අනුරාධපුර නාච්චදුව කළුවිල විද්‍යාලයේ දෙවැනි වාර පරික්ෂණය සඳහා ඉංග්‍රිසි මාධ්‍යයෙන් පෙනී සිටින 6,7 ශ්‍රේණිවල සිසුන්ට ගණිතය ප්‍රශ්න පත්‍රය අද (15) ලබාදී ඇත්තේ පැය දෙකක ප්‍රමාදයකින් පසුව බව ලංකා ගුරු සේවා සංගමයේ අනුරාධපුර කලාප ලේකම් ඊ.පි.විජේසිංහ මහතා පවසයි.
උතුරු මැද පළාතේ පැසල්වල දෙවැනි වාර පරික්ෂණය යටතේ අද (15) පෙරවරු 8.00 සිට 11.00 දක්වා පළාතේ පාසල්වල සිසුහු ගණිතය විෂයට පෙනී සිටියේය.
මෙදින කලුළුල විද්‍යාලයේ ඉංග්‍රිසි මාධ්‍යයෙන් වගණිතය විෂය හැදෑරු සිසුන්ට නියමිත වේලාවට ප්‍රශ්න පත්‍රය නොලැබුණ බව සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියෝ පැවසීය.
කළුවිල සේන විද්‍යාලයේ විදුහල්පති නිමල් ජයවික්‍රම සහ නාච්චදුව අධ්‍යාපන කොට්ඨාස අධ්‍යක්ෂ පියරත්න යන මහත්වරුන්ගෙන් කළ විමසුමකදී ඔවුන් කියා සිටියේ නියමිත වේලාවට සිසුන්ට ප්‍රශ්න පත්‍රය දුන් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක වාර විභාගයක්. මාධ්‍යවල යන්න තරම් දෙයක් නෙවෙයි, ඉස්කෝලේ ගුරුවරු හා බලධාරීන් සාකච්ඡා කරලා විසඳගන්න ඕන දෙයක්. (ර)