නම ඉංග්‍රීසියෙන් යොදලා තිබුනට, හදලා තියෙන්නෙ දෙමළ අධ්‍යක්ෂකවරයෙක් වුනාට මේක ඕනම භාෂාවක් පාවිච්චි කරන මනුස්සයෙකුට රසවිඳින්නට හැකි කෙටි චිත්‍රපටයක් ලෙස දක්වන්නට පුළුවන්. එහි කියන්නේ එක් කතාවයි. ඒ එහි නමේ එන පිහිය නම් වූ උපාංගය මිනිසාට ප්‍රෙයා්ජනවත් දෙයට සහ හානිකර දෙයට යන දෙකටම භාවිතා වන බව කියන සරළ සත්‍යයි. එලෙසින්ම ඔබඑය නරඹන්නා ලෙස තේරුම් ගත යුතු වන්නේ එය පිහියකට පමණක් නොව මුවින් පිටවන වචනයක්, පෑනකින් ලියැවෙන අකුරක් ඇතුළු ඕනෑම දෙයකින් සිදුවිය හැක්කක් යන්නය. එය දැන සිටීම ජීවිතය ඉදිරියට ගෙන යන්නට සහ සමාජයට හරිහැටි උපයෝගී මිනිසෙකු වන්නට උදවුවක් වනු ඇත. මේ පිළිබඳ එහි අධ්‍යක්ෂඛ ජුලියන් ආනන්දරමනන් කියන කතාව මෙයයි.
මේක මම විඳපු අත්දැකීමක්. මම මේක හැදුවේ 2008 විතර. මිනිස්සු සිංහල, මුස්ලිම්, දෙමළ කියලා වෙන්කරගෙනයි බලන්නෙ. මම හදන්නෙ මේක එහෙම බලන්න එපා කියන්නයි. පිහිය කියන දෙයින් මස් කපන්න පුළුවන්, මාළු කපන්න පුළුවන්, ගස් කපන්න පුළුවන්, කොන්ඩෙ කපන්න පුළුවන්, මිනිස්සු කපන්න පුළුවන්. ඒක හොඳ හෝ නරක විදියට පාවිච්චි කරන එක මිනිසා විසින් තීරණය කරන දෙයක්. මගේ මේ කතාව මම අත්විඳපු දෙයක් නිර්මාණාත්මක සහ යම් අභ්‍යන්තරයක් සහිතව ඉදිරිපත් කරන්නයි උත්සාහ කළේ.
ඔහුගේ නිර්මාණය පාට කණ්නාඩි ගලවා බලන්නට කෙරෙන ආරාධනයක්ද මේ සමගින් වෙනවා.
රංගනය
කැමරා අධ්‍යක්ෂණය
සහය අධ්‍යක්ෂණය
සංස්කරණය
තිර පිටපත සහ අධ්‍යක්ෂණය
රචින්ත ජයවර්ධන
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
KNIVES by Julian Anantharamanan