට තවම රාජයේ රෝහල් තියෙනවද ? මිනිස්සු රැකගන්න ඕනේ මේවගේ සේවාවන් . නිදහස් අධ්‍යාපනය ,නිදහස් රෝහල් සේවාවක් නැති දාට අපිටත් විරිඳු කියන්න වෙයි.(හේ)
සහෝදරයනි ,මේ පුවත දැකපු මටත් හරිම වේදනාවක් ඇති වුණා මේ දරුවන් ගැන. මේ මවගේ රෝගී තත්වය ගැන මම දරුවන්ගේ පියාට කතා කළා. මවක් වෙනුවෙන් දරුවන් වෙනුවෙන් විදෙස් වල සිටින අපි අපේ මනුසත්කම පෙන්වමු (නි)
උදව් කරන්න කැමති සැවොම මේ දරුවන්ගේ දුරකතන අංකය දමා තිබෙනවා. කරුණාකර එයට කතා කරන්න 072 -521-8070 මෙය යි. මේ වගේ දරුවෝ. ලැබෙන්න. පින්කරන්න. ඕන. මගේ පුතාට. මට. මොන ලෙඩ තිබුනත් මම අතට. පයට හැමදේම කරන්න ඕන (බ)
අපේ සහයෝගය මේ දරුවන්ට මහත් රුකුලක් වේවි. මේ දරුවන් හෙට හිනැහෙනු බලා අපට අහිංසක සතුටක් ලැබිය හැකිවේවි (නි)
දුරකථන අංකයක් පැහැදිලිවම දීලා තිබියදී මොකටද මේ හැමෝම අය තවත් විස්තර ඉල්ලන්නේ? කෝල් කරලා විස්තර ඉල්ලගන්නකෝ අනේ. (නි)
ඔයාලගේ අම්මට ඉක්මන් සුවය (බ)
බැංකු ගිණුම් විස්තර පල කරන්න අපි කැමතියි මෙයාලට උදව් කරන්න. (බ)
කරුණාකර ඔවුන්ට උදව් කළ හැකි ආකාරයක් දන්වන්න. බොහොම ස්තුතියි! (නි)
මම කැමතියි මේ අයට පුළුවන් අාකාරයට උදව්වක් කරන්න. මේ අය පිළිබද විස්තරයක් ඒවන්න. තෙරුවන් සරණයි(කෞ)
අද රටේ වෙන දේවල් එක්ක මේ දරුවන් රැකගැනීම විරිදු වලට වඩා වැදගත් (නි)
යාලුවනේ මම මේ අය අඳුරනව මට පුලුවන් ඔයාලට මේයාලව සම්බන්ධ කරන්න (බ)
පුළුවන් විදිහට මෙයාලට උදව් කරන්න. අම්මා නැති මට දැනෙන වේදනාව මෙ දෙන්නට උරුම වෙන්න එපා. ඉක්මනින් සුව වන්න බුදු සරණින්. (නි)