IMG-LOGO

NEXT GEN සංගීත ප්‍රසංගය අලුත් දෙයක්

2016-08-13-ent-42

මේ මස 21 වැනිදා බිෂොප් විද්‍යාලයේ දී සවස 6.45 ට අලුත්ම සංගීත අත්දැකීමක් ලබන්නට ඔබට පුළුවන් වෙයි. ඒ NEXT GEN සංගීත ප්‍රසංගය නිසා. ඉතින් හිතුණා පොඩ්ඩක් මේ NEXT GEN සංගීත ප්‍රසංගය ගැන කතා කරන්න. මෙය සංවිධාන කරන්න මූලික වෙන්නේ කසුන් පැස්කුවල්.

 

කොහොමද කසුන්? 

ඉතාමත් හොඳින් කාලය ගත වෙනවා. ඒ එක්කම ටිකක් කාර්යබහුලයි මේ අපේ අලුත් ප්‍රසංගය නිසා.

 

මොකක්ද මේ NEXT GEN සංගීත ප්‍රසංගය?

ඇත්තටම NEXT GEN සංගීත ප්‍රසංගය අලුත් දෙයක්. ඒ වගේම හැමෝටම මේක අලුත් අත්දැකීමක් වේවී. සංගීත ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් 6 දෙනෙක් එයාලගේ දරැවන් එක්ක එකම වේදිකාවකදී ගීත ගායනා කරනවා. ඒ නිසා තමා NEXT GEN කියලා නම් කළෙත්. ඊළඟ පරම්පරාව කියන අදහසින්. ලංකාවේ පළමු වතාවට තමා මෙහෙම ප්‍රසංගයක් තියෙන්නේ.

 

ඇයි මෙහෙම ප්‍රසංගයක් කරන්න හිතුණේ?

අපිට ඕනේ අපේම ගීත හරහා මේ සංගීත ක්ෂේත්‍රය තුළ රුඳෙන්න. අපිට මව්පියන්ගෙන් මේ සංගීතය උරැම වුණාට ඒ අයගේ ගීතම ගායනා නොකර අලුත් දෙයක් සංගීත ක්ෂේත්‍රයට දායාද කරන්න අපට ඕනේ. ඉතින් මේ අරමුණේ ඉන්න තරුණ කණ්ඩායමක් තමා එකතු වෙලා ඉන්නේ. මේ පටන් ගැන්ම විතරයි. ඉදිරියට තව අය සහභාගි කරගෙන මේ NEXT GEN සංගීත ප්‍රසංගය පවත්වන්න අපි සූදානම්.

 

මෙහි තියෙන විශේෂතා මොනාද?

ඔව් ඇත්තටම ගොඩක් වෙනස් සංගීත ප්‍රසංගයක් වේවී. සංගීතය සපයන්නේ නාලක සජී ජයසිංහ විසින්. ඔහු මෑත කාලයේ වෙනස්ම ආකාරයේ සංගීත ප්‍රසංග රුසක් කරපු දක්ෂ තරැණ සංගීතඥයෙක්. ඒ වගේම තමා මේ ප්‍රසංගය මෙහෙයවන්නේ නාරද බක්මීවැව. ඔහුත් සම්ප්‍රදායක සංගීත ප්‍රසංගයකින් එහා ගිය දෙයක් මේ ප්‍රසංගයේ දී නිවේදනය තුළින් ඉදිරිපත් කරාවි. මේ හැම අලුත් අත්දැකීමක්ම අපිත් එක්ක බෙදාගන්න පුළුවන් 21 වැනිදාට.

 

එතකොට නර්තනය?

මේ ප්‍රසංගයට නර්තන අංග ඇතුළත් නැහැ. ඒකත් විශේෂත්වයක්. හැබැයි ඔබට කිසිදු අඩුවක් නැති සම්පුර්ණ ප්‍රසංගයක් කියලා දැනේවී මෙය බලද්දී. ඉතින් එන්න කියලා ආරාධනා කරනවා හැමෝටම.

 

නීෂා රන්සිත් / සේයාරෑ - සුමුදු

 



අදහස් (0)

NEXT GEN සංගීත ප්‍රසංගය අලුත් දෙයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 81 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 306 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site