IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


International Miss World තරඟයට පිටත්ව යන හර්ෂි

2016-06-27-ent-62

2012 වසරේදී නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි හර්ෂි එළඹෙන ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකාවේ "මියාම් නගරයට" පිටත්ව යාමට නියමිතව ඇත. ඒ "ඉන්ටර්නැෂනල් මිස් වර්ල්ඩ්" රූපරාජිනි තරගය සඳහාය. රටවල් රැසක තරගකාරියන් බොහෝ ප්‍රමාණයක් ඉදිරිපත් වන මෙම තරගය පිළිබඳව අපට හර්ෂි මෙලෙස පැවසුවාය.

 

මෙම තරගය ගැන මුලින්ම අපි කතාකරමු?

2016-06-27-ent-61ඔක්තෝබර් මාසයේ ඇමෙරිකාවේ මියාම් නගරයේ තමයි මේ තරගය පැවැත්වෙන්නේ. "ඉන්ටර්නැෂනල් මිස් වර්ල්ඩ්" කියන තරගය සඳහා තමයි දායක වෙන්නේ. ඔක්තෝබර් මාසයේ මේ තරගය පැවැත්වුණත් මම ලබන අගෝස්තුවේදී පිටත්වෙනවා එහි පුහුණුවීම් කටයුතු සඳහා. මේ තරගයට ශ්‍රී ලංකාව සමගින් රටවල් බොහෝ ප්‍රමාණයක තරගකාරිනියන් සහභාගී වෙනවා. මේක මගේ පළමු ජාත්‍යන්තර රූපරාජිනී තරගාවලිය. ඉතින් මේ වගේ ලෝක මට්ටමින් පැවැත්වෙන තරගාවලියකට මගේ මවු රට නියෝජනය කරමින් ඉදිරිපත් වෙන්න ලැබුණ එක මට ලොකු සතුටක්. මගේ බලාපොරොත්තුව තමයි මේ තරගයෙන් යම් ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට ලබාදීම.

 

මේ සඳහා අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මේ ජාත්‍යන්තර තරගය සඳහා මට අවස්ථාව ලැබෙන්නේ ක්‍රිෂ් රාජේන්ද්‍ර කියන එන්ටර්ටේන්ට්මන්ට් ආයතනය හරහායි. ඒ ආයතනයත් එක්ක මම වැඩ කරලා තියෙනවා. ඒ නිසා තමයි මට ඒ අය අවස්ථාව ලබා දුන්නේ.

 

ක්ෂේත්‍රයට අවතීර්ණය ගැන කිව්වොත්?

මට නිරූපණ ක්ෂේත්‍රයට එන්න අවස්ථාව හම්බ වුණේ 2012 වර්ෂයේ පැවති සිරස කුමරිය තරගය හරහායි. එහිදී අවසාන තරගකාරිනියන් 06 දෙනා දක්වා ඒමට අවස්ථාව ලැබුණා.

 

ඉන්පසුව ක්ෂේත්‍රය තුළ දායක වූ වැඩ කිව්වොත්?

සිරස කුමරිය තරගයෙන් පස්සෙ "චැනල් සී" නාළිකාවේ නිවේදිකාවක් විදිහට වැඩකටයුතු කළා. ඊට අමතරව මියුසික් වීඩියෝ 05ක් සඳහා දායක වුණා. ඒ අතරින් ගොඩක්ම ජනප්‍රිය වුණේ "සිරස සුපර් ස්ටාර්" තරගයෙන් ගායන ක්ෂේත්‍රයට ආපු ගාමිණී සුසිරිවර්ධනගේ "දන්නවාද මං දුකින්" කියන රූප රචනාවයි. හිරු රූපවාහිනී නාළිකාවේ විකාශය වෙන "ආටක නාටක" හාස්‍යමය ටෙලිනාට්‍යයටත්, ජාතික රූපවාහිනී නාළිකාවේ විකාශය වෙන "සබ්බ සකලා මනා" ටෙලිනාට්‍යයටත්, TVC හා මැලිබන් වගේ ජනප්‍රිය වෙළෙඳ දැන්වීම්වලටත් මම දැනට සහභාගී වෙලා තියෙනවා.

 

ඔබ නිරූපිකාවක්ද? රංගන ශිල්පිනියෙක්ද නැතිනම් නිවේදිකාවක්ද?

මම දැනට නිරූපිකාවක් විදිහට කටයුතු කරන අතරේ රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට මගේම සැලුන් එකක් කරගෙන යනවා.

 

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මම ගොඩක් ආස කරන්නේ රංගනය සහ නිරූපණය පැත්තෙන් ඉදිරියට යන්න.

 

ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?

මට ගොඩක් දුර එන්න ලැබිලා නැහැ. නමුත් සාමාන්‍ය තරමින් හරි ඉදිරියට එන්න පුළුවන් වුණ එක ගැන ගොඩක් සතුටුයි. මොකද ජාත්‍යන්තර තරගයක් සඳහාත් දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙන නිසා.

 

නිරූපණය, රංගනය කියන්නේ පොඩි කාලේ ඉඳන්ම තිබුණ හීනයක්ද?

මම පොඩි කාලේ ඉඳන්ම ෆැෂන් කරන්න ආසයි. පොඩි කාලේ ඉඳන්ම තිබුණු හීනයක් තමයි නිරූපණය සහ රංගනය කියන්නේ. ඉතිං අද මම නිරූපණය පැත්තෙන් ගොඩාක් දුර ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම රංගනය හදාරමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

 

දෙමාපියන්ගෙන් අකමැත්තක් තිබුණේ නැද්ද නිරූපණයට සහ රංගනයට එනවට?

මුලින්ම කැමැත්තක් තිබුණේ නැහැ. මොකද ඒ අය රජයේ රැකියා කරන දෙන්නෙක් නිසා. නමුත් දැන් ඒ අයත් මට උදව් කරනවා. ඇත්තටම මට මේ ගමන එන්න මගේ අම්මා සහ මගේ යා‍ළුවෝ තමයි ගොඩක් උදව් කළේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - චාමර ලක්රුවන් රණසිංහ 

 

2016-06-27-ent-67
2016-06-27-ent-66
2016-06-27-ent-65
2016-06-27-ent-64
2016-06-27-ent-63
2016-06-27-ent-60

 



අදහස් (0)

International Miss World තරඟයට පිටත්ව යන හර්ෂි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 573 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 328 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site