2016-11-10-ent-114

2016-11-10-ent-120"MTV" මාධ්‍ය ජාලය විසින් සංගීත ක්ෂේත්‍රයේ නියැළෙන දක්ෂයන් ඇගයීම උදෙසා වාර්ෂිකව පැවැත්වෙන "MTV" යුරෝපා සංගීත සම්මාන උලෙළ පසුගිය නොවැම්බර් 06 වැනිදා නෙදර්ලන්තයේ රොටර්ඩෑම්හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම සම්මාන උලෙළ නෙදර්ලන්තයේදී පැවැත්වුණු තෙවැනි අවස්ථාව වන මෙවර මෙහි මෙහෙයවීම් කටයුතු සුප්‍රකට ඇමෙරිකානු ගායිකා, ගීත රචක සහ අධ්‍යක්ෂිකාවක වන "Bebe Rexha" විසින් සිදු කරනු ලැබීය.

සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයන් පිරිවරා ගනිමින් ආලෝකවත් වුණු මෙම සම්මාන උලෙළේ මෙවර වැඩිම සම්මාන ලබාගැනීමට සමත් වූ ලේඩි ගාගා සහ ජස්ටින් බීබර් මෙහිදී කැපී පෙනුණු තරු විය. ජස්ටින් බීබර් මෙවර සම්මාන 05 ක් නිර්දේශ වී තිබූ අතර, එයින් වැඩිම රසික රසිකාවියන් සිටින තරුවට හිමි (Biggest (Most) Fans), හොඳම කැනේඩියානු සංගීත තරුව (Best Canadian Act) සහ ඔහුගේ "Sorry" ගීතය වෙනුවෙන් හොඳම ගීතය (Best Song) යන සම්මාන ත්‍රිත්වය හිමි කරගැනීමට සමත් විය. මේ දිනවල ජපාන සංචාරයක නියැළී සිටින ලේඩි ගාගා මෙහිදී Best Female, Best Look යන සම්මාන ද්විත්වයට හිමිකම් කීමට සමත් විය. මෙම සම්මාන උලෙළෙහි සම්මාන දිනාගත් සහ නම් යෝජනා වූ බොහෝමයක් දෙනාගේ විශේෂාංගයන්ගෙන් ආලෝකමත් වූ අතර, බෘනෝ මාස්ගේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම බොහෝ දෙනාගේ සිත් ගත් අංගයක් විය.

 

MTV Europe Music Awards සම්මාන උලෙළේ ජයග්‍රාහකයෝ

හොඳම ගීතය - ජස්ටින් බීබර් "Sorry"

හොඳම සංගීත වීඩියෝව - ද වීක්එන්ඩ් " Starboy"

හොඳම ගායිකාව - ලේඩි ගාගා

හොඳම ගායකයා - ෂෝන් මෙන්ඩස්

හොඳම නවක තරුව - සාරා ලාසන්

හොඳම පොප් තරුව - ෆිෆ්ත් හාමනි

හොඳම ඉලෙක්ට්‍රොනික් තරුව - මාටින් ගැරික්ස්

හොඳම රොක් තරුව - කෝල්ඩ්ප්ලේ

හොඳම හිප් හොප් තරුව - ඩ්‍රේක්

හොඳම සජීවීකරණය - ට්වෙන්ටි වන් පයිලට්ස්

වැඩිම රසික රසිකාවයන් සහිත තරුව - ජස්ටින් බීබර්

‍හොඳම සම්ප්‍රේක්ෂණය - ලේඩි ගාගා

ග්ලෝබල් අයිකන් සම්මානය - ග්‍රීන් ඩේ

 

- අනුෂි දන්තනාරායන

 

2016-11-10-ent-124
2016-11-10-ent-123
2016-11-10-ent-122
2016-11-10-ent-121
2016-11-10-ent-119
2016-11-10-ent-118
2016-11-10-ent-117
2016-11-10-ent-116
2016-11-10-ent-115