තරිඳු ජයමුතුගේ ගේ මෙම කෙටි චිත්‍රපටය මිනිත්තු තුනක් වැනි කාලයකට සීමා වූ නිකුත් කර කලක් ගත වූ නිර්මාණයක් වුවද එය ඉතා කාලානුරූපී සේම මිනිසා සිතන්නට පොළඹවන නිර්මාණයක් වෙයි. අන්ත අසරණ වීම් හමුවේ මිනිසුන් විසින් සිදුකරන දෑ පිළිබද මේ හරහා වැටහීමක් ලැබෙයි. එවන් මොහොතක තමන්ට ඉවසා සිටින්නට සිදු වන දෑ සේම, ඒ වෙනුවෙන් තමාටම උසුළු විසුළු කරන තම ළමා කාලය හරහා චිත්‍රපටය නරඹන්නා සිතීමට පොළඹවයි. චිත්‍රපටයේ සංගීතයද මෙම නිර්මාණයට විශේෂ වූ අගයක් එක් කරයි. මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂක තරිඳුගේ අදහස්. “ෆිල්ම් එක හදන්න මට හිතුනේ මගේ යාළුවෙකුට තිබ්බ අත්දැකීමක් නිසායි. ඒ යාළුවා මට කිවුවා එයා දුක් විඳින ප්‍රශ්නෙ. ඒක එයාගෙ අම්මා නිසා විඳින ප්‍රශ්නයක්. එයා ඒක ගැන කාලයක් තිස්සෙ විඳවලා තිබ්බා. පුතාට හැමදාම තිබ්බ අම්මා හා කිට්ටුවන්ත වීමේ අවශ්‍යතාවය සහ මවු පාර්ශවයෙන් එය ගිලිහීම කියන දේ තමයි මට මේක ඇතුළෙ ගේන්න ඕන වුනේ. ඒ වගේම මේකෙ ඒඩ්ස් ගැන පොඩි කතාවකුත් අන්තර්ගත කළා. ”
තිර රනය, සංස්කරණය සහ අධ්‍යක්ෂණය
- තරිඳු ජයමුතුගේ
කැමරාකරණය
- කසුන් දිසානායක
රංගනය
- සුඝන්ධිකා ගීතාන්ජලී
- කෞෂල්‍ය සමින්ද
- නිශාන්ත ඉන්දික
- දුලේන් රණසිංහ(ළමා)
- අමිත් මධුමාල්
- කේ. ඒ. කළුපහන
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd