IMG-LOGO

Jason Bourne යළි කරළියට

2016-07-29-ent-14

2016-07-29-ent-13නිර්මාණයකොට 2002 වර්ෂයේ සිට එළිදැක්වුණු ක්‍රියාදාම සහ රහස් පරීක්ෂක %බෝන්^ සිනමාපට මාලාවේ පස්වැනි නිර්මාණයද මේ වන විට එළිදැක්වීමට සූදානමින් පසුවේ. "Jason Bourne "(ජේසන් බෝන්) නම් වූ මෙම සිනමාපටයේ මංගල දර්ශනය පසුගිය ජූලි 11 දිනයේ ලන්ඩනයේ පැවැති අතර, හෙට දිනයේ සිට (29 වැනිදා) ඇමරිකාවේ මෙන්ම ලොව පුරා රටවල් ගණනාවක මෙම චිත්‍රපටය තිරගත වීමට නියමිතය. 2002 දී ඩෝග් ලිමාන් අධ්‍යක්ෂණය කළ "The Bourne Identity" , 2004 දී සහ 2007 වර්ෂයන්හි පෝල් ග්‍රීන්ග්‍රාස් අධ්‍යක්ෂණය කළ "The Bourne Supremacy" සහ "The Bourne Ultimatum"ද, 2012 දී ටෝනි ගිල්රෝයි අධ්‍යක්ෂණය කළ "The Bourne Legacy" ආදී වශයෙන් ජේසන් බෝන් සිනමාපට මාලාව විකාශය වී තිබේ.

මෙවර නිර්මාණයද පසුගිය දෙවැනි සහ තෙවැනි නිර්මාණ ද්විත්වය මෙන්ම පාවුල් ග්‍රීන්ග්‍රාස් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ අතර, මෙහි තිර රචනයද ග්‍රීන්ග්‍රාස් සහ එහි කර්තෘ ක්‍රිස්ටෝපර් රවුස් විසින් සිදුකර තිබේ. මෙවරද සුපුරුදු පරිදි ප්‍රධාන චරිතය වන ජේසන් බෝන් චරිතයට %මැට් ඩැමන්^ පණ පොවන අතර, ටොමී ලී ජෝන්ස්, ඇලීසියා විකැන්ඩර්, වින්සන්ට් කැසෙල්, ජුලියා ස්ටයිල්ස්, රීසා අහමඩ් සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙයි.

"The Bourne Ultimatum" හි අවසානයත් සමග වසර කීපයක් අතුරුදන්ව සිටි ජේසන් බෝන් බලාපොරොත්තු නොවූ ලෙස නැවතත් මතුවේ. නමුත් ඒ වන විට ලෝකය අස්ථායී බවකට මුහුණ දී සිටී. මෙහිදී ලෝකය මුහුණ පා ඇති තර්ජනය සඟවා සියල්ල යට ගැසීමට ක්‍රියාත්මක වන ඔත්තු සේවාවන් ගෙන් සිදුවන අන්තරාවට එරෙහි වීම සඳහා ජේසන්ට ඉදිරිපත් වීමට සිදුවෙයි. එසේම ඔහු සැබවින්ම ඔහුගේ අතීතය පිළිබඳ සත්‍යයන් අනාවරණය කරගැනීමටද උත්සුක වෙයි. මෙම කර්තව්‍යයන් උදෙසා ජේසන් බෝන් හට කිරීමට සිදුවන වික්‍රමාන්විත ක්‍රියාදාමයන් ඔස්සේ දිවෙන මෙම සිනමාපටයේ ඔහුගේ ජවසම්පන්න ක්‍රියාදාම රංගනය, ක්‍රියාදාම සිනමාපට පිපාසයෙන් පෙළෙන්නන්ගේ මනදොළ පිනවන්නට සමත් වී තිබේ. ඒ බැව් මේ වන විටත් නිකුත් වී ඇති එහි පූර්ව ප්‍රචාරකපටය නැරඹීමෙන්ම මනාව පිළිබිඹු වෙයි.

ඉංග්‍රීසි බසින් නිර්මාණය වී ඇති මෙම සිනමා නිර්මාණය ඇ.ඩො මිලියන 120ක් වැයකොට නිර්මාණය කර ඇති අතර, මිනිත්තු 123ක පමණ කාල පරාසයක් ඔස්සේ දිවෙයි.

 

අනුෂි දන්තනාරායන

 

2016-07-29-ent-15



අදහස් (0)

Jason Bourne යළි කරළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 361 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 527 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site