ඉපැරණි රෝහණ දේශය හා රෝමය අතර වෙළඳ සබඳතා පැවති බව තහවුරු කෙරෙන වැදගත් සාක්කි දෙකක් හම්බන්තොට බඳගිරියෙන් හා සිතුල් පව්වෙන් ලැබී ඇතැයි පුරාවිද්‍යාඥයෝ කියති. බඳගිරියෙන් හමුවූ තඹ කාසි අනුරාධපුර යුගයේදී රෝමයෙන් හෝ වෙනත් රටකින් ශ්‍රී ලංකාවට ගෙනෙන්නට ඇතැයි ඔවුහු කියති. පුද්ගල මුහුණු හිරු සංකේත හා තවත් සංකේත මේ කාසිවල දක්නට ඇත.
ශ්‍රී ලංකාවේ ශ්‍රී ලක්ෂ්මී කාසිය හැරුණු විට පුද්ගල මුහුණු කාසි භාවිත කළ බවට සාධක නැති හෙයින් මෙම කාසි විදේශ කාසි විය හැකි යැයි පුරා විද්‍යාඥයෝ පවසති. හම්බන්තොට බඳගිරියේ පාරක් හදද්දී කාසි 241 ක් සහිත මුට්ටියක් බැකෝ කුල්ලේ වැදී මුට්ටිය බිඳී ඇතැයිද ඊට පසුදිනද එතැනින් තවත් කාසි 40 ක් සොයා ගත්තේ යැයිද පුරාවිද්‍යා පර්යේෂණ සහකාර සුමේධ පණ්ඩිතරත්න හා සංවර්ධන නිලධාරී ඉන්දික ගමගේ මහත්වරු පවසති.
පසුගිය සැප්තැම්බරයෙන් පසු එම ප්‍රදේශයෙන් පැරණි කාසි 2000 ක් පමණ සොයා ගත් බව ඔවුහු කියති. මැටි බඳුන් නිර්මාණයට යොදාගත් අත් ගල් කිහිපයක්ද සොයාගෙන ඇත. පසුගිය ජූලියේ ඵෛතිහාසික සිතුල්පව්වේ කැණීම්වලදී මීට බෙහෙවින් සමාන කාසි හමුවිය. එම කාසි රෝම යුගයේ කාසි විය හැකි බව මහාචාර්ය ඔස්මන්ඩ් බොපේආරච්චි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොන්සු.. ඔහේගේ නම දැක්කම කොහොමත් පේනවා පෘතුගිසි කාරයන්ට පන්දම් අල්ලපු පරම්පරාවකින් එන කෙනෙක් කියලා. මේ විදියට අපේ රටේ ඉතිහාසයට ගරහන්න එපා. මේකෙන් සනාථ වෙන්නේ ඒකාලේ වෙළද සම්බන්දකම් තිබුන කියල මිසක් නය ගත්ත කියල නෙමෙයිනේ. (නදී)
එ්කනේ කියන්නේ. අපි ඒ දවස්වලත් විදේශ ආධාර වලින් යැපිලයි තියෙන්නේ. මේක අපේ ජන්ම පුරුද්දනේ. (නදී)
මේ හෙළිවෙන්නේ වැළලීගිය අපේ පෞඪ අතීතයයි. (නි)