ලොව ප්‍රමුඛතම අන්තර්ජාල රූපවාහිනි සේවාව වන "iflix" මේ වනවිට නව හින්දි හා දෙමළ චිත්‍රපට හා රූපවාහිනි වැඩසටහන් රැසක් තම වැඩසටන් එකතුවට එක්කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මෙතෙක් රසවිඳි හොලිවුඩ් වැඩසටහන් සහ අනෙකුත් ජනප්‍රිය වැඩසටහන් රාශියට අමතරව අද පටන් නව හින්දි හා දෙමළ චිත්‍රපට පෙළක් රසවිඳීමේ හැකියාව පාරිභෝගිකයන්ට උදාවනු ඇත.
මෙසේ අලුතින් එක්වන චිත්‍රපට අතරට "Chennai Express", "PK", "Barfi", "I hate Luv Storys", "Race", "Race 2", "Haider" ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රාශියක් ඇතුළත් වී තිබේ. ඉදිරියේදී සිංහල වැඩසටහන් පෙළක්ද මෙම සේවාවට ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇති අතර, විශිෂ්ටතම මට්ටමේ රසාස්වාද වැඩසටහන් දිවයින පුරාම වෙසෙන ප්‍රේක්ෂකයන් වෙත සමීප කරවීම "iflix" හි ඉලක්කය වී තිබේ. මේ වනවිටත් හින්දි වැඩසටහන් රාශියකට සිංහල උප සිරැසි යොදා විකාශය කිරීමටද "iflix" පියවර ගෙන ඇත.
"ලොව ජනප්‍රියම රූපවාහිනි සහ චිත්‍රපට දස දහස් ගණනකින් සමන්විත අපගේ වැඩසටහන් එකතුව අතරට මෙසේ නව හින්දි සහ දෙමළ වැඩසටහන් පෙළක් ඇතුළත් කිරීමට ලැබීම අපට මහත් සතුටක්. මේ වනවිට අපේ වැඩසටහන් එකතුව අතරට හොලිවුඩ් චිත්‍රපට, ටෙලිනාට්‍ය, සම්මාන දිනූ වාර්තා වැඩසටහන් සහ රියලිටි වැඩසටහන් ඇතුළු වැඩසටහන් රාශියක් ඇතුළත් වී තිබෙනවා. ඒ නිසා තමන්ගේ රුචිකත්වය කුමක් වුවත් ඕනෑම කෙනෙකුට "iflix" සේවාව සිත් සේ රසවිඳින්නට පුළුවන්* ශ්‍රී ලංකාවේ "ifilix" කළමනාකරු ෆිරාස් මාකර් මහතා පැවසීය.
දින තිහක කාලයක් නොමිලයේ ලබාදෙන මෙම සේවාව ඉන්පසු මසකට රුපියල් 499ක මිලකට ලබාගත හැක. ඒ වෙනුවෙන් www.iflix.com හෝ iflix ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් යෙදුම බාගත කරගත හැක.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd