IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


Ki and Ka දිවයින පුරා

2016-04-01-ent-66ජනප්‍රිය බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ ආර්. බාල්කිගේ අලුත්ම සිනමා අධ්‍යක්ෂණය වන "කි ඇන්ඩ් කා" චිත්‍රපටය අද සිට (අප්‍රේල් 01වැනිදා) බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය. පළමු වතාවට බොලිවුඩ් සිනමා තිරයේ පෙම්වතුන් ලෙස කරීනා කපූර් හා අර්ජුන් කපූර් දෙදෙනා මෙහි පෙනි සිටීම විශේෂත්වයකි. එමෙන්ම 35 වැනි වියෙහි පසුව කරීනා, 29 වැනි වියෙහි පසුවන අර්ජූන් කපූර්ගේ පෙම්වතිය ලෙස චරිත නිරූපණය කිරීම විශේෂත්වයකි. නැදෑකමින් අර්ජූන් කරීනාගේ පුතෙකුද වේ.

කරීනා හා අර්ජුන් දෙදෙනාට අමතරව, අමිතාබ් බච්චන් හා ඡායා බච්චන් දෙදෙනා මෙහි ආරාධිත චරිත සඳහා රංගනයෙන් එක්ව සිටිති. යොවුන් වියෙහි පසුවන තරුණ යුවළක් සිය විවාහයට පෙර හා පසුව මුහුණ දෙන ගැටලු කිහිපයක් පිළිබඳව මෙහි කතා තේමාව ගේති ඇත. හාස්‍යමය චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සිදුකර ඇත්තේ පසුගිය වසරේ ජූලි මාසයේදී බව සඳහන් වේ. අඩු නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය, මේ වසරේ සාර්ථක චිත්‍රපට ගොන්නට එක්වනු ඇතැයි බොහෝ සිනමා විචාරකයන්ගේ අදහස වී ඇත. එහෙත්, කරීනා කපූර් අවසන් වරට ප්‍රධාන චරිත නිරූපණය කළ "බජිරංගි බහිජාන්" මෙන්ම "සිගාම් රිටන්ස්" චිත්‍රපට ඉහළ ආදායමක් උපයාගත්තද අර්ජුන් පසුගිය වසරේ රඟපෑ එකම චිත්‍රපටය වූ "තේවාර්" සිය වියදම් මුදලද උපයා ගැනීමට නොහැකි විය. මෙය දිවයින පුරා ඇතැම් සිනමාහල් වල තිරගතවෙයි.

 

 



අදහස් (0)

Ki and Ka දිවයින පුරා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site