
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන දෙවන ණය වාරිකය නිදහස් කිරීම දෙසැම්බර් මාසය වන විට සිදුවනු ඇතැයි විශ්වාස කරන බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
2024 සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අයවැය කෙටි කාලීන ලාභ අපේක්ෂාවලින් තොර කඩා වැටුණු ජාතික ආර්ථිකය ගොඩ නැගීමේ දිගු කාලීන වැඩපිළිවෙලක ආරම්භයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදලට වඩා අපට වැදගත් වන්නේ ඒ හරහා අනෙකුත් ණය දෙන්නන් අප කෙරෙහි තබන විශ්වාසයයි. ඒ හරහා වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කිරීමේ අවස්ථාව අපට හිමි වනවා. ඒ වගේම අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කරගත් පසු රටේ ඇනහිට ඇති සියලුම සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමට හැකි බවද සඳහන් කළ යුතුයි"

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණයක් ලැබෙනවා කියලා මුන්දෑ උඩ පනින්නේ හරියට කකුළුවා වතුර රත්වෙන තුරු දිය කෙළියේ ඉන්නවා වගෙයි... තවත් අවුරුදු විස්සකට පස්සේ බිලියන දහස් ගණනක් ලෝකයාගෙන් ගත්තු ණය ගෙවන්න වෙනවා එතකොට අපිත් නැහැ... නුඹලාත් නැහැ... වර්තමානයේ තරුණ පරපුරේ අයත් මේ වනවිට සිටින ළදරුවන් හා උපදින්න සිටින දරුවන්ට ඉන්න හිටින්න තැනක්වත් නැතුව සදාකාලිකව ශාප කරාවි. ඒ නිසා රට තව තවත් ණයෙහි ගිල්ලා රට විනාශ කරන්න එපා...
සදහටම බලයේ ඉන්න තරම් වෙනත් සතුටක් නැතුව ඇති. පැන්ෂන් ගිහින් පිනක් දහමක් කරගෙන ඉන්න හිතක් පහළ වෙන්නෙම නෑනේ...!
ණය ගන්නවා විකුණන් කනවා. හරි සතුටු ඇති. රටට හෙන ගැහුවත් එයාලගේ සාක්කු පිරෙනවනේ..!