IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


Nikara Ahangama

2016-03-18-ent-16

2016-03-18-ent-05

2016-03-18-ent-14ගෝලීයකරණ ප්‍රවාහයක් තුළ කලක සිට මිනිසාට හරිත ලොවක අගය දැනෙන්නට පටන් ගන්නා අතරම, පරිසර හිතකාමීභාවයේ අවශ්‍යතාවද දැඩිව දැනෙන්නට විය. නව්‍ය නිමැවුම් eco friendly වීම ඇරඹෙන්නේ එතැනදීය. අයෙකු eco friendly සංකල්පය සිය ලාභයට පෙරළා ගනිද්දී, අයෙක් සැබෑ ලෙසම eco friendly සංකල්පය යනු කුමක්දැයි වටහා ගනිති. නාගරික මිනිසා දැන් දැන් සිය නිවෙස් වලින් මිදී නිවාඩුපාඩුව සොයා යන්නේ ද පරිසර හිතකාමී විලාවන් වෙතටය.

Nikara හෝටල් සමූහයට අයත් Nikara අහංගම හෙවත් Nikara Galle Beach Villa නවීනත්වය, සුව පහසුව මෙන්ම eco friendly සංකල්පයද එක් කරමින් නිමවන්නේ ගෘහ නිර්මාණ ශිල්පී අසේල පෙරේරාගේ සංවේදී නිර්මාණ මුහුව ඉදිරි කොටගෙන ය. ඉදිරිපෙළ සුව පහසුව මෙන්ම ත්රාසජනක ඉසව් සොයායන දෙස් විදෙස් ඕනෑම සංචාරකයෙකු සාදරයෙන් පිළිගන්නා Nikara කොට්ටාව  අධිවේගී මාර්ග පිවිසුමේ සිට කි.මී. 115 ක පමණ දුරකින් වූ අහංගම සයුරු තෙරට මුහුණලා ඉදිව තිබේ.

පරිසර හිතකාමීත්වය සහ ආරක්ෂාව පෙරදැරිව වෙරළ තීරයක ඉදිවන පළමු low rise විලාව මෙයයි. එකම ආකෘතියක් තුළ වෙන් වෙන් වශයෙන් වූ විලාවන් 03 කින් යුක්තව, නිදන කාමර 3ක් සහිත විලා 2 ක් සහ තනි කාමරයක් සහිත එක් විලාවකින්ද සුසැදිය.

ඒවාට වෙන් වූ නිදන කාමරවලට අමතරව සාලය, කෑම කාමරය සහ පැන්ට්‍රියකින්ද යුක්ත වන අතර, එකවර අමුත්තන් 18 සිට 21 දක්වා අගයකට ලැගුම් ගත හැක.

Nikara අහංගම බීච් විලාවන් සුළං සහිත මුහුදු පරිසරයට වැඩි වශයෙන් විවෘතව පවතී. බිම්ම හලේ ඇති විලාවට අයත් වන පෞද්ගලික නාන තටාකය සමග අනෙක් විලාවන්ට පොදු වන සේ නිමැවුණු එක් නාන තටාකයකි. මෙහි භාවිත වන ගෘහ නිර්මාණ මුහුකිරීම ගැන සඳහන් කිරීමේ දී සෑමවිටම eco friendly සංකල්පයට අරුතක් එක් කෙරෙන ස්වාභාවික අමුද්‍රව්‍ය ස්වාභාවික දැක්මකින් ඉදිරිපත් කර ඇත. ඊටම අනුරූප ඇතුළත අලංකරණ අමුත්තන් අපේක්ෂා කරන නවීන සුබෝපභෝගී, හුදෙකලාව මෙන්ම නවීන ජීවන ශෛලීන්ට මගහැරුණු ඉපැරණි නිවස්නයක තිබෙන්නා වූ සංවේදනයද රැකදී තිබේ.

මෙහිදී අමුත්තන්ට අවශ්‍ය පරිදි ඕනෑම වර්ගයක ආහාරයක් ලබාගත හැකි අතර, නිරන්තරයෙන් අමුත්තන්ගේ විශේෂ අවශ්‍යතාපවා උපරිමයෙන් ඉටුකරදීමට එහි කළමනාකාරීත්වය උත්සුක වේ. ත් රාසජනක ඉසව් සොයා යන්නන්ට Nikara අහංගම කදිම නැවතුම් පොළක් වන්නේ මඩොල්දූව, ගාල්ල සහ උණවටුනට ළඟාවීමේ පහසුවත්, surfing/ snorkeling ආදී ක්‍රියාකාරකම්ව ලට පහසුවෙන් යොමුවිය හැකි වීමත් නිසාවෙනි.

 

2016-03-18-ent-06

 

Asela Perera: 0777639262

 

Text : Nimesha Thanthrimudali

 Photography : Malaka Weligodapola

 

2016-03-18-ent-07
2016-03-18-ent-08
2016-03-18-ent-09
2016-03-18-ent-10
2016-03-18-ent-11
2016-03-18-ent-12
2016-03-18-ent-13
2016-03-18-ent-15

 



අදහස් (0)

Nikara Ahangama

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 655 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site