ළමා ලෝකය මෙන්ම වැඩිහිටි මනසද නිරන්තරයෙන් ග්‍රහණය කරගන්නා සුවිශේෂී නිර්මාණ හඳුන්වා දෙන ඩිස්නි සමාගම තවත් නවතම පන්නයේ මායා ලෝකයක් මවා දී ඇත. ඒ මේ දිනවල ආදායම් වාර්තා තබමින් තිරගත වන "Zootopia" සිනමාපටයයි. මෙතෙක් මාර්තු මසදී එළිදක්වන ලද සිනමාපට අතරින් ප්‍රථම දිනයේදී වැඩිම ආදායමක් ලැබූ සිනමාපට අතරින් සිව්වැනි ස්ථානයට පත්වන මෙම සිනමාපටය ආරම්භක දිනයේදී ඉපැයූ ආදායම ඇ.ඩො මිලියන 73.7කි. එසේම මේ වන විට ලොව පුරා තිරගත වෙමින් ඇ.ඩො මිලියන 238ක පමණ ආදායමක්ද උපයමින් බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ ඉදිරියේම වැජඹෙයි. මෙය මේ වන විට ඩිස්නි සජීවීකරණ චිත්‍රාගාරය විසින් එළිදක්වන ලද නිර්මාණයන් අතරින් ප්‍රථම දින තුන තුළ ලැබූ වැඩිම ආදායමද මෙය බව වාර්තා වෙයි.
ඇමරිකානු ත්‍රිමාණ සජීවීකරණ හාස්‍ය නාට්‍යමය මෙන්ම වික්‍රමාන්විත ගනයට අයත්වන මෙම "සූටෝපියා" සිනමාපටය වෝල්ට් ඩිස්නි සජීවීකරණ නිර්මාණ ගොන්නේ 55 වැනි සජීවීකරණ සිනමාපටය ලෙස එළිදකී."බයිරොන් හොවාඩ්" "රිච් මුවර්" සහ "ජාරෙඩ් බෂ්" විසින් අධ්‍යෂණය කරන ලද සූටෝපියා චිත්‍රපටයේ හඬ නළුවන් ලෙස ජිනිෆර් ගුඩ්වින්, ජෝසන් බෙට්මන්, ඉඩ්රිස් එල්බා, ජේ.කේ. සයිමන්ස්, ටොමී චොන්ග්, ඔක්ටාවියා ස්පෙන්සර්, ජෙනී ස්ලේට් සහ සුපිරි ගායක ශකිරා දායක වෙති. මෙම චිත්‍රපටය ඊ.ඒ.පී. සිනාමා ශාලා හයක තිරගත වෙමින් පවතී. මෙම චිත්‍රපටය කුඩා මහලු කාගේත් ජනාදරයට පත්ව ඇති චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකිය.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
'Zootopia' දැන් ලංකාවේ