IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


The Legend of Tarzan දැන් තිරගතවේ

2016-07-01-ent-49ලොව පුරා බාල මහලු සියල්ලන්ගේ හඳ ගත් එඩ්ගා රයිස්ගේ මනඃකල්පිත සුපුරුදු කැලෑ වීරයා ටාසන් නැවතත් මෙම ගිම්හාන සෘතුවේදී කලඑලි බැස ඇත. ඒ (The Legend of Tarzan) සිනමාපටය හරහාය. ටාසන් රසික රසිකාවියන් හට සතුටු කරුණක් මෙන්ම නවමු සිනමා අත්දැකීමක් එක්කරමින් නිර්මාණය වී ඇති (The Legend of Tarzan) සිනමාපටය හෙට දිනයේ එනම් ජූලි 01 දින සිට ලොවපුරා තිරගත වීමට නියමිතය. ඇමරිකානු ක්‍රියාදාම මෙන්ම වික්‍රමාන්විත සිනමාපටයක් ලෙස නිර්මාණය වී ඇති (The Legend of Tarzan) සිනමාපටයද කාටත් හුරුපුරුදු හැරී පෝටර් අවසාන සිනමාපට හතර නිර්මාණය කළ අධ්‍යක්ෂක ඩේවිට් යේට්ස් විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර, ඇඩම් කොසාඩ් සහ ක්‍රේග් බ්‍රේවර් විසින් තිර පිටපත රචනාකර ඇත. මෙහි ප්‍රධාන චරිතයන් වන ටාසන් ලෙස සුප්‍රකට නළු "ඇලෙක්සැන්ඩර් ස්කාර්ස්ගාර්ඩ්" සහ ටාසන්ගේ බිරිඳ ජේන් පෝටර් ලෙස නිළි "මාගට් රොබී" රංගනයෙන් දායක වන අතර, සෙසු චරිත උදෙසා සැමුවෙල් එල්. ජැක්සන්, ජිමන් හොන්සෝ, ජිම් බ්‍රෝඩ්බෙන්ට් සහ ක්‍රිස්ටෝප් වෝලට්ස් දායක වෙයි.

තමන් හැඳී වැඩුණු අප්‍රිකාවේ වනාන්තරයේ වානරයන් සමග ගෙවූ දිවියට සමු දී නික්ම ගොස් තම බිරිඳ ජේන් පෝටර් සමග ජෝන් ක්ලේටන් නොහොත් ටාර්සන් ලන්ඩනයේ දිවි ගෙවයි. මේ අතර ඔහුට වෙළෙඳ දූතයෙකු ලෙසින් නැවතත් තම හුරුපුරුදු බිම කොංගෝව වෙත යෑම සඳහා අවස්ථාවක් උදාවෙයි. මෙම අවස්ථාව මඟනොහැර බාරගන්නා ජෝන් ක්ලේටන් ඒ වෙත යන්නේ තමන්හට මුහුණදීමට සිදුවන කිසිදු අනතුරුදායක තත්ත්වයක් පිළිබඳ නොදැනුවත්වමය. නමුත් එහිදී ඔහුට මුහුණදීමට සිදුවන කටුක අත්දැකීම් හමුවේ ජෝන් ක්ලේටන් නැවතත් ටාසන්ගේ භූමිකාව නියෝජනය කරයි. මෙහිදී සිදුවන සිදුවීම් මාලාවක් ඔස්සේ දිවෙන මෙම සිනමාපටය පෙර සිනමා නිර්මාණයේ පූර්ව ප්‍රචාරකපටය නැරඹීමෙන්ම මෙම නිර්මාණයේ අපූර්වත්වය පිළිබිඹු වනු ඇත. එසේම මේ සඳහා යොදාගෙන ඇති ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණයන් මෙන්ම දෘෂ්‍ය ප්‍රයෝගයන්ද පෙර ටාසන් නිර්මාණයන්ටත් වඩා විශිෂ්ට ලෙස යොදාගෙන ඇති බවක්ද පෙනී යයි.

මිනිත්තු 110ක කාල පරාසයක් ඔස්සේ දිගහැරෙන The Legend of Tarzan සිනමාපටය ඇ.ඩො මිලියන 180ක් පමණ වැයකොට නිර්මාණයකොට ඇත. ඉංග්‍රීසි බසින් නිර්මාණයකර ඇති මෙම සිනමා නිර්මාණය හෙට දිනයේ සිට 2D, 3D, IMAX සහ IMAX 3D ආකාරයන්ගෙන් තිරගත වීමට නියමිත අතර, මෙය ආරම්භයේ සිටම සිනමා ශාලාවන්හි ආදායම් වාර්තා තබමින් තිරගත වේ යැයි බොහෝදෙනාගේ අදහසයි.

 

අනුෂි දන්තනාරායන



අදහස් (0)

The Legend of Tarzan දැන් තිරගතවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site