"රෙව්ලෝන් මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් යුනිවර්ස්" තරගාවලියේ ජය තමා සතුකර ගනිමින් 2016 විශ්ව රූ රැජින තරග බිම නියෝජනය කිරීමට අවස්ථාව උදාකර ගැනීමට ජයති ද සිල්වා පසුගියදා සමත් වූවාය. එම තරගාවලියේ දෙවැනි ස්ථානය අයේෂා ප්‍රනාන්දු හටත්, තෙවැනි ස්ථානය මල්ෂා හේවගේ හටත් හිමි විය. එහි අනු අංශ තරග වූ නාන ඇඳුම් විලාසිතාව සඳහා ඉෂාරා ද සිල්වාද, ඡායාකාන්ත සුරූපිනිය ලෙස සදින්සා සමරතුංගද, දස්කම් සපිරි සුරූපිනිය ලෙස අයේෂා ප්‍රනාන්දුද, සැඳෑසමය සඳහා සැරසුණු සොඳුරු යුවතිය ලෙස මෙන්ම හොඳම පෞරුෂත්වයකින් හෙබි තරුණිය ලෙසද ජයති ද සිල්වාද, තරගය සඳහා හොඳම අනුකූලතාවක් දැක්වූ තරුණිය ලෙස මංජු ද සිල්වා ද ජය තහවුරුකර ගත්හ.
නදීශානි පතිරණ / ඡායාරූප - දිෂ්ණ ධර්මරත්න
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
Miss Sri Lanka for Miss Universe